නිහඬ හුදෙකලා පරිසරයක පිහිටා ඇති හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලද්දේ 2003 වසරේ දී ය. අඩි 7 1/2 ක් උසැති සමාධි මුද්‍රාවෙන් වැඩසිටින සුන්දර සෙල් පිළිම වහන්සේ නමක් ද බෝධී ප‍්‍රාකරයකින් ද, ධර්මශාලාවක් සහ පින්වත් ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීම පිණිස ඉදිවූ කුටි පහසුකම් වලින් ද සමන්විත මෙම අසපුව කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ සදහම් ප්‍රචාරක කටයුතු සිදු කෙරේ.
අසපුවට පිවිසිය හැකි ආකාරය - දිවුලපිටිය නගරය » මරඳගහමුල හන්දිය » බඩල්ගම පාර (කි.මී. 2) » හුණුමුල්ල අසපුව
෴ භාවනා වැඩසටහන් පැවැත්වෙන දිනයන්
- පෝදා දම් සභාව:- පෙ.ව. 6.00 සිට පසුදා පහන් වනතුරු
- මාසික වැඩසටහන:- සෑම මසකම තුන්වෙනි සතියේ ඉරිදා දින පෙ.ව. 8.00 සිට ප.ව 4.00 දක්වා
- යොවුන් සීල භාවනා වැඩසටහන:- සෑම මසකම හතරවෙනි සතියේ ඉරිදා දින පෙ.ව. 8.00 සිට පෙ.ව. 11.00 දක්වා
- ළමා වැඩසටහන:- සෑම පෝය දිනකම පෙ.ව. 8.00 සිට ප.ව 3.00 දක්වා
- බෝධි වන්දනාව:- සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.30 සිට 7.00 දක්වා
ලිපිනය
මහමෙව්නාව භාවනා අසපුව,
බඩල්ගම පාර,
හුණුමුල්ල.
(11262)
දුරකතන අංකය
+94 31 4 936 014
