මහමෙව්නාව භාවනා අසපුවේ පොල්පිතිගම ශාඛාව ආරම්භ වූයේ 2004. 10. 21 දින දී ය. හුදෙකලා ගම්බද පරිසරයක කුඩා කඳු ගැටයක් ඇසුරු කරගෙන පවතින මෙම සුන්දර අසපුවෙහි ද ගල්ලෙන් තුළ ඉදිකෙරුණු කුටි ආදිය පිහිටා තිබේ. මනරම් බෝධි ප්‍රාකාරයක්, ධර්ම ශාලාවක් සහ පින්වත් ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට කුටි ආදියෙන් යුක්ත පොල්පිතිගම මහමෙව්නාව භාවනා අසපුව කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශයේ සැදැහැවත් ජනතාවට භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ලබා දීම උදෙසා සදහම් වැඩසටහන් ක්‍රියාත්මක වේ.
අසපුවට පිවිසිය හැකි ආකාරය - ඉබ්බාගමුව නගරය » මඩගල්ල පාර » පොල්පිතිගම » සීරලූගම අමුණුකොළ පාර » ලියනගම (මීටර් 500) » මහමෙව්නාව භාවනා අසපුව.
෴ භාවනා වැඩසටහන් පැවැත්වෙන දිනයන්
- පෝදා දම් සභාව:- පෙ.ව. 6.00 සිට පසුදා පහන් වන තුරු
- මාසික වැඩසටහන:- සෑම මසකම හතරවෙනි ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව 4.00 දක්වා පොල්පිතිගම ටී.බී. ඒකනායක ශ‍්‍රවණාගාර ශාලාවේදී
ලිපිනය
මහමෙව්නාව භාවනා අසපුව,
ලියනගම,
පොල්පිතිගම.
(60620)
දුරකතන අංකය
+94 37 4 942 741
