නමෝ බුද්ධාය!
මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරළ සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී ලෙස ධර්මය ඉදිරිපත් කිරීම නිසා මිහිරි ධර්මයේ රසය මිනිස් හදවත් තුළට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම, ත‍්‍රිපිටක ධර්මය ඇසුරු කරගනිමින් නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම ලබාදීමට කටයුතු කිරීම මහමෙව්නාවේ සුවිශේෂීම ලක්ෂණයයි. ඒ අනුව රට පුරා භාවනා කරන, ධර්මය ශ‍්‍රවණය කරන තරුණ පිරිසක් බිහිවුණා. ධර්මයට ලැදි, සිල් රකින දරු පිරිසක් බිහිවුණා. මේ දෙපිරිසම සමඟින්, ගෞතම බුදු සමිඳුන් විසින් මේ ලෝකයට හඬ ගා කියන ලද, එම ඒකායන ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වෙනුවෙන් ධර්මයේ හැසිරෙන වැඩිහිටි පිරිසක් ද බිහිවුණා.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වන විට, 600 කට අධික තරුණ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ද, හැත්තෑ පහකට අධික තරුණ සිල් මෑණිවරු පිරිසක් ද, ලක්ෂ සංඛ්‍යාත ගිහි ශ‍්‍රාවක පිරිසක් ද, දේශීය සහ විදේශීය ශාඛා මධ්‍යස්ථාන 40 කට අධික ප‍්‍රමාණයක්ද දොළොස් වසරක් වැනි මෙම කෙටි කාලය තුළ දී බිහිවුණා.
දේශීය අසපු ශාඛා ව්‍යප්තිය
පොල්ගහවෙල, මාතර-අපරැක්ක, කඩුවෙල, මාළඹේ, කුණ්ඩසාලය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොණරාගල, කතරගම, ඉබ්බාගමුව, මඩවල උල්පත, රත්තොට, සිරිපාගම, එරත්න, බලංගොඩ, සූරියවැව, වළස්මුල්ල, පොල්පිතිගම, ගල්නෑව, ආණමඩුව, හොරණ, පොතුහැර, සේරුපිට, හුණුමුල්ල, සඳලංකාව, නිට්ටඹුව, මහව, ගාල්ල, බුත්තල, වැලිමඩ, බුලත්සිංහල, කන්තලේ, මෙන්ම හලාවත-කොච්චිකඬේ යන ස්ථානයන්හී ද දේශීය අසපු ශාඛා ස්ථාපිත වී තිබෙනවා.
මහමෙව්නාව අසපු මූලස්ථානය පොල්ගහවෙල පිහිටා ඇති අතර, එය ශ‍්‍රී සම්බුද්ධ රාජ මාළිගාව නම් වු අසදෘෂ විහාර මන්දිරයකින්ද, සිරි ගෞතම බෝධි මණ්ඩපයකින් හා සුන්දර සිරි ගෞතම දම්සක් මහා සෑයෙන් සුන්දර වී තියෙනවා. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ භික්ෂු පුහුණු මධ්‍යස්ථානය මාතර අපරැක්ක මහමෙව්නාව මහා විහාරය කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වෙනවා.
මීට අමතරව දඹදෙනිය, වරකාපොළ, මාවතගම, අනුරාධපුරය, උඩුපිල, කඩුගන්නාව යන ස්ථානයන්හි මහමෙව්නාව අනගාරිකා අසපු බිහිවී තියෙනවා.
ඒ අනුව රට පුරා බොහෝ පළාත් ආවරණය පරිදි විහිදී ඇති මහමෙව්නාව භාවනා අසපු නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සැලසී තිබෙන්නේ ඉමහත් වාසනාවක්. මේ වන විට මෙම බොහෝ අසපු ශාඛාවන් තුළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා, සුන්දර චෛත්‍ය රාජයාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වැඩසිටිනවා.
විදේශීය දහම් ප‍්‍රචාරය
එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, ඩුබායි සහ ජර්මනිය යන විදේශ රටවල් තුළ ද මහමෙව්නාව භාවනා අසපු පිහිටා තිබෙනවා. එමෙන්ම තව බොහෝ රටවලද ධර්ම ප‍්‍රචාරක කටයුතු සිදුවෙනවා.
බොහෝ බෞද්ධ රටවල්වල සහභාගීත්වයෙන් ඉංදියාවේ බුද්ධගයා පුණ්‍ය භූමියේදී පැවැත් වූ ත‍්‍රිපිටක සජ්ඣායනාවට 2006, 2007, 2008 යන වසරවල ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මහමෙව්නාව භාවනා අසපුවයි.
ගිහි උපාසක පින්වතුන් සඳහා නේවාසිකව බණ භාවනා ප‍්‍රගුණ කරගැනීමට පහසුවක් සලසමින් ගිහි සති භාවනා මධ්‍යස්ථානද පිහිටා තියෙනවා. උපාසක පින්වතුන් සඳහා තඹකන්ද, භාවනා කන්ද සති භාවනා මධ්‍යස්ථානයද, උපාසිකාවන් සඳහා මුතුගල අනගාරිකා අසපුව ඒ සඳහා වෙන්වී තිබෙනවා.
