Mahamevnawa

රැස් කරනා පින එයි පසු පස්සේ…
පසුගිය ලිපිය හා සබැඳේ↓

3.2. පින අත්හැරියොත් ඒ අත්හළේ සැපයයි…

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

3.3. රැස් කරනා පින එයි පසු පස්සේ…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

මේඅපි මනුෂ්‍ය ලෝකයට ආවේ යම්කිසි පිනක උදව්වකින්. අපි සංසාරයේ කොහේ හරි ලෝකයක ජීවත්වෙලා ඉඳලා මැරුණා. මැරුණට පස්සේ අපේ විඤ්ඤාණය මව්කුසක් කරා ආවේ පුණ්‍ය විපාකයකින්. එහෙම නැතුව වෙන අමුතු ආනුභාවයකින් නෙවෙයි. එතකොට ඒ පුණ්‍ය විපාකයකින් තමයි මනුෂ්‍ය ලෝකයට ආවේ. මැරිලා විඤ්ඤාණය චුතවුණාම සමහරු ගිහිල්ලා උපදින්නේ තිරිසන් අපායේ. එතකොට කර්මානුරූපව කරන ලද පවක විපාකයක් මුල් වෙලා තමයි, විඤ්ඤාණය තිරිසන් මව්කුසට ඇදිලා යන්නේ. තවත් සමහර කෙනෙක් මෙහෙන් චුතවෙන කොට ඕපපාතිකවම පේ‍්‍රත ලෝකයේ උපදිනවා. තව සමහර කෙනෙක් මෙහෙන් චුතවෙන කොටම මැරිලා ගිහිල්ලා ඕපපාතිකවම නිරයේ උපදිනවා. තව සමහර කෙනෙක් මෙහෙන් චුතවෙන කොටම මැරිලා ගිහිල්ලා ඕපපාතිකවම දෙවියන් අතර උපදිනවා. අපි ගිය ආත්මයේ චුතවෙලා මිනිස් මව්කුසක උපන්නා. දැන් අපි මේ විඳින්නේ ඒකෙ විපාකනේ.

ඉතින් ඒ නිසා, ඒකෙදී අපි තේරුම් ගන්න ඕන, මේකෙ තියෙන්නේ අයිතිවාසිකම් කතා කර කර ඉන්න එකක් නෙවෙයි. මේකෙ තියෙන්නේ පින රැස්කිරීමක්. එතකොට තම තමන් පින රැස්කර ගන්න ක‍්‍රමය තම තමන් හොයා ගත්තාට පස්සේ ඒ අවස්ථාවේ පින රැස්කරනවා. තමන්ට කරගන්න බැරි පිනක් තව කෙනෙක් කළාම ඒකත් අනුමෝදන් වෙනවා. ඊළඟට විශේෂයෙන් මේ පිනට ලෝභ කිරීමෙත් අවාසියක් තියෙනවා.

ඒ කියන්නේ අපි කියමු කෙනෙක් යහපත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔන්න ගමේ ළිඳක් හදනවා. ඉතින් කවුරුහරි කෙනෙක් ඒකට තමන්ගේ ඉඩමේ වතුර තියෙන පැත්තකින් ඉඩම් කෑල්ලක් පූජා කරනවා. අනිත් අයට පුළුවන් වෙන්න ඕන, ඒක බලලා සතුටු වෙන්න. තව කෙනෙක් හිතනවා ‘මගේ ගානේ ගල් ගෙනත් දෙනවා’ කියලා. තව කෙනෙක් ‘මගේ ගානේ සිමෙන්ති ගෙනත් දෙනවා’ කියලා හිතනවා. ඔය අතරේ තව කෙනෙක් වෙනම ළිඳක් හදන්න හිතාගෙන ඉන්නවා. නමුත් එයාට ළිඳක් හදාගන්න බෑ. එතකොට එයා කළ යුත්තේ අර හදන ළිඳ දිහා බලලා සතුටට පත්වීමනේ. අනුන් කරන පින ගැන සතුටට පත්වෙන්න බැරි කෙනා කරන්නේ තමන්ට කරගන්න බැරිවුණු දේ තව කෙනෙක් කරද්දී ඒකට අකුල් හෙලන එක. ඒකට බාධා කරන එක. ඒකට නින්දා අපහාස කරන එක.

ඒකෙන් වෙන්නේ තමන්ට යම්කිසි පිනක් තිබුණා නම් ඒ පිනත් ඉක්මනින් අවසන් වෙලා යාම. අපි කියමු කෙනෙක් ළිඳක් කපලා ඒ ගමේ ප‍්‍රයෝජනයට දෙනවා. එතකොට ඒ ළිඳ කපන්න මැදිහත් වුණ කෙනාට ගමේ තැනක් එනවා කියමු. සමහර අය ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරලා ‘ඔන්න මෙයාට තැනක් එයි. ඔය තැන එන්න තිබුණේ එයාට නෙවෙයි, මටයි. මමයි ළිඳ කපන්න හිටියේ’ කියලා චූටි දේවල් අල්ලාගෙන තමන්ට ලැබෙන්න තියෙන පින තමන්ම නසා ගන්නවා. ඒක වෙන්නේ පින ගැන අවබෝධයක් නැති නිසයි.

එතකොට අපට තේරෙනවා, පිනට කෑදර වෙලා හරි විදිහට පින් කරන්න බෑ. කෑදරකම පිනට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තරඟය පිනට පාවිච්චි කරන්න බෑ. පිනට පාවිච්චි කරන්න පුළුවන් අවබෝධයයි.

ඒ නිසයි පින්වතුනි, අපි මේක හොඳට තේරුම් ගත යුත්තේ. ඒ තමයි, අවබෝධයෙන් පිනක් කිරීම ගැන. අවබෝධයකින් පිනක් කරන කෙනෙක් තමන්ගේ නමවත් ගහගන්න කල්පනා කරන්නේ නෑ. අපට වැදගත් වෙන්නේ නම නෙවෙයි. අපට වැදගත් වෙන්නේ ක‍්‍රියාව. තව සමහරු කියනවා “මං ඔන්න අසවල් දේට වියදම් කළා. හැබැයි මගේ නම ගහන්න ඕන.” තව කෙනෙක් කියනවා “මං අසවල් දේ අරන් දෙන්නම් මගේ නම ගහන්න ඕන.”

ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ පිනක් ගැන දන්නේ නෑ. පිනක් තේරෙන්නේ නෑ. පිනක් ගැන හිතලත් නෑ. ඒගොල්ලෝ තමන්ගේ මට්ටමින් යම්කිසි පුංචි වියදමක් කරනවා. කරලා ඒකට තමන්ගේ නම ගසාගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එයා සතුටු වෙන්නේ ඒකෙන්.

ඔන්න පිනක් කළා කියමු. ඔන්න බෝඞ් ලෑල්ලක් හයිකරලා තියෙනවා. ඉස්සරලාම එයා ඇවිල්ලා බලන්නේ ‘කෝ මගේ නම තියෙනවාද?’ කියලයි. හරි තැන නම නැත්නම් “මමයි මෙච්චර දුන්නේ. මගේ නම යටින් දාලා. අසවලා මෙච්චරයි දුන්නේ. එයාගේ නම උඩින් දාලා” කියලා ප‍්‍රශ්න ඇතිකර ගන්නවා. මේ වගේ චූටි දේවල් අල්ලාගෙන පින වනසාගන්න අය කෙලවරක් නෑ.

මේකට හේතුව පින ගැන අවබෝධයක් නැතිකමයි. සැප ලබාදෙන දේ රැස්කළ යුත්තේ තමා නම් තමන් ඒක රැස්කළාට පස්සේ ඒ ගැන කිව්වත් එකයි නැතත් එකයි. නම ගැහුවත් එකයි නැතත් එකයි. තමන් කළ පින කළා. ඒ වගේම පින ගැන තේරුම් ගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි, හැම දෙයක්ම අනිත්‍ය ලෝකයට අයිතියි කියන අවබෝධය. වෙනස්වන ලෝකයට අයිති දේක තමයි අපි මේ පින් රැස් කරන්නේ. රැස්කරනා පින තමයි අපේ පස්සේ ගමන් කරන්නේ.

අපි ගිය ආත්මයේ කොහේ හරි ඉඳලා මැරිලා මේ මනුස්ස ලෝකයට ආවා. දැන් මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙද්දී මිනිස් ලෝකය තුළ වැඩසිටිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ආශ්චර්යවත්, අද්භූත ධර්මයකුත් අපට ශ‍්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා.

ඒ අසිරිමත් ධර්මය ශ‍්‍රවණය කරලා අපි ඒ ධර්මයෙන් යම්කිසි අර්ථයක් ලබාගන්නේ නැත්නම්, ධර්මයෙන් යම්කිසි අර්ථයක් ග‍්‍රහණය කරගන්නේ නැත්නම් මේ ජීවිතයේදී ඒ අහන ධර්මයෙන් ප‍්‍රයෝජනයක් නෑ. අහන ධර්මයත් එහෙම්මම අපෙන් ගිලිහිලා යාවි.

දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අපි වයසට යනවා. වයසට ගිහිල්ලා ඔන්න විශ‍්‍රාම යන්න වෙනවා. විශ‍්‍රාම යනවා කියන්නේ වැඩට නුසුදුසුයි කියලා අයින් කරන එකනේ. ඔන්න අපි විශ‍්‍රාම ගියා. නම් ගම්, තනතුරු, උගත්කම්, නම්බුනාම ඒ ඔක්කොමත් එක්ක තමයි අපි අයින් වෙවී යන්නේ. ගිහිල්ලා ඔන්න ඇඳට වැටෙනවා. ඇඳට වැටුණට පස්සේ අර සම්බන්ධකම් ඔක්කොම තියෙන්නේ මේ කයත් එක්කයි.

ඔන්න අපි මැරෙනවා. මැරුණු ගමන් නමත් නෑ, නෑදෑකනුත් නෑ, උගත්කනුත් නෑ, ධනයත් නෑ, සියලූ දේම නෑ. අපි යනකොට අරන් යන්නේ සිත, කය, වචනය මෙහෙයවා කරපු දේ පමණයි. සිත, කය, වචනය මෙහෙයවා අයහපත පිණිස පවතින දේවල් කළා නම් අප ඒ දේවල් අරන් යනවා. ඒ වගේම සිත, කය, වචනය මෙහෙයවා යහපත පිණිස පවතින දේවල් කළා නම් ඒකත් අරන් යනවා. මේක තමයි ධර්මතාවය. මේ කාරණය තේරුම් ගන්න කෙනා තමන්ගේ පාඩුවේ ධර්මයේ හැසිරෙනවා.

