නමෝ බුද්ධාය...!

පරිත්‍යාග

මහමෙව්නාව සදහම් සේවාව සඳහා දැන් ඔබට ද
දායකත්වය ලබා දිය හැකියි.

        පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් අදහසකට අනුව පොල්ගහවෙල, වඩුවාවේ ස්ථාපිත වූ මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරගෙන යන ශාසනික සේවාවන් අතර මහමෙව්නාව සදහම් සේවාව මුල් තැනක් ගනී. ලොව පුරා විසිරී සිටින සුවහසක් සැහැදැවතුන් හට ගෞතම බුදුරජුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සරල බසින් තේරුම් ගැනීම පිණිස අන්තර්ජාලය හරහා වෙබ් අඩවියක් නිර්මාණය වූයේ එම මහමෙව්නාව සදහම් සේවාව තුළිනි. ඒ හරහා වසර ගණනාවක් තිස්සේ අද දක්වාම අමා දම් රස බෙදා දෙන්නට මහමෙව්නාවේ වෙබ් අඩවියට හැකිවිය.

        දෙස් – විදෙස් සැදැහැවතුන් හට දහම් පිපාසය සංසිඳුවා ගනු පිණිස සිදුකරගෙන යන මෙම ධර්ම දානමය කටයුතු වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දී උතුම් පුණ්‍යධර්මයන් රැස් කර ගැනීමේ අවස්ථාව දැන් ඔබට උදා වී තිබේ.මහමෙව්නාව අන්තර්ජාල සදහම් සේවාව සහ සදහම් ප්‍රකාශන කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික උපකරණ ලබාගැනීම, මෘදුකාංග ලබා ගැනීම සහ වෙබ් අඩවි නඩත්තු කිරීම් කටයුතු සඳහා වන බරපැන සපයා දීමෙන් ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය ලොව සිව් දෙස පැතිරවීම පිණිස ඔබට ද දායකත්වය ලබා දිය හැකියි.

මහමෙව්නාව සදහම් සේවාව සඳහා පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය


ගිණුමේ නම -
මහමෙව්නාව සදහම් සේවාව
ගිණුම් අංකය -
0095 6000 0011 
බැංකු ශාඛාව -
සම්පත් බැංකුව, ගිරිඋල්ල ශාඛාව


විමසීම්

මහමෙව්නාව සදහම් සේවාව 
මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල.

ඊ-මේල් : info@mahamevnawa.lk
දුරකථන : 0094 37 4 945 206

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේනම්, බැංකුවෙන් ලැබෙන රිසිට් (bank slip)  පතෙහි පිටපතක් අප වෙත ඊ මේල් මාර්ගයෙන් info@mahamevnawa.lk යන ඊ මේල් ලිපිනයට ලැබීමට සළස්වන්න. එම රිසිට් පත එවීමේදී ඔබගේ නම, දුරකථන අංකය සහ ඔබගේ පරිත්‍යාගය “අන්තර්ජාල සදහම් සේවාව සඳහා” බව පැහැදිළිව සටහන් කරන්න…

4 Comments
  1. Namo Buddhaya!

    If any body knows how to donate money from Canada to Mahamewnawa projects or any activity, please let me know. I don’t know how to donate money via E-banking (credit card)

    THERUWANSARANAI!

  2. නමෝ බුද්ධාය…!
    අන්තර්ජාල සදහම් සේවාව සඳහා E- Banking මඟින් මුදල් තැන්පත් කිරීමේදී එයට අදාල විස්තර ලබාදෙන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන්න…

    තෙරුවන් සරණයි…!

Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.