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යටතේ පැවිදි වූ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ද දිවයින පුරා විසිරී පවතින මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථාන වල භාවනා වැඩසටහන් සිදුකරනු ලබනවා. එමෙන්ම රට පුරා බොහෝ විහාරස්ථාන වලද වැඩසටහන් සිදුවෙනවා. මේ සියලූ වැඩසටහන් වලට ඉතා විශාල සැදැහැවතුන් පිරිසක් ධර්මශ‍්‍රවණය පිණිස ඒකරාශී වෙනවා. පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත් වන, භාවනා වැඩසටහන් වලට ඇතැම් දිනවල, 15000 කට අධික පිරිසක් ද සහභාගී වන අවස්ථා තිබෙනවා.
සුවිශේෂී වන්දනා
මීට වසර හතකට පමණ ඉහතදී ස්වර්ණමාලී සෑ අභියස පැවැත් වූ වෙසක් සීල භාවනා වැඩසටහන සඳහා ලක්ෂයකට අධික ජනකායක් සහභාගී වී සිටි අතර, ඉන් පසු ගත වූ වසර කිහිපය තුළ ඒ ශ‍්‍රාවක පිරිසේ සීඝ‍්‍ර වැඩිවීමක් සිද්ධ වුණා. 2008 වසරේ අනුරාධපුරයේ ස්වර්ණමාලි සෑ මළුවේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත් වූ ”අසිරිමත් ස්වර්ණමාලී මහ සෑ වන්දනාව” සහ ධර්ම දේශනාමය පින්කම සඳහා ලක්ෂ එකොළහක පමණ සැදැහැවතුන් පිරිසක් රාත‍්‍රිය පුරා සහභාගී වී සිටියා. එය මෑත ඉතිහාසයේ සිරිලක සෑ වන්දනාවකට එක දිගට රැඳී සිටි විශාලතම ජනකාය ද වේ.
එමෙන්ම පසුගිය 2010 වසරේද පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත් වූ ”බුදුරැස් විහිදෙන සෝමාවතී මහ සෑ වන්දනාවටද” ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වුණා.
සදහම් ප‍්‍රකාශන
මේ වන විට පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් උතුම් බුද්ධ දේශනා අනුසාරයෙන් සරළ සිංහලෙන් ලියන ලද පොත් පත් 90 ක් පමණ ප‍්‍රකාශයට පත් වී තිබෙනවා. එමෙන්ම පාළි සූත‍්‍ර පිටකය උන්වහන්සේ විසින් ම සැමට තේරුම් යන පරිද්දෙන් සරළ සිංහලට පරිවර්තනය කොට ඇති අතර, මේ වන විට සූත‍්‍ර පිටක පොත් එකොළහක් ප‍්‍රකාශයට පත්ව තිබෙනවා.
බුදුරජුන් වදාළ ඉමිහිරි ‘ධම්ම පදය’ අට්ඨකතානුසාරයෙන් සුමධුර භාෂා ශෛලියක් උපයෝගී කරගනිමින් උන්වහන්සේ විසින් ලියූ ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ පොත් පෙළ ලොකු කුඩා කාගේත් දහම් රස නහර පිනවන මිහිරි දිව ඔසුවක් වැනිය.
මීට අමතරව උන්වහන්සේගේ ධර්ම දේශනා තැන්පත් කැසට් පටි සහ සීඞී තැටි වර්ග සිය ගණනක් හරහා ඒ සුමධුර දෙසුම් තව තවත් සැදැහැවතුන්ගේ පිපාසිත හදවත් තුළට අමා වැස්සක් සේ ඇද හැළීමට ඉඩ සළසා දී තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන හදවත් තුළට ධර්මය රැගෙන යාමේ අරමුණින් ප‍්‍රකාශයට පත්වන ගුණ නැණ සපිරි සාර සංග‍්‍රහය ‘මහාමේඝ’ පුවත්පතද මහමෙව්නාවෙන් පිරිනැමෙන සමාජ සත්කාරයක්. එමෙන්ම අන්තර්ජාතික වශයෙන් ධර්ම ප‍්‍රචාරය කිරීමේ අරමුණින් වෙබ් අඩවියක්ද, සජීවී අන්තර්ජාල විකාශයන්ද ක‍්‍රියාත්මකයි.
සමාජ සත්කාරයන්
මහමෙව්නාව මුල්කරගෙන බොහෝ සමාජ සත්කාරයන් සිදුවෙන අතර, මහමෙව්නාව සුවසේවා ව්‍යාපෘතිය, හැපි ග‍්‍රීන්ස් සංවිධානය ප‍්‍රධාන වේ. රත්නපුර ජාතික රෝහල් පරිශ‍්‍රය තුළ අභිනවයෙන් ඉදිවූ ‘ළමා හා මාතෘ වාට්ටු සංකීර්ණය’ මෙන්ම ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ තවත් පින්කම් බොහෝමයකි.




Recently my Aunty passed away, she studied buddhism from shardda tv. she lived according to dhamma.she gave arms giving every other week
This is the real story, about one month before her death, she saw a fairy above the coconut tree, she showed it to her daughter and little 1 year old her grand daughter.her daughter didnt see anything. but she told little baby was eagerly looked above the coconut tree,and smiled , My auntie had told to her daughter that fairy was very pretty .
Mahamewunawa Deveni Budun we
This is an extraordinary work of LOKU SWAMEEN WAHANSE
_/!\__/!\__/!\_ Namo buddhaya…!!!
Apa Gawuthama Budun Wahansege mihiri wu e ama dharmaya apa hata penwa dunnu pine mahimayen apage pinwath loku swamin wahanseta itha ikmanin me chathurarya sathya dharmaya awabodha wi niwan mahaga paminimata hakiwethwa.
Sadu Sadu Sadu
Namo Buddhaya!