අපි කියමු මේක තේරුම් ගන්නේ දරුවෙක් කියලා. ඒ දරුවාට දෙමාපියන්ට සලකන්න කියලා අමුතුවෙන් කිව යුතු නෑ. ඒ දරුවා පින ගැන දන්නවා නම් දෙමාපියන්ට සලකනවා. මේක තේරුම් ගත්තේ දෙමව්පියන් කියමු. ඒ දෙමව්පියන් දරුවන්ගෙන් අමුතු සැලකිලි බලාපොරොත්තු වෙන්නේ නෑ. පින ගැන දන්නවා නම් පින් දහම් කරනවා.

ඉතින් මේ නිසා අප සියලූ දෙනා ඒ විදිහට යන්න පුළුවන් හැකියාව ඇතිකර ගන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “(අත්තදීපා විහරථ – අත්ත සරණා අනඤ්ඤ සරණා) තමන්ම තමන්ව පිහිට කරගන්න. වෙන පුද්ගලයෙක්ව පිහිට කරගන්න එපා” කියලයි. තමන් තමන්වම පිහිට කරගන්න නම් ඉස්සර වෙලාම ඒක හදාගන්න තියෙන්නේ පිනෙන්. තමන් පින් රැස් කරගෙන ඒ පින දියුණු කරගත්තට පස්සේ ඒක තමන්ට ලොකූ යහපතක්. එය තමන්ට ලොකූ යහපතක් ළඟා කරලා දෙනවා.

එහෙම නැතුව “මම මෙච්චර ළමයි හැදුවා. මරණාසන්න මොහොතේ මං හදපු ළමයි මගේ ඇඳ වටේට ඉන්න ඕන. මට වතුර පොවන්න ඕන..” මේ වගේ ඉතාමත්ම බොළඳ සිතුවිලි තියෙන කෙනෙකුට නම් පිනකින් ප‍්‍රයෝජනයක් නෑ. මොකද, ඒ කෙනාගේ බොළඳ සිතුවිලි පුරවන්න පිනකට බෑ. ඒකට බොළඳ දෙයක්ම ඕන.

නමුත් යහපත් සිතුවිලි ආපු කෙනා හිතන්නේ එහෙම නෙවෙයි. එයා කල්පනා කරන්නේ ‘මට පිහිට වෙන්නේ මගේ දරුවෝ නෙවෙයි. මට පිහිට වෙන්නේ මගේ ස්වාමියා හෝ බිරිඳ හෝ නෙවෙයි. මට පිහිට වෙන්නේ මා විසින්ම රැස්කරන යහපත් දේ’ කියලයි. එතකොට එයා ස්වාමියෙක් නම් බිරිඳට හොඳට සලකනවා. දරුවන්ට සලකනවා, දෙමාපියන්ට සලකනවා. ඒ වගේම තමනුත් යහපත් මාර්ගයේ යනවා. හොඳ බිරිඳක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයාට සලකනවා. දෙමාපියන්ට සලකනවා. තමනුත් යහපත් මාර්ගයේ යනවා. මොකද, එයාට තියෙන්නේ පින් කරගන්න තියෙන අවශ්‍යතාවයයි.

තමන්ට පින් කරගන්න තියෙන අවශ්‍යතාවය ළඟට එන්නේ නෑ. ඒක තමන් හොයාගෙන යන්න ඕන. සාමාන්‍ය ලෝකයේ පොඩි දෙයක් වුණත් ළඟට එන්නේ නෑනේ. කඩයකින් බඩුවක් ගැනීමේදී වුණත් තමන් ඒ ළඟට යනවා මිසක් තමන් ළඟට එන්නේ නෑනේ.

ඒ වගේ අධ්‍යාපනය තමන්ගේ ළඟට ආවේ නෑ. තමන් අධ්‍යාපනය හොයාගෙන ගියා. රැකී රක්‍ෂාව ළඟට ආවේ නෑ. රස්සාව හොයාගෙන ගියා. අපි අනිත් හැම දේමත් හොයාගෙන යනවා. එහෙම කරන අපි පින විතරක් ළඟට එනකම් බලාගෙන අපේක්‍ෂාවෙන් හිටියොත් ඒක මෝඩකමක්. ඒකත් හොයාගෙන යන්න ඕන.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී පින රැස් කිරීමේ අවස්ථාව අපි හැමෝටම තියෙනවා. අපි ඒ පින රැස්කරන අවස්ථාව හිත හිතා ඇතිකර ගන්න ඕන. නමුත් පිනට කලබල වෙලා මේක කරන්නත් බෑ. ඒ වගේම අපි තමන්ට කරගන්න බැරි පිනක් තව කෙනෙක් කිරීමේදී  ඒක බලලා සන්තෝෂ විය යුතුයි. ඊළඟට පින් කරනවා කියලා මෝඩකම් නොකළ යුතුයි. මේ විදිහට අවබෝධයෙන්ම කරගත්තොත් තමයි අපට හරි විදිහට පින් කරගන්න අවස්ථාව උදාවෙන්නේ.

පින්වත්නි, පින් කරගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි, භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා නොගත්තොත් අපට එහෙම කරන්න බෑ. අපි උදාහරණයක් ගනිමු. මගෙන් මේ ළඟදී තරුණ පුතෙක් ඇහුවා “ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාලා. භාග්‍යවතුන් වහන්සේ නැති මේ වගේ කාලෙකත් අපි යම් පූජාවක් කළොත් ඒ විදිහටම පින අයිති වෙනවාද?” කියලා.

මම කිව්වා “පුතා, ඒක ස්ථිරවම කියන්න බෑ” කියලා. හොඳ අවබෝධයකින් යුතු දක්ෂ කෙනකුට නම් ඒ පින රැස්කරගන්න පුළුවනි. දැන් භාග්‍යවතුන් වහන්සේ නැති නිසා, පිළිම වහන්සේ නමක් දකින්න යනවා. ගිහිල්ලා පිළිම වහන්සේ ඉස්සරහා මල් පහන් පූජා කරලා බුදුගුණ මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කළත් සමහර විට අපට පිළිමයේ ඇද පේන්න පුළුවන්. ‘මේ නිකට මහත වැඩියි නේද.. මූණ කෙට්ටු වුණා නම් හොඳයි නේද.. ඇඟ තව ටිකක් මහත් වුණා නම් හොඳයි නේද..? මේ විදිහට පිළිම වහන්සේලා දිහා බලාගෙන අපට ඇද කුද පේන්න පුළුවන්.

එතකොට අපට බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්දැද්දීම වගේ චේතනා පහළ වෙන්නේ නෑනේ. බුදුකෙනෙක් ජීවමානව වැඩසිටියදී අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන එකයි, දැන් කරන එකයි අතර වෙනසක් තියෙනවා. මේ වෙනස තේරුම් ගත්ත කෙනා ආරක්‍ෂා කරගත යුත්තේ සිතමයි. ඒ නිසා අප සිත පහදවා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනමයි.

අපි කියමු කෙනෙක් බුදුපිළිම වහන්සේ නමක් ළඟට ගියා. අපි කියමු දැන් එයාට බුදුපිළිම වහන්සේගේ ඇද පේනවා. ඒ වෙලාවට එයාට ඇස් දෙක වහගෙන අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා කියන බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට බුදුගුණ මෙනෙහි කරන්න ගත්තාම, ඒ බුදුගුණවල තියෙන්නේ චිත‍්‍ර නෙවෙයි. ඒ බුදුගුණ වල තියෙන්නේ ගුණ. ඒ කියන්නේ බෝධි මූලයේදී උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවුණු ගුණ. ඒ ගුණ තේරුම් අරගෙන සිටියා නම්, ඒ ගුණ සිහිකිරීමේදී කිසි බාධාවක් නෑ.

මොකද, ඒ ගුණ සත්‍යයක්. ඒ ගුණ මෙනෙහි කරලා යම්කිසි පූජාවක් කළොත් ඒ මොහොතේ අපේ ජීවිතයට හිතසුව පිණිස පවතින විශේෂ පිනක් රැස්වෙනවා. එහෙම නැතුව අපි නිකම්ම නිකම් විශ්වාස කළ පළියට එහෙම වෙයි කියලා හිතන්න බෑ.

මොකද, හැම එකකටම මුල් වෙන්නේ චේතනාවයි. ඒ කියන්නේ චේතනාව හොඳට පවත්වන්න නම් ඒ කෙරෙහි පහන් සිතක් ඇතිකර ගත යුතුයි. දැන් ඔන්න අපට බෝධීන් වහන්සේට වන්දනා කරන්න ඕනෙ කියලා හිතමු. අපි එසේ වන්දනා කිරීමේදී හරියට බෝධීන් වහන්සේ ගැන දන්නේ නැත්නම් සමහර විට එතැනට ගිහිල්ලා පඬුරු එල්ලලා, කොඩි එල්ලලා නොයෙක් විකාර කරන්න වුණත් ඉඩ තියෙනවා.

බෝධීන් වහන්සේ පහළවුණේ බුදුරජාණන් වහන්සේගේ උපතත් සමඟයි. අපේ බෝසතාණන් වහන්සේ ලූම්බිණි සල් උයනේ උපත ලබන දවසේමයි, යශෝදරා දේවීන් වහන්සේගේ උපත සිද්ධවුණේ. එදාම තමයි කන්ථක අශ්වයාත් ඉපදුණේ. එදාම තමයි ඡන්න ඇමතියත් ඉපදුණේ. කාලූදායී ඇමතියා ඉපදුණෙත් එදාමයි. ඒ වගේම එදාම තමයි නේරංජරා නදී තෙර අසබඩ මහ පොළවෙන් බෝ අංකුරයක් ආවේ. ඒ භාග්‍යවතුන් වහන්සේට සෙවණ සැළසීමට, භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ලෙසයි.

අපි ඒ ඉතිහාසය දැන සිටියා නම් බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඒවා සිහිකරන්න පුළුවන්. ‘මේ බෝ සෙවණේ තමයි භාග්‍යවතුන් වහන්සේ ගුරුඋපදේශ රහිතව චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ. මේ බෝ සෙවණේ තමයි භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකය ජයගත්තේ. මේ බෝ සෙවණේ තමයි භාග්‍යවතුන් වහන්සේ සියලූ බුදුගුණයන් සාක්ෂාත් කළේ..’ කියලා අපට සිත පහදවා ගන්න පුළුවන්.

ඒ නිසයි, භාග්‍යවතුන් වහන්සේ ඇසි පිය නොහෙලා බෝධීන් වහන්සේට පෙරළා කෘත්‍ය උපකාර කළේ, ප‍්‍රත්‍ය උපකාර කළේ. එහෙම කල්පනා කළොත් අපට ගෞරවයක්, ශ‍්‍රද්ධාවක් ඇතිවෙනවා. සිත පහන් වෙනවා. ඒ පහන් සිතත් එක්ක ලස්සනට බෝ මළුව අතුගාලා පිරිසිදු කරලා, ආසන පිරිසිදු කරලා ඉතා රමණීය ආකාරයේ පින්කමක් කරගන්න පුළුවන්. එතකොට ඒක ඔබ කරන්නේ තනිවම හිත හිතා. ඒක බාහිර ලෝකයට පේන්න කරන එකක් නෙවෙයි. තමන්ම හිත හිතා කරන්නේ. තමන්ම හිත හිතා කරන්න නම් ඒ දැනුම තියෙන්න ඕනේ තමන් ළඟයි. තමන් ළඟ ඒ දැනුම නැතුව පොඩි පොඩි වාසිවලට කරලා බෑ.

එක දවසක් මගේ ළඟට අම්මා කෙනෙක් ඇවිල්ලා “අනේ ස්වාමීනී, මගේ පුතාට මට සලකන්න කියලා කියන්න. පුතා මට සලකන්නේ නෑ” කියලා කිව්වා. මම “ඉතින් එහෙනම් පුතත් එක්ක දවසක එන්න” කියලා කිව්වා. ඉතින් දවසක් ඒ අම්මා පුතයි, පවුලේ කට්ටියයි එක්ක ආවා. බැලූවහම මේ අම්මා නපුරු කෙනෙක්. ඒ දරුවෝ අම්මාට සලකනවා. කොච්චර සැලකුවත් ඒ අම්මා සෑහීමකට පත්වෙන්නේ නෑ. අම්මා හැමතැනම ‘මගේ ළමයි මට සලකන්නේ නෑ’ කියලා නින්දා කර කර යනවා. මම ඒ අම්මාට කිව්වා “අම්මා, දරුවන්ට අපහාස කර කර යන එක නවත්තන්න. නවත්තලා ඔය අම්මා මෛත‍්‍රියෙන් වාසය කරන්න” කියලා.

මෛත‍්‍රිය අහලකවත් නෑ. ‘දරුවෝ සලකන්නේ නෑ’ කිය කියා අපහාස කර කර යනවා. දරුවෝ කොච්චර සැලකුවත් ඒ අම්මාව සලකලා සෑහීමකට පත්කරන්නත් බෑ. මම කරුණු කිව්වාට පස්සේ මටත් රවාගෙන ගියා. මට ඒකෙන් ඒ අම්මගේ හැටි තේරුණා. ඒ විදිහට සමහර අය ‘දරුවෝ සලකන්නේ නෑ..’ කිය කියා දරුවන්ගේ නුගුණ කිය කියා රට වටේ යනවා. එහෙම අම්මලාට නම් විසඳුම් නෑ.

සමහර අම්මලා ඉන්නවා, බොහෝම අහිංසකයි. දරුවන්ගේ යහපත කල්පනා කරගෙන ඉන්නවා. ඒ දරුවොත් පුළුවන් හැටියට දෙමව්පියන්ට සලකනවා. ඉතින් ඒ අම්මලා සතුටින් ජීවත් වෙනවා. මේ ස්වභාවය ගැන බැලූවහම අපි තේරුම් ගත යුත්තේ ‘අපි මේ ලෝකය ගැන මොනවා කතා කර කර හිටියත් තමන්ට වැදගත් වෙන්නේ තමන්ගේ ගමන ගැනයි’ කියන එකයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ,

න තං මාතා පිතා කයිරා – අඤ්ඤේවාපි ච ඤාතකා.

සම්මා පණිහිතං චිත්තං – සෙය්‍ය සෝ නං තථෝකරේ

“මේක මව් කරලා දෙන්නෙත් නෑ. පියා කරලා දෙන්නෙත් නෑ. අන්‍ය වූ ඤාති සහෝදරාදීන් කරලා දෙන්නෙත් නෑ. සිත යහපතෙහි පිහිටුවා ගත්තහාම එයින් තමයි, තමන් යහපත් බවට පත්කරලා දෙන්නේ.”

යමෙක් ඒ විදිහට ධර්මය තුළ පිහිටා බාහිර ලෝකයත් සමඟ පැටලෙන්නේ නැතුව, බාහිර ලෝකය කෙරෙහි තියෙන අපේක්‍ෂා අඩුකරලා හිටියොත් එයාට කිසි කරදරයක් නැතුව පින් දහම් කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම පින් රැස්කරගෙන මරණින් මත්තේ දෙවියන් අතරට යන්නත් අවස්ථාව තියෙනවා.

බුදුරජාණන් වහන්සේ එබඳු දේශනා බොහෝමයක් දේශනා කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ‘සංඛාරුප්පත්ති’ කියලා සූත‍්‍ර දේශනාවක් තියෙනවා. එහි මනුස්ස ලෝකයට ආපු කෙනා දෙවියන් අතරට යන්න පින සකස් කරගන්නා ආකාරය මනාව පෙන්වා දෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අපි, ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් හැටියට කල්පනා කරනවා නම් මේ ලෝකයේ තියෙන ප‍්‍රශ්න අපේ ප‍්‍රශ්න බවට පත්කර ගන්නේ නැතුව තමන්ට අහිංසක ගමනක් යන්න පුළුවන්. ඒ මග අදටත් විවෘතයි. අදටත් ප‍්‍රඥාව පාවිච්චි කරනවා නම් ලොකු ගැටලූවක් තියෙයි කියලා හිතන්න අමාරුයි. ප‍්‍රඥාව පාවිච්චි කරන්නේ නැත්නම් ඉතින් පටන් ගත් තැන ඉඳලාම ගැටලූ තමයි.

ඉතින් ඒ නිසා එහෙම නොවෙන්න නම් අපි ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයන් බවට පත්වෙලා, නැණවත් ශ‍්‍රාවකයන් අවබෝධයෙන්ම පින රැස්කරගන්නා විදිහ ඉගෙනගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ ලද අවසරයෙන්, ඒ ඒ අවස්ථානුකූලව, පින් කරගන්න තියෙන අවස්ථා හඳුනාගෙන නිරන්තරයෙන් පින් රැස්කර ගත යුතුයි.

අප සියලූ දෙනාටත් ඒ විදිහට පිනෙන් පිරුණු ජීවිතයක් ඇතිකර ගන්න අවස්ථාව ලැබේවා! ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා..!

සාදූ! සාදූ! සාදූ!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්

සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ

‘පින සහ අවබෝධය…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

Back to Top

පින අත්හැරියොත් ඒ අත්හළේ සැපයයි…
පසුගිය ලිපිය හා සබැඳේ↓

3.1.පින් කිරීමටත් අභියෝග…!

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

3.2. පින අත්හැරියොත් ඒ අත්හළේ සැපයයි…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිය නිසා එයාව බේරා ගත්තා. අද කාලේ එහෙම එකක් වුණොත් කිසිම පිළිසරණක් අයිති වෙන්නේ නෑ. එයා විශාල කරදරයකට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් අප කල්පනා කළයුතු විශේෂම කාරණය, ‘අපි කරන්නා වූ පින ස්වල්ප වුණත්, ඒ පින ඒක නොසලකා හරින්න එපා’ කියන එකයි.

මේක තේරුම් ගන්න මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් ඔබ පාරේ යනවා. යනකොට සුදු සැරයටියක් ගත් කෙනෙක් පාර හරහට පනින්න හිතාගෙන පාරේ පැත්තකින් ඉන්නවා. දැන් ඔබත් ඒ හරියෙන්ම යනවා. හැබැයි, ඔබ එයා ගැන කල්පනා කරන්නේ නෑ. ඔබ එයාව නොදැක්කා වාගේ යනවා. හැබැයි, තව තරුණයෙක් පාරේ එහා පැත්තේ ඉඳලා මේ පැත්තට පැනලා ඒ කෙනාව අල්ලාගෙන පාර පන්නවනවා. මෙහෙම දේවල් අපට ඕනතරම් සිද්ධවෙන්න පුළුවන්. මේ විදිහට අපට හරියට පින මගහැරෙනවා.

අපි කියමු ඔබ පෝය වැඩසටහනකට පන්සලට ගිහිල්ලා උපෝසථ සිල් සමාදන්වෙලා ලස්සනට පෝය දවස ගෙවනවා. ගෙවලා පන්සලෙන් එන්න ලෑස්තිවෙලා වැසිකිළියට යනවා. වැසිකිළිය පිරිසිදු නෑ. ඔන්න දැන් ආයෙත් ඔබට පිනක් කරගන්න අවස්ථාවක්. ඔබ ඒ පින ගණන් ගන්නේවත් නැතුව ඔබේ පාඩුවේ වැසිකිළි කැසිකිළි කරලා යනවා. එතකොට පින තියෙනවා. පින ඔබට පෙනුණේ නෑ.

අපි කියමු ඔබ බෝධි වන්දනාවකට පන්සලට යනවා. බෝ මළුවේ හැමතැනම කොළ වැටිලා. මල් ආසන ඔක්කොම අපවිත‍්‍ර වෙලා. ඔබ ගිහිල්ලා අතින් චුට්ටක් පිහදාලා මල් ටික තියනවා. පහනක් පත්තු කරලා තියනවා. ගිලන්පස චූට්ටක් පූජා කරලා බෝධි පූජාව කරලා එනවා. ඔබට අර පින් ඔක්කොම මඟ ඇරෙනවා. ඒ තමයි, ඔබ මල් ආසනය පිරිසිදු කිරීමේ පින අත්හරිනවා. බෝ මළුව ඇමදීමේ පින අත්හරිනවා.

එදිනෙදා ජීවිතයේදී අපට මේ විදිහට පින් කර ගන්න තියෙන විවිධ අවස්ථා ලැබෙනවා. අපට ඒ අවස්ථාව මගහැරී යන්න ප‍්‍රධානම දේ තමයි, පින ගැන දැනුවත්ව නොසිටීම. තමන් පින ගැන දැනුවත්ව නොසිටින නිසයි ඒක සිද්ධ වෙන්නේ.

සමහර විට කෙනෙක් ඔබ ළඟට දුක කියාගෙන එනවා. ඒ වෙලාවට ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඒ තමයි ඒක ටිකක් වෙලා අහගෙන ඉන්න එක. ඔබ ඒකවත් අහන්නේ නෑ. ඔබ මොකක් හරි වැඩක යෙදෙනවා. අරයා බලාපොරොත්තු වෙන්නේ පොඞ්ඩක් අහන්න කෙනෙක් විතරයි. හැබැයි ඔබ එයා වෙනුවෙන් විනාඩි පහක් දහයක් කැපකළොත් ඒක අහලා ඉවර වුණාට පස්සේ එයාට “මගේ හිතට හරී සැහැල්ලූවක් ආවා. මට මේක කියාගන්න කෙනෙක් නැතුවයි හිටියේ. දැන් මට හරි සැහැල්ලූයි” කියලා සතුටින් යන්න පුළුවන්. එතකොට එයාට සතුට දෙන්න ඔබට තියෙන්නේ විනාඩි පහක, දහයක කැපකිරීමක්.

සමහර විට ඔබට ඒ වගේ අවස්ථා එනවා. එතකොට ඔබ ඒවා අත්හරිනවා. පින් කිරීම සම්බන්ධයෙන් ගත්තොත් බොහෝ දෙනෙක් කරන්නේ සිහින මවන එකයි. ‘මට තිබ්බා නම් මම මෙහෙමයි කරන්නේ.. මට තිබ්බා නම් මම මේ විදිහටයි කරන්නේ..’ කියනවා. තියෙන ටික හසුරවා ගන්න කල්පනා කරන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ කාලේ පින ගැන අවබෝධයෙන් කටයුතු කරපු අය, තිබුණු ටික හරි විදිහට යොදවා ගත්තා. මේ කාලයේ වුණත් එහෙම පුළුවන්.

මේ ළඟදී දරුවෙක් ඇවිල්ලා දෙමව්පියන්ට විරුද්ධව පැමිණිල්ලක් කළා. පැමිණිල්ල තමයි, “අනේ ස්වාමීනී, මම හරී ආසයි අම්මා තාත්තාගේ ගුණ සිහි කරන්න. මට දෙමව්පියන්ගේ ගුණ සිහි කරන්න අම්මා තාත්තා ඉඩදෙන්නේ නෑ.” මම ඇහුවා “ඇයි දරුවෝ කොහොමද ඉඩ දෙන්නේ නැත්තේ?” කියලා.

“අනේ ස්වාමීනී, තාත්තා ඇවිල්ලා ‘ඔයාගේ අම්මා මෙහෙම කෙනෙක්. ඔයාගේ අම්මා මෙහෙමයි කටයුතු කළේ’ කියලා අම්මා ගැන අපහදින දේවල් මට කියනවා. අම්මා ඇවිල්ලත් ‘ඔයාගේ තාත්තා මෙහෙම කෙනෙක්. ඔයාගේ තාත්තාගේ චරිතේ මේකයි’ කියලා තාත්තා ගැන වැරදි කියනවා. අනේ ස්වාමීනී, මම දෙමව්පියන්ට වැඳලා ‘අනේ, අම්මේ තාත්තේ ඔයගොල්ලන්ගේ ප‍්‍රශ්න මට කියන්න එපා. ඔයගොල්ලන් කෙරෙහි මගේ හිත පහද ගන්න මට දෙන්න. මට පව් පුරවන්න එපා” කියලා කිව්වා. බලන්න දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉල්ලන්න සිද්ධ වෙන දේවල්.

මේ දරුවන්ගේ පැත්තෙන් බලන්න දෙමව්පියන් නෑ. දෙමව්පියන් දරුවන්ට යුතුකම් ටිකක් ඉෂ්ට කරලා ටිකක් විය හියදම් කරලා රස්සාවල් අරන් දීලා ‘අපි දරුවෝ වෙනුවෙන් ඔක්කොම කළා. දැන් දරුවෝ විසින් පෙරලා අපට සත්කාර සම්මාන කළ යුතුයි, පෙරලා අපට සැළකිය යුතුයි’ කියලා මාන්නයකට එනවා. නමුත් කළ යුත්තේ ඒක නෙවෙයි. සත්පුරුෂ නම් දරුවෝ අනිවාර්යයෙන්ම දෙමාපියන්ට සලකනවා. ඒකෙ ආයේ අමුතු දෙයක් නෑ. අමුතුවෙන් ‘මව්ගේ ගුණ මේකයි පුතේ.. පියාගේ ගුණ මේකයි පුතේ..’ කියලා කියන්න දෙයක් නෑ. සත්පුරුෂ නම් එයාට කෙළහිගුණ තියෙනවා. කෙළෙහිගුණ නැත්තේ අසත්පුරුෂ අයටයි. දරුවෝ හැටියටත් අසත්පුරුෂ අය ඕනතරම් ඉපදෙන්න පුළුවන්.

කෙළෙහිගුණ තියෙන ශිෂ්‍යයෝ හිටියොත් ගුරුවරයාට සලකනවා. කෙළෙහිගුණ නැති ශිෂ්‍යයෝ ගුරුවරයාට සලකන්නේ නෑ. කෙළෙහිගුණ තියෙන දරුවෝ දෙමව්පියන්ට සලකනවා. කෙළෙහිගුණ නැති දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නෑ. ඒ නිසා සියලූ දරුවෝ සියලූ දෙමාපියන්ට එක ලෙස සලකයි කියලා අපට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම සියලූ ශිෂ්‍යයෝ සියලූ ගුරුවරුන්ට එක අයුරින් සලකයි කියලා අපට කියන්න බෑ. සත්පුරුෂ දෙමව්පියෝ දරුවන්ව සත්පුරුෂ ලෝකයට කැඳවාගෙන යනවා. සත්පුරුෂ දරුවෝ දෙමව්පියන්ව සත්පුරුෂ ලෝකයට කැඳවාගෙන යනවා. සත්පුරුෂ ගුරුවරු ශිෂ්‍යයන්ට සත්පුරුෂ ලෝකය පෙන්වනවා. සත්පුරුෂ ශිෂ්‍යයෝ ගුරුවරයාට සත්පුරුෂ විදිහට සලකනවා.

මේ ඔක්කොම තියෙන්නේ සත්පුරුෂ භූමියට පැමිණීමෙන් පමණයි. සත්පුරුෂ භූමියට පැමිණෙන්නේ නැතුව ‘අපි ළමයින්ට සැලකුවා. කෝ අපට සලකනවා..?’ කියලා බලාපොරොත්තු වෙලා හිටියට එහෙම සාර්ථක වෙන්නේ නෑ. සමහර දෙමව්පියෝ දෙමව්පියන්ගේ වැරදි දරුවොත් එක්ක කියන්නේ දරුවෝ පොඩි අවධියේදී. “ඔයගොල්ලන්ගේ තාත්තා මෙහෙමයි කටයුතු කළේ. මගේ අතට පඩිය දුන්නේ නෑ. මෙන්න මෙහෙම මෙහම තිබුණා..” කිය කියා කියනවා. මේක අහගෙන ඉන්නකොට දරුවන්ට තාත්තා කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්නේ නෑ. තාත්තත් අම්මා ගැන ඒ විදිහට අපහදින්න කරුණු කියනවා. එතකොට අම්මා ගැන පහදින්නෙත් නෑ.

කාලයක් යනකොට දෙමව්පියන්ට මේවා අමතක වෙනවා. හැබැයි ළමයින්ගේ ඔළුවේ මේ දේවල් ඉතිරි වෙනවා. අන්තිමට වෙන්නේ ළමයි ලොකුවෙලා රැකී රක්‍ෂා කරගෙන ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. ඒගොල්ලෝ දෙමාපියන්ට සලකන්නේ නෑ. නමුත් දෙමව්පියෝ සැලකිලි බලාපොරොත්තු වෙනවා. ඒ වෙන කොට වැඬේ වැරදිලා.

මේ ඔක්කොම විසඳගන්න තියෙන්නේ ධර්මයෙන් විතරයි. ධර්මය නැතුව කිසි දවසක මේ වගේ දේවල් විසඳගන්න බෑ. මේ ඔක්කෝම තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි, ‘අපට පින් කරගන්න අවස්ථාව තියෙනවා’ කියන අදහස ඇතිකර ගැනීම.

‘පින් කර ගන්න අවස්ථාව තියෙනවා’ කියන අදහස දරුවන්ට ආවොත් දරුවෝ දෙමාපියන්ගේ පරණ ලෝකය මතක් කරන්නේ නෑ. ඒ දරුවෝ දෙමාපියන්ට සත්කාර කරන්න, උපස්ථාන කරන්න මහන්සි ගන්නවා. දෙමාපියන්ට බණ පොත් ගෙනල්ලා දෙනවා. දෙමාපියන්ව දහම් වැඩසටහන් වලට එක්කගෙන යනවා. ඒ වගේම දෙමාපියන්ට ආදරේ දක්වනවා. දෙමාපියන්ගේ මෙලොව පරලොව ජීවිතේට යහපත් දේවල් කියා දෙනවා. පින ගැන දන්න අය මේවා කරනවා.

නුවණැති දරුවෝ දෙමාපියන්ව පිනට යොදවනවා. පින ගැන දන්නේ නැති දරුවා කරන්නේ ඒක නෙවෙයි. ඔන්න සිංහල අවුරුදු කාලේ එනවා. ඉතින් දරුවෝ දෙමාපියන්ට රෙදි අරගෙන ගිහිල්ලා “අම්මා මේක වියදමට තියාගන්න. තාත්තා මේක වියදමට තියාගන්න” කියලා කීයක් හරි දෙමාපියන්ගේ අතේ මිට මොලවනවා. දරුවෝ දීපු නිසා දෙමව්පියොත් මේක ආදරයෙන් ගන්නවා. අරගෙන හංගා ගන්නවා. දෙමාපියන්ට කරන නියම සැලකීම මේක නෙවෙයි.

දරුවෝ දෙමාපියන්ට ආදරෙයි නම් සල්ලි අතට දෙන්න ඕනේ, “අම්මේ, තාත්තේ මේ සල්ලි දෙන්නේ වියදම් කරලා පින් කරන්න කියලයි. මේ සල්ලි වලින් ඔයගොල්ලෝ කැමති විදිහේ පින් දහම් කරන්න” කියලයි. එහෙම දුන්නාම දෙමාපියන් ‘මගේ දරුවෝ මට මේ මුදල් දුන්නේ කැමති විදිහට පින් කරන්නයි. එහෙම නම් මම මේ මුදලින් මේ මේ විදිහට පින් කරනවා” කියලා ඒ මුදල පින් පිණිස වියදම් කරනවා. අන්න ඒක දෙමාපියන්ට සලකන එක්තරා ක‍්‍රමයක්.

