අසිරිමත් කළ්‍යාණී මහා සෑ වන්දනාව
200 Photos
ශ්‍රී සම්බුද්ධ ශාසනයටත් ලක් දෙරණටත් සෙත් පතා, කැළණිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ, “අසිරිමත් කල්‍යාණී මහා සෑ වන්දනාව“ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන්, 2012-03-17 දින, ඓතිහාසික කැළණිය සෑ රජුන් අභියස පැවැත්විණි.
විදුලි ආලෝකයෙන් ද පහන් ආලෝකයෙන් ද සෑ රජුන් ආලෝකමත් කොට, සුවඳ දුමින් ද නානා සුවඳ මලින් ද ගවසා, විවිධ පූජාද්‍රව්‍ය පූජා කොට සිදු කරන්නට යෙදුනු මේ උතුම් පුණ්‍ය කර්මය සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා.!!! අමා නිවනින් සැනසෙත්වා!!!
මහා ඛීණාසව මහාකස්සප මහාථේරාභිවන්දනා
122 Photos
මහා ඛීණාසව මහාකස්සප මහරහතුන් වහන්සේ ගේ දළදා වහන්සේ නිදන් කොට තැනවූ, බෙන්තර ගලපාත රාජමහා විහායේ සෑ රජුන් අභියස 2011-01-29 වැනි දා පැවති අසිරිමත් වන්දනාවේ සොදුරු දසුන්..
අනුබුදු මහාකස්සප මහරහතුන් වහන්සේ ගේ මහා ගුණ කඳ සිහි කරමින්, පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු මේ මහා පුණ්‍ය කර්මය සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා..!!!වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා..!!!
අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනාව 2012-04-21
96 Photos
ශ්‍රීසම්බුද්ධ ශාසනයටත්, ලක් දෙරණටත් සෙත් පතා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් 2012 බක් මස 21 වැනි දා සවස 06 සිට රාත්‍රී 09 දක්වා අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනාව පැවැත්විනි. ඓතිහාසික අනුරපුරයේ අසදිස ස්වර්ණමාලී මහා සෑ රජුන් මලින් සරසා සුවඳ දුමින් ගවසා නානාවිධ පූජා ද්‍රව්‍යයන් ගෙන් උපහාර දක්වා පවත්වන ලද මේ අසිරිමත් සෑ වන්දනාවට විශාල සැදැහැවතුන් පිරිසක් ද සහභාගී විය. මේ උතුම් සෑ වන්දනාව සංවිධානය කරනු ලැබූයේ කේතුමතී දඹදිව වන්දනා චාරිකා සංවිධානයේ මූලිකත්වයෙනි.
අප ගේ භාග්‍යවතුන් වහන්සේ ගේ ද්‍රොණයක් පමණ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තනවා ඇදි අසදිස ස්වර්ණමාලී මහා සෑරජුන් වන්දනා කිරීමෙන් රැස් කළ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා!!! සදා සැනසිල්ල ලබත්වා..!!!
බුදු රැස් විහිදෙන සෝමාවතිය මහා සෑ වන්දනාව
264 Photos
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩසිටින සෝමාවතිය මහා සෑ රජුන් අභියස 2010 මැයි මස 08 වෙනිදා රැය පහන් වනතුරු පැවති මහා වන්දනාමය පිංකමේ සොඳුරු දසුන් පෙළ….
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙය වූ මෙම මහා සෑ වන්දනාවට දිවයිනේ නොයෙක් දෙසින් මහා සංඝරත්නය සහ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් සහභාගී වූ අතර, මෙම මහා සෑ වන්දනාවෙන් අපමණ පින්ඵල නෙලාගන්නට වාසනාව උදාකරගත්හ. භාග්‍යවතුන් වහන්සේගේ දකුණු ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැඩසිටින බුදුරැස් විහිදෙන අසිරිමත් සෝමාවතිය මහා සෑ වන්දනාවෙන් රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…!!!
අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ වන්දනාව
60 Photos
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා දරා වැඩසිටින, අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ රජුන් අභියසදී, 2008 පෙබරවාරි මස 02 වැනි දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්, ලක්ෂ 10ක ට අධික සැදැහැවත් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති අසදෘශ පින්කම් මාලාව, රටට ආශීර්වාදයක් වෙමින් එදින රැය පහන්වන තුරාවටම පැවැත්විණි.
චෛත්‍ය රාජයාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයට විදුලි බුබුළු වලින් ආලෝකමත් කරමින්, ෂඩ් වර්‍ණ බෞද්ධ ධජයන්ගෙන් පේසාවලලු සරසවමින්, ලක්ෂ සංඛ්‍යාත සුවද මලින්, සුවද දුමින් පුදමින්…. සිදුකෙරුනු මෙම උතුම් බුද්ධ වන්දනාව, චෛත්‍ය වන්දනා, පිරිත් සජ්ඣායනා, ධර්ම දේශනා, කිරිපිඩු සම්බුද්ධ පූජාව ඇතුළු නොයෙකුත් පින්කම් වලින් සමන්විත විය. ස්වර්ණමාලි මහා සෑ රජුන් අභියස පවත්වන ලද මෙම බුද්ධාභිවන්දනාමය පින්කමෙන් රැස්වූ සියලු පින් ඔබ සියළුදෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා…!