එහෙම නැතුව සමහර අවස්ථාවල දරුවන්ට තියෙන දරු ස්නේහය නිසාම සමහර දෙමව්පියන් දරුවන් අත මිටමොලවන සල්ලි කොට්ටේ යට හංගාගෙන ඉන්නවා. “මගේ පුතා මට මේක දීලා ගියේ. මගේ දූ මේක දීලා ගියේ මට” කියලා තියාගෙන ඉන්නවා. මම හිතනවා මේක දෙමාපියන්ව අමාරුවේ දැමිල්ලක්. දෙමාපියන්ව කරදරයක වැට්ටීමක්. මේක ආදරය නෙවෙයි. ආදරය කියන එක හරියට හඳුනා නොගත්තොත් විශාල කරදරයකට පත්වෙනවා. එහෙම නොවෙන්න නම් දෙමව්පියොත් පින ගැන දැනගන්න ඕන. දරුවොත් පින ගැන දැනගන්න ඕන. ගුරුවරුත් පින ගැන දැනගන්න ඕන. ගෝලයොත් පින ගැන දැනගන්න ඕන.

අපි මේ විදිහට පින ගැන කල්පනා කරන විදිහ හරිගස්සා ගත්තොත් අපට පින්දහම් කරගන්න ඕනතරම් අවස්ථාව තියෙනවා. සමහර අවස්ථාවල යම් යම් කරුණු වලට දෙමව්පියන් දරුවන්ට බනිනවා. පිනට ආසා දරුවා කරන්න ඕන නිශ්ශබ්දව සිටීමයි.

අපි කියමු බනින කාරණය අසාධාරණ එකක් කියලා. දැන් දෙමාපියන් බනින්නේ වැරදි අදහසක ඉඳලා. සමහර විට මේ දරුවා එවෙලේම දෙමාපියන්ට කටගහගෙන යනවා. ඒ විදිහට කටගහගෙන යනකොට සමහර විට මේක දිග්ගැහුණොත් දරුවන්ගේ කටින් දෙමාපියන්ට නපුරු වචන කියවෙන්න පුළුවන්. මේක අකුසලයක්. මේක ලොකු පවක් බවට පත්වෙනවා. ඒකට දරුවා පැටලෙන්නේ පින ගැන සිහිනොවීම නිසයි.

පින ගැන සිහිවෙනවා නම්, ඒ දරුවා ඒක කරන්නේ නෑ. දෙමව්පියන් නිස්කාරණේ බනිනවා නම් දරුවෝ කල්පනා කරන්නේ ‘මම මේ වෙලාවේ මොකුත් කියන්නේ නෑ. මම මේ වෙලාවේ බැනුම් අහගෙන නිශ්ශබ්දව ඉන්නවා. අම්මාට හෝ තාත්තාට හෝ කේන්ති නිවුණහම මම මේකෙ සාධාරණකම පෙන්නා දෙනවා’ කියලයි. ඒ අවස්ථාව එනතුරු දරුවා ඉවසනවා නම් ඒකෙ තේරුම, ඒ දරුවාට පින ගැන අවබෝධයක් තියෙනවා කියන එකයි. ඊට පස්සේ අවස්ථාව ආවහම “අම්මේ අම්මා එදා බැන්නාට මේකේ මෙහෙම පැත්තක් තියෙනවා. මේ පැත්ත ගැනත් සලකා බලන්න. තාත්තේ මේ පැත්ත ගැනත් සලකා බලන්න” කියලා කරුණු පැහැදිලි කර දෙනවා. එහෙම කිව්වහම එදා නිශ්ශබ්දව එකට එක නොකීම ගැන දෙමාපියන්ට දරුවා කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ඒ ආදරය නිසා සමහර විට දෙමව්පියන් අර දරුවාට සවන් දෙනවා.

මේ වගේ හැම එකකටම අවස්ථාව තියෙන්නේ මේ යුතුකම් සහ අයිතිවාසිකම්වල පැටලීමෙන් නෙවෙයි. යුතුකම් සහ අයිතිවාසිකම්වල පැටලෙන්න ගියොත් අපට ඊට පස්සේ මුහුණ දෙන්න තියෙන්නේ අසාධාරණ ලෝකයකට, අසාධාරණ සමාජයකට.

සමාජය තුළ අපට නිතර සිද්ධ වෙන්නේ අසාධාරණය නිසා, අපට අයිතිවාසිකම් වේශයෙන් සාධාරණය බලාපොරොත්තු වෙන්න වෙනවා. නමුත් බලාපොරොත්තු වෙන සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ. එතකොට ද්වේෂය එනවා. ද්වේෂය ආවොත්, ද්වේෂ සහගත වුණොත් “(කුද්ධෝ අත්ථං න ජානාති – කුද්ධෝ ධම්මං න පස්සති) ද්වේෂ සහගත කෙනා යහපත නොදනී. ද්වේෂ සහගත කෙනාට යහපත නොපෙනේ. (අන්ධන්තමං තදා හෝති – යං කෝධෝ සහතේ නරං) ක්‍රෝධය විසින් මනුෂ්‍යයා යටපත් කළාම ඒ වෙලාවට ඔහු ඉන්නේ අන්ධ කෙනෙක් වගේ.

මනුෂ්‍යයෙක් ඒ වගේ කරදරයකට පත්වුණොත් එයා සාධාරණ අසාධාරණ ලෝකයේ කතාව කියාගෙන පැටලි පැටලී යනවා මිසක් එයාට මේකෙන් ගැලවීමේ අවස්ථාවක් වත්, විග‍්‍රහ කරලා තේරුම් බේරුම් කරගැනීමේ අවස්ථාවක්වත් ලැබෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරනවා කියන්නේ ප‍්‍රඥාවන්තව කල්පනා කිරීමයි. ප‍්‍රඥාවන්තව කල්පනා කරන කෙනාට තමයි, පිනක අවශ්‍යතාවය ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ “(සුඛස්සේතං භික්‍ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) මහණෙනි, පින කියලා කියන්නේ සැප උපදවා දෙන දෙයටයි” කියලනේ. එතකොට යම්කිසි දෙයකින් සැපයක් උපදවලා දෙනවාද, අන්න ඒකටයි පින කියන්නේ.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

පින් කිරීමටත් අභියෝග…!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

3.1.පින් කිරීමටත් අභියෝග…!

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

මේ ලිපියෙන් අපි සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ, අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි මහත් කරුණාවෙන්, දයානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් දහම් උපදේශයන් කිහිපයක් විස්තර කරන්නටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපගේ ජීවිතයේ නොදන්නා පැති රාශියක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම සැක සංකා තිබෙන බොහෝ දේවල් අවබෝධ කරවලා අපව සැකයෙන් එතෙර කරවනවා. අපි කිසි දවසක ප‍්‍රගුණ නොකළ යහපත් මාර්ගය ප‍්‍රගුණ කරන්න සලස්වනවා. අපි කිසි දවසක නොගිය විරූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්න සලස්වනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මය නිසා ඒ කාලේ ජීවත්වුණු ප‍්‍රඥාවන්ත මිනිසුන් ඒ ධර්මයේ හැසිරුණා. ඒ ධර්මයේ හැසිරිලා කෙලවරක් නැති මේ භව ගමනේ විඳින සංසාරික දුකෙන් එතෙර වුණා. මිනිසුන් පමණක් නොවේ, දෙවියන්ටත් ඒ ලාභය ලැබුණා.

ඒ නිසයි, බුදුරජාණන් වහන්සේට දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ කියන අර්ථයෙන් ‘සත්ථා දේවමනුස්සානං’ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට අපට උපකාරී වන්නේ අපගේ ප‍්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ප‍්‍රඥා සම්පන්න අය උදෙසාමයි. ප‍්‍රඥාව නැති කෙනා දුර බලන්නේ නෑ. ප‍්‍රඥාව නැති කෙනා බලන්නේ ළඟමයි. ළඟ බලන කෙනාට පේන්නේ එදිනෙදා තියෙන ප‍්‍රයෝජන විතරයි. නමුත් දුර බලන කෙනාට දුර ඈත තියෙන අර්බුද පවා පේනවා. එතකොට එයා හරි පිළිතුර හොයාගෙන ගමන් කරනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ විදිහටම සමාජ ප‍්‍රශ්න තිබුණා. මේ විදිහටම අසාධාරණකම් තිබුණා. මේ විදිහටම අකටයුතුකම් තිබුණා. යහපත් මනුෂ්‍යයන් නොයෙකුත් අකරතැබ්බ වලට භාජනය වීම් මේ විදිහටම ඒ කාලෙත් තිබුණා. නමුත් වෙනසක් තියෙනවා. ඒ කාලේ අයට කරදරයක් වුණහම ඒ පිරිස ‘මේක තමයි සසරේ ස්වභාවය.. මේ සසරෙන් තමයි එතෙරවිය යුත්තේ..’ කියලා ප‍්‍රඥා සම්පන්නව ධර්මයට යොමු වුණා. වර්තමානයේ එහෙම එකක් වුණොත් ‘ඇයි අපි මේච්චර හොඳට ඉන්දැද්දී අපටම මෙහෙම වෙන්නේ?’ කියලා ධර්මයටත් බනිනවා. ධර්මයේ හැසිරෙන නිසා බාහිර ලෝකයෙන් සාධාරණයක් විය යුතුයි වගේ ගණුදෙනුකාර සංකල්ප ඇති කර ගන්නවා. මේ ගණුදෙනු කල්පනා නිසයි, සාමාජයේ අර්බුද හටගන්නේ. ඒ නිසාම ධාර්මිකව ජීවත් වෙන දෙමාපියන්ට දරුවන් ගෙන් සැලකිලි ලැබෙන්නේ නෑ. එතකොට දෙමාපියන් “මෙච්චර හොඳින් ජීවත් වෙලත් ඇයි අපට සලකන්නේ නැත්තේ?” කියලා කල්පනා කරනවා. ඒ දෙමාපියන්ට තියෙන්නේ සැලකිලි ලැබීමේ අපේක්‍ෂාව මිසක් මේ සසර තේරුම් ගැනීම නෙවෙයි.

නමුත් ප‍්‍රඥාවන්ත දෙමව්පියන් කල්පනා කරන්නේ එහෙම නෙවෙයි. ඒ අය කල්පනා කරන්නේ ‘මම සංසාරයේ මේ වගේ කොයිතරම් දරුවෝ නිසා විඳවලා ඇද්ද? දරුවෝ නිසා කොච්චර පීඩාවට පත්වෙවී ඉන්න ඇද්ද?’ කියලයි. සාමාන්‍ය ස්වභාවය තමයි, දරුවෝ ආදරය කළොත් දරුවන්ට බැඳෙනවා. නොසැලකුවොත් සැලකිල්ල බලාපොරොත්තුවෙන් ඒ දරුවෝ දිහා බලාගෙන ඉන්නවා. නමුත් ඒ දෙගොල්ලෝම ජීවිතය ගැන තේරුම් ගන්නේ නෑ. ජීවිතය තේරුම් නොගන්නා තාක් ධර්මය කරා යන්නෙත් නෑ. අන්තිමට දරුවන් ගෙන් සැලකිලි අපේක්‍ෂා කරගෙන ඉඳලා ඒවා නොලැබෙන කොට දරුවන්ටත් සාප කරලා මැරිලා යනවා. නමුත් ප‍්‍රඥාවන්ත මනුස්සයා ‘මේක තමයි සසරේ ස්වභාවය’ කියලා හිතලා ඉවසනවා.

සසරේ ස්වභාවය තේරුම් ගන්නත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුළ පින ගැන වූ පෘථුල අවබෝධයෙන් සවල්පයක් ලබාගන්නත් මෙන්න මේ කතා ප‍්‍රවෘත්තිය අපට හරී උපකාරයි.

දවසක් බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනාවක් කළා. එතැන එක්තරා තරුණයෙකුත් ධර්මය අහගෙන හිටියා. ඒ ධර්මයෙන් කියැවුණේ දානය ගැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සමහර අය තමන්ගේ ධනය වියදම් කරලා දානේ දෙනවා. හැබැයි, ඒකට පිරිස සහභාගි කරවා ගන්නේ නෑ. තමන් තනිවම කරනවා. එහෙම අයට උපනූපන් ආත්මවලදී ධනය ලැබෙනවා. හැබැයි පිරිසක් නෑ. තමන්ට පිනක් දහමක් කර ගැනීමට තමන් එක්ක එකතු වුණු පිරිසක් නෑ. අදත් එහෙම අය ඉන්නවා. හොඳට සල්ලි තියෙනවා. නමුත් එයාට කාත් කවුරුත් නෑ. ඒගොල්ලෝ තනියම පින්කම් කරපු අය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, තව කෙනෙක් ඉන්නවා. එයා තමන් දානේ දෙන්නේ නෑ. නමුත් අනිත් අයව පින් දහම් වලට පොළඹවනවා. එයා අනිත් අයත් එක්ක පින්කම් කරන්න යනවා. නමුත් තමන් වියදම් කරන්නෙත් නෑ, තමන් කැපවෙන්නෙත් නෑ, අනිත් අයව පොළඹවනවා. ඒ නිසා ඒ අයට නොදීපු නිසා උපනූපන් ආත්මවල ලැබෙන්නේ නෑ. හැබැයි, පිරිසක් සම්බන්ධ කරගත් නිසා ඕනතරම් පිරිස ඉන්නවා. එහෙම අයත් අද ඉන්නවා.

සමහර දුප්පත් අය ඉන්නවා, ඒ අයට ධන සම්පත් වලින් මොකුත් කර කියා ගන්න අමාරුයි. නැති බැරිකම තියෙනවා. හැබැයි හදිස්සියකට උදව් කරන්න ඕනතරම් යාළුවෝ, හිතවතුන් ඉන්නවා. ඒකේ තේරුම තමයි, එයා පිරිසක් එක්ක එකතුවෙලා පින් කරලා තියෙනවා. හැබැයි, තමන් පුද්ගලිකව මැදිහත් වෙලා නෑ.

තව කෙනෙක් ඉන්නවා. තමන් හොඳට වියදම් කරලා දන් දෙනවා. ඒ වගේම අනිත් පිරිසත් සම්බන්ධ කර ගන්නවා. අනිත් පිරිසත් සම්බන්ධ කරගන්න නිසා එයාට උපනූපන් ආත්මවල ධන සම්පතුත් තියෙනවා. පරිවාර සම්පතුත් තියෙනවා.

තව කෙනෙක් ඉන්නවා, එයා තමන් දානේ දෙන්නෙත් නෑ, දෙන්න හදන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා උපනූපන් ආත්මවල තමනුත් නැතිබැරි වෙලා අමාරුවෙන් ජීවත් වෙනවා. තමන් වෙනුවෙන් දුක සැප බෙදා ගන්නවත් කවුරුත් නෑ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ තමන් කරන දේට අනුව ප‍්‍රතිවිපාක ලැබෙන ස්වභාවය විස්තර කරද්දී මෙතැන අර තරුණයා හිටියා. මේ තරුණයාට තේරුණේ ඒක එයාටම කිව්වා වගෙයි.

ඊට පස්සේ එයා කල්පනා කරනවා, ‘මම දුප්පත් වෙලා උපන්නේ දන් දීපු නැති නිසයි. මට එච්චර පිරිසකුත් නෑ. ඒ නිසා මම මේ ජීවිතයේදීවත් පුළුවන් තරම් දානමානාදී උපකරණ ලෑස්ති කරගෙන, අනිත් පිරිසත් සම්බන්ධ කරගෙන දානයක් පූජාකරගන්න ඕන.’ ඉතින් මේ තරුණයා මේ විදිහට කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් “භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම භික්‍ෂු සංඝයා ප‍්‍රධාන භාග්‍යවතුන් වහන්සේට දානයක් පූජා කරන්න කැමතියි” කියලා දානයට ආරාධනා කළා.

“පින්වත, ඔබට පුළුවන්ද මේක කරන්න?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට පුළුවනි. මම මේකට පිරිස සහභාගි කර ගන්නවා.”

ඉතින් මේ තරුණයා ගෙයක් ගානේ ගියා. ගිහිල්ලා “අනේ අම්මේ, අප්පච්චි, අයියේ, අක්කේ, නංගි, මල්ලී, මම දානයක් පූජා කරන්න ලෑස්ති පිට ඉන්නේ. ඔයගොල්ලොත් මේ දානයට සහභාගී වෙලා මේ දානයේ කොටස්කාරයෝ වෙන්න” කියලා කිව්වා.

බොහෝ දෙනෙක් මේකට සතුටු වුණා. සතුටු වෙලා “හොඳයි.. මෙන්න මගේ ගානේ හාල්… මෙන්න පොල්… මෙන්න එළවළු…” කියලා මේ දානයේ කොටස්කාරයෝ වුණා. මෙයා මේ විදිහට දන්න හැමෝම සහභාගී කරගන්න හිතපු නිසා ඒ ප‍්‍රදේශයේ තිබුණ ධනවත් සිටුවරයෙකුගේ වෙළඳ සැළකටත් ගියා. ගිහින් “සිටුතුමනි, මම භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රධාන භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමකට දානයක් පූජා කරන්න ලෑස්ති කරනවා. ඒ නිසා ඔබතුමාත් මේකට සහභාගි වෙන්න” කියලා කියා සිටියා. නමුත් මේ දුප්පත් තරුණයා එහෙම කිව්වහම මේ සිටුවරයාට ඒක හිතට ඇල්ලූවේ නෑ. හරිම අහංකාර සමහර මිනිස්සු ඉන්නවානේ.

“තමුසෙත් දානයක් දෙන්නද යන්නේ?”

“එහෙමයි සිටුතුමනි, මාත් එක්ක මේ පිරිස සම්බන්ධ වෙනවා. මම මේ ලස්සන දානයක් සංවිධානය කරමිනුයි ඉන්නේ.”

සමහර විට සිටුතුමාට මේකට ඉරිසියාවක් ඇතිවෙන්න ඇති. “මගෙනුත් උදව්වක් නේද?” කියලා ඇහුවා. “එහෙමයි” කිව්වා. ඉතින් සිටුතුමා අතේ ඇඟිලි පහෙන් ඇඟිලි තුනක් එකතු කළා. මාපට ඇඟිල්ලයි, අනිත් ඇඟිලි දෙකකුයි එකතු කරලා හාල් ටිකක් ගත්තා, සීනි ටිකක් ගත්තා. මේ වගේ ඇඟිලි තුනකින් පොඞ්ඩක් අරගෙන “ඉඳා… මං ගානේ එහෙනම් මේක” කියලා දුන්නා.

එතකොට අපට පැහැදිලිව තේරෙනවා, ඒක අපහාසයට කරපු වැඩක්. හොඳ වැඩක් කරන්න ගියාම ඉතින් අපහාස එනවනේ. ඒ කාලෙත් එහෙමයි. “ඉඳා එහෙනම් මගේ ගානේ ගනින්..” කියලා හාල් ටිකක්, ලූණු ටිකක්, සීනි ටිකක් දුන්නා. ඉතින් මේ තරුණයා ඒක ඉතා ගරු සරුව පිළිගත්තා.

පින්වත්නි, චුට්ටක් හිතලා බලන්න, පිනක් කරන්න ලෑස්තිවෙලා ඉන්දැද්දී කෙනෙකුගෙන් ඒ වගේ ප‍්‍රතිචාරයක් ලැබුණොත් අපට කොච්චර කේන්ති යාවිද? අපට කොච්චර මාන්නයක් ඒවිද? “තමුසෙගේ ඔය ටික තියාගන්නවා. තමුසේ දැනගන්නවා.. තමුසේ ඔය කාලා බීලා ඉන්නේ සංසාරේ කරපු පිනක් නිසයි. ඕක ඉවර වුණාට පස්සේ තමුසෙට හුලං තමයි” කියලා අපට නම් කියවෙනවානේ. ඔන්න වෙනස.

මේකෙන් පේන දේ තමයි, ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන විදිහයි, ධර්මයේ හැසිරෙන්නේ නැති, ධර්මය සිහි නොකරන කෙනා කල්පනා කරන විදිහයි විධි දෙකක්. ඒක රටා දෙකක්. ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන්නේ ධර්මයම මෙනෙහි කරමින්. ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනාට මෙනෙහි වෙන්න ධර්මයක් නෑනේ. එයාට තියෙන්නේ, එයාගේ සිතුවිලි රටාවට අනුව පුරුදු වුණු දේ කරගෙන යන්න විතරයි. ඉතින් අර ධර්මයේ හැසිරෙන කෙනා කලබල වුණේ නෑ. එයා හිතුවේ “අනේ මෙයා චුට්ටක් හරි දීලා භාග්‍යවතුන් වහන්සේගේ දානයට සහභාගි වුණානේ” කියලයි. එහෙම හිතලා බොහෝම ගරුසරු ඇතුව ඒක අරගෙන ගියා.

සාමාන්‍යයෙන් ධර්මය පුරුදු කරපු නැති කෙනෙක් නම් කරන්නේ එක්කෝ එතැනදීම දමලා ගහනවා. නැත්නම් සිටුතුමාට තියෙන භයට සද්ද නැතුව අරන් ගිහින් “මම මේ පොඞ්ඩ දානයට දාන්නේ නෑ” කියලා මගදීම විසි කරගෙන යනවා. එබඳු ලෝකයක මේ කෙනා මේ විදිහට කළේ ධර්මය මෙනෙහි කිරීමෙන්මයි.

මේ තරුණයා ඒක අරන් ගිහිල්ලා පැත්තකින් තිබ්බා. දැන් ඔන්න ලිප් බැඳලා දානය හදනවා. අර සිටුවරයා සේවකයෙකුට කතා කරලා “මම අර කොළුවට මෙන්න මේ විදිහට හාල්, සීනි ආදිය දුන්නා. ඒ ටික දානයට සම්බන්ධ කරනවාද, මොකද කරන්නේ කියලා ගිහිල්ලා බලාපන්..” කියලා කිව්වා.

සේවකයා ගිහින් බලද්දී අර තරුණයා බොහෝම ගරුසරු ඇතුව ‘මේ අර සිටුතුමා දීපු දේවල්..’ කියලා ඒකත් ගත්තා. බලන්න පින්වත්නි, ඕකට තමයි දියුණුව කියලා කියන්නේ. ඕකට තමයි හැබෑම දියුණුව කියලා කියන්නේ. බලන්න සමාජයෙන් බැට කකා තමන්ගේ පාඩුවේ පින රැස් කරනවා.

අපට පැහැදිලිව පේනවා, සිටුවරයා ඒ වැඩේ කළේ ඊර්ෂ්‍යාවෙන්, එහෙම නැත්නම් අපහාස කරන්නම හිතාගෙන. එහෙම කරලා කඬේට එන එන මිනිස්සුන්ටත් “මේං බලාපන් මේ ඇඟිලි තුන එකතු කරාපුවාම බළලාගේ අඩිය වගේ නේද? මම මෙන්න මේ විදිහටයි අර පුද්ගලයාගේ දානයට සම්බන්ධ වුණේ” කියලා ඇඟිලි තුන එකතු කරලා පෙන්නනවා. ඉතින් මිනිස්සුත් හිනාවුණා. ඒත් එක්කම මෙයාට (බිළාලපාදක සෙට්ඨි) ‘බළල් කකුළේ සිටුවරයා’ කියලා නමකුත් පට බැඳුණා. දැන් ඒක දීලා අත්හරින්න එපායැ. මේ පුද්ගලයා අර අහිංසකව පින්දහම් කරන කෙනාගේ පස්සෙන් පන්නනවා.

ඔන්න දැන් ‘බොහොම ගරුසරු ඇතුව ඒවත් දානයට සම්බන්ධ කරගත්තා. ඒ නිසා ඒකේ ප‍්‍රශ්නයක් නෑ’ කියලා ඔත්තුව ආවා. සිටුතුමා එතැනින් නැවතුණේ නෑ. ඔන්න දානය පූජා කරන දවස ආවා. සිටුතුමා කල්පනා කළා ‘දැන් මේකා දානය පූජා කරලා අසවල් අසවල් අය මෙහෙම දානය දුන්නා. අර සිටුවරයා මෙහෙම දුන්නා.. කියලා පිරිස මැද්දේ කියයි. එහෙම කිව්වොත් මම මේ පුද්ගලයාව මරණවා’ කියලා පිහියත් ඉණේ ගහගෙන ගියා.

බලන්න, මේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසකයෙක් නිකම් සමාජයෙන් බැට කන හැටි. අර තරුණයා එයාගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඔන්න දානය පූජා කරගත්තා. මේ තරුණයා දානය පූජා කරලා අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේට කියනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම පිරිසක් පිරිවරා ගෙනයි මේ දානය පූජා කළේ. මේ දානයේදී බොහෝ දාන උපකරණ පූජා කළ පිරිස හිටියා. ස්වල්පය බැගින් පූජා කළ පිරිසත් හිටියා. භාග්‍යවතුන් වහන්ස, ඒ ස්වල්පයක් දුන්න අයටයි, බොහෝ දුන්න අයටයි සියලූ දෙනාට මේ දානයෙහි විපාක සම සේ ලැබේවා!” කියලා.

මේ තරුණයාගේ චිත්ත දියුණුව කොතරම් ආශ්චර්යයක්ද කියන්නේ, පිහියත් ඉණේ ගහගෙන මේක අහගෙන සිටි සිටුවරයා මේ සිද්ධියත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සිටුවරයා මේ තරුණයා ඉස්සරහා “අනේ පුතේ මට සමාවෙයන්..” කියලා වැඳ වැටුණා.

“සිටුතුමනි, ඔබතුමා මේ දානයට මට උපකාර කරපු කෙනෙක්නේ. ඔබතුමා මට වරදක් කළේ නෑනේ?”

“නෑ පුතේ, මම මෙහෙම ඇඟිලි තුනෙන් අල්ලලා දුන්නේ මේක උපහාසයට ලක් කරන්නයි. මගෙන් වුණු වරදට සමාවෙන්න.”

බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වා. බුදුරජාණන් වහන්සේ “සිටුතුමනි, ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසායි. ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා උදෙසායි. ඒ නිසා දුන්නු දේ ටිකයි කියලා කිසියම්ම ආකාරයකට ඒකේ අඩුපාඩුවක් හිතන්න එපා” කියලා ඒ මොහොතේ මෙන්න මේ ලස්සන ගාථා රත්නය වදාළා

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාව දේශනා කළේ බිළාලපාදක සිටුවරයාට.

මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති

උදබින්දු නිපාතේන – උදකුම්භෝ’ පි පූරතී

පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම් පි ආචිනං

‘මේ පින පුංචි දෙයක්. මේ පින තමන්ට ආපහු ලැබෙන්නේ නෑ..’ කියලා පිනට අවමන් කරන්න එපා. බින්දුව බින්දුව වතුර වැටීමෙන් වතුර කළය පවා පිරීයයි. ඒ වගේ ප‍්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය ටික ටික හරි රැස්කරන පිනෙන් පිරෙනවා.

බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අර සිටුවරයාට කිව්වේ ප‍්‍රඥාවන්ත කෙනෙක් විදිහට කල්පනා කරන්න කියලයි. ඒ බණ පදය ඉතාම සාර්ථක වුණා. මේ සිටුවරයා සෝවාන් ඵලයට පත්වුණා. එතකොට අපට පේනවා, ධර්මය අවබෝධ කරන්න වාසනා මහිමය තියෙන අය පවා තමන් තුළ හටගන්නා යම් යම් දෘෂ්ටි ආකල්ප නිසා විශාල කරදරවලට පත්වෙන ආකාරය…

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

මේ බුද්ධිමත් වීමට කාලයයි…
පසුගිය ලිපිය හා සබැඳේ↓

2.5. සදහටම දුකින් නිදහස් වෙන මග…

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2.6. මේ බුද්ධිමත් වීමට කාලයයි…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

මේ ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න අතරේ අපි පින් රැස්කරගන්න ඕන. ජීවිත අවබෝධය සඳහා අපට උපකාරී වන්නේ සීල, සමාධි, ප‍්‍රඥා. එතකොට සීලයක පිහිටලා, අපි කවුරුත් සමාධියක් පිණිස මහන්සි වෙන්න ඕන. චිත්ත සමාධියක් ඇතිකරගෙන ඉන්න ටික ටික හරි පුරුද්දක් ඇතිකර ගත්තොත් ඒ සමාධියකින් ඉන්න මොහොත, කාමයන්ගෙන් වෙන්වූ වෙලාවක්. අකුසල්වලින් වෙන්වූ වෙලාවක්. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සැප අතර කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ සමාධි සැපය හරියට අගය කළා. කාමයන්ගෙන් ලැබෙන සැපය ගොරෝසු එකක්. බතක් කෑවත් “හායි… හූයි…” ගාලා කට දනවා… සීනි කන්න ඕන. ප‍්‍රශ්න ගොඩක්. නටන්න ගියත් දාඩිය දාගෙන, කලන්තේ දාලා තමයි ඉවර වෙන්නේ. ඒ නිසා කාම සැපයේ තියෙන්නේ හරි ගොරෝසු සැපයක්. හැබැයි සමාධි සැපය එහෙම එකක් නෙවෙයි. ඒක හරිම සෞම්‍ය වූ සැපයක්. ශාන්ත වූ සැපයක්. නිස්කලංක සැපයක්. විරාගී සැපයක්.

ඉතින් මේ ජීවිතයේදීම අපේ සිත මෙහෙයවලා, ඉන්ද්‍රිය සංවරය මෙහෙයවලා, වීරිය මෙහෙයවලා, අපි හැමෝටම ඒක අත්විඳින්න වාසනාවක් ලැබුණොත්, ඒක අපි ලබපු මනුස්ස ජීවිතයේ ලබන උතුම්ම ලාභයක්.

හැබැයි ලෝකයට මේ සියල්ලම විවෘත වෙන්නේ එක්කෙනෙක් නිසා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන, මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ, මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වූ පුරුෂෝත්තමයන් වහන්සේ නිසයි මේ ඔක්කොම තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ.

උන්වහන්සේව බැහැර කරලා අපි වෙන වෙනම බුදුවෙන්න කල්පනා කළොත්, ඒක නුවණින් යුක්ත කල්පනාවක් නෙවෙයි. යමෙක් මනුෂ්‍ය වර්ගයාට ඒ මතය ඉදිරිපත් කළොත් එය මනුෂ්‍ය වර්ගයාට කරන හානියක් කියලමයි මං හිතන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම වර්ණනාකළේ අප්‍රමාදයයි. එම නිසා අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සිත පහදවා ගැනීමමයි.

අපේ මොකක්දෝ වාසනාවකට, උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට වැඩියා. විශේෂයෙන්ම පින්වත්නි, ලංකාවේ මනුස්සයින්ට තියෙන වාසනාව හරි අද්භූත වාසනාවක්. ඇයි ඒක පුදුම සහගත වාසනාවක් කිව්වේ? බුදුරජාණන් වහන්සේ ඉපදුණේ මධ්‍ය මණ්ඩලයේ. මධ්‍ය මණ්ඩලයේ තමයි සියලූම බුදුවරු පහළ වන්නේ. ඒ කියන්නේ බරණැස, ගයා කියන සීමාවේ. සැවැත් නුවර, නේපාලයේ කඳුවැටි පැත්තේ ඉඳලා යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවේ තමයි බුදුවරු උපදින්නේ.

අපි මේ කොහේදෝ කොදෙව්වක, සාගරයෙන් වට වූ මේ පුංචි දූපතක්නේ. අද්භූත වාසනාවක් කිව්වේ බුදුවරු පහළවෙන මධ්‍ය මණ්ඩලයේ අද කිසිම දෙයක් නෑ. හැබැයි, යම් සෙවණක ඉඳලා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය ලැබුවාද, සෙවණ දුන් ඒ බෝධීන් වහන්සේ තියෙන්නේ අපි ළඟ, අනුරාධපුරයේ. උන්වහන්සේ යම් ගස් සෙවණක සැතැපී පිරිනිවන්පෑවාද, දෙවියන් බඹුන් පුදන ධාතූන් වහන්සේලා නිධන්කර ස්ථූප තනවා වැඳුම් පිඳුම් කරන්නේ අපි.

එදා උන්වහන්සේ බුද්ධිමතුන් සොය සොයා ගමක් ගමක් ගානේ ඇවිදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ එක තැනක ප‍්‍රකාශ කරනවා, “අනේ… මගේ ළඟට එනවා නම් (ඒතු විඤ්ඤූ පුරිසෝ අසඨෝ අමායාවී) කට්ට කෛරාටිකකම් නැති බුද්ධිමත් මනුෂ්‍යයෙක්. මම අනුශාසනා කරන්නම්. එයාට අවබෝධ කරන්න පුළුවන්” කියලා.

අන්න ඒ වගේ බුද්ධිමත් මිනිස්සු හොය හොයා අවුරුදු හතළිස් පහක්ම මේ දඹදිව් තලය පුරා ඇවිදපු… ඒ බුද්ධිමත් මිනිස්සු හොය හොයා කියාපු දේ… අද තියෙන්නේ අපි ළඟ. මේ ලාංකික අප ලද වාසනාව අසිරිමත් එකක්. ඒක අද්භූත වාසනාවක්.

මේ වාසනාවට විනකරන්න කාටවත් දෙන්න එපා! මේ වාසනාවට විනකිරීම තමයි, බුදුබව පැතීම කියන්නේ. ඒකට කවුරුවත් අහුවෙන්න එපා! මේ වාසනාවට වින කිරීම තමයි, පාරමී පිරීම කියන්නේ. ඒ හැම එකකින්ම භව පැවැත්ම ගැන භය නැතිකරනවා. ඒ මතය විසින් සතර අපායට යටවූ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත‍්‍රිලක්ෂණයට යටවූ, පටිච්චසමුප්පාදයේ ගොදුරු බවට පත්වූ සත්වයාගේ අවිද්‍යාවට ඉණිමං කපනවා. ඒ මතය වින කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයටයි. ඒ නිසා ඒකට ඉඩදෙන්න හොඳ නෑ.

මං මේක කිව්වේ ජපානයෙන්ද කොහෙද කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවලූ මිනිස්සුන්ව මහායානයේ සමාදන් කරවන්න. බෝසත් සමාජයක් බිහිකරවන්න. එක එක්කෙනා බුදුබව පතන්න, එක එක්කෙනා පාරමී පුරන්න කියලා කියාගෙන යනවලූ! ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොපැහැදුණු හිස් පුද්ගලයන් හැම තැනම ඉන්න නිසා ඒ හිස් පුද්ගලයන් මේකට උදව් කරාවි.

නමුත් අපි සිහි බුද්ධියෙන් ඉන්න ඕන. අපි සරණ ගියේ ඒ කවුරුවත් නෙවෙයි. ඒ කාගෙවත් කතාබහ නෙවෙයි. අපගේ මොකක්දෝ වාසනාවකට, අපි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වගේ යුගයක, කිඹුල්වත් නුවර සුදොවුන් රජුට දාව මහමායා බිසවුන්ගේ කුසින් පහළ වූ, සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මේක ඔබේ මතකයෙන් ඈත් කරන්න කිසි කෙනෙකුට ඉඩදෙන්න එපා!

ඒ බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ බෝධීන් වහන්සේට අපි වන්දනා කරනවා. ඒ බෝධීන් වහන්සේ වැඩසිටින්නේ අනුරාධපුරයේ උඩමළුවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රනින් කළ දාගැබක් ඇතුළේ, ඉර්ධිමත් රහතුන්ගේ අරහත් බලය මිශ‍්‍ර කරලා ආරක්ෂා සහිතව, අපේ දුටුගැමුණු රජතුමා හදලා අපට වඳින්න පුදන්න දීපු ස්ථූපය තාම තියෙනවා. අපි ඒ රුවන්වැලි සෑය වන්දනා කරනවා.

ඒ රහතන් වහන්සේලාගේ යුගයේ ඒ රහතන් වහන්සේලා සියලූ බාධක, කරදර, කම්කටොලූ අභියස මුහුදු වෙරළට ගිහින් වැටකෙයියා ඉස්ම බිබී කටපාඩම් කරගෙන ආපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම තියෙනවා. ඒ ධර්මය අද අපේම භාෂාවෙන් පරිවර්තනය වෙලත් තියෙනවා. ඒ නිසා මේක කවුරුහරි විකෘති කළොත්, විකෘති කරන්නේ ඔය මහායාන කෙනෙක්මයි. පාරමී පුරන්න කියන ඔක්කොම මේ ධර්මය විකෘති කරන්න කියන අයයි. මේක විකෘති කරන අය කවුද කියලා හොඳට මතක තියාගන්න.

ඊළඟට කවුරුහරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ මේවා ගණ පිහිටුවලා දේශනා කළා කියලා, අන්න විකෘති කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යයක් මිසක් ගණයක් නෙවෙයි. මේ දේශනාව තමයි ‘සත්‍යය.’ බුදුරජාණන් වහන්සේ දේශනා කළ රතන සූත‍්‍රය, කරණීය මෙත්ත සූත‍්‍රය කියන්නේ නවාංග ශාස්තෘ ශාසනයේ ගාථා සහිත දේශනාවන් මිස ගණ පිහිටවූ දේවල් නෙවෙයි.

මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන. අංගුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරද්දී තරුණ අම්මා කෙනෙක් කෑගහන විලාපයක් ඇහුණා. ඒ විලාපය අභියස මේ ස්වාමීන් වහන්සේගේ පාද නතර වෙලා ඉදිරියට ඇදෙන්නේ නෑ. ‘මොකද මේ?’ කියලා පොඞ්ඩක් විපරම් කළා. තරුණ අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න අමාරුවෙන් කෑගහනවා. ඒ දරුවා මව්කුසේ හිරවෙලා… දරුවා බිහිවෙන්නේ නෑ.

දැන් මේ රහතන් වහන්සේ මොනවා කරන්නද? බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ගිහින් බුදුරජාණන් වහන්සේට කියනවා,

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පිණ්ඩපාතේ වඩිද්දී, අම්මා කෙනෙක් විලාප දෙනවා. භාග්‍යවතුන් වහන්ස, මට හරි සංවේගයක් හටගත්තා. අනේ… මට මේකට උදව් කරන්න පිළිවෙලක් නෑනේ කියලා.”

“නෑ… නෑ… ඔබට පුළුවන්. ඔබට පුළුවන් අංගුලිමාල, උදව් කරන්න. (ඔබට මං ගණ පිහිටුවලා සෙත් කවියක් ලියලා දෙන්නම්. ඔබ ගිහින් ඒක කියන්න. එහෙම කිව්වද? නෑ…) අංගුලිමාල, ඔබ ගිහින් ඇත්ත කියන්න. සත්‍යය කියන්න.”

“කොහොමද ස්වාමීනී, මං සත්‍යය කියන්නේ..?”

“ඔබ ගිහින් කියන්න මං දැන දැන සතෙක් මැරුවේ නෑ කියලා.”

“අනේ… ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කාලයක් තිබුණා…. මේ අත්දෙක පුරාවට මිනිස් ලේ තැවරිලා… ඒ හැම මිනිස් ලෙයක්ම මා විසින් නසපු මනුෂ්‍යයෙකුගේ… ඉතින් මං කොහොමද එහෙම කියන්නේ…?”

“නෑ… නෑ… ඔබ ගිහින් කියන්න ‘මං ආර්ය ජාතියේ යම් දවසක උපන්නාද, එදා සිට දැන දැන සතෙක් මැරුවේ නෑ’ කියලා”

“එහෙමයි, ස්වාමීනී.”

අනිත් පැත්ත හැරුණා, වැඩම කළා. මොන ගණ පිහිටුවිල්ලක්ද? ඔය ගණ පිහිටෙව්වා කියලා කෑගහන සියලූ දෙනාම මේ බුද්ධ ශාසනය විනාශ කරන අය. අංගුලිමාල මහරහතන් වහන්සේ ගිහිල්ලා මොකක්ද කිව්වේ….?

“(යතෝ’හං භගිනි, අරියාය ජාතියා ජාතෝ) නැගණිය, මං ආර්ය ජාතියේ යම් දවසක උපන්නාද එදා පටන් (නාභිජානාමි සක්‍ද්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා) දැන දැන සතෙක් මැරූ වගක් මං දන්නේ නෑ. (තේන සච්චේන සොත්ථි තේ හෝතු) මේ සත්‍යයෙන් ඔබ සුවපත් වේවා! (සොත්ථි ගබ්භස්සාති) ඔබ සුවසේ දරුවෙක් ප‍්‍රසූත කරාවා!”

බලන්න මේ සත්‍යය කොච්චර බලවත් සත්‍යයක්ද කියලා. අර අම්මගේ වේදනාවට වුණ දෙයක් නෑ. පෙරහන්කඬේකින් වතුර වැක්කෙරෙනවා වගේ දරුවා බිහිවුණා. සත්‍යය කියලා කියන්නේ ඒ වගේ පුදුමාකාර බලවත් දෙයක්.

මේ සත්‍යය වහන්නේ ගණ ඉස්සරහට දාන අයයි. ‘පිරිත්වල ගණ පිහිටුවලා තියෙන්නේ. මේක සිංහලෙන් කිව්වොත් ඒ ගණය මාරුවෙනවා… එතකොට ඒකේ අර්ථය එන්නේ නෑ’ කියන උදවිය තමයි මේ සත්‍යය වහන්නේ.

ඔබ මේ සත්‍යය වහන කෙනා අඳුනගන්න ඕන. ‘මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න ලෑස්ති වෙන්න එපා! ඕවා බොරු කතාවල්’ කියන අය තමයි සත්‍යය වහන්නේ. ‘කලබල වෙලා හරියන්නේ නෑ. ඕකට හිමීට හිමීට පාරමී පුරන්න ඕන’ කියන කීම තුළත් සත්‍යය වහනවා.

ඒ නිසා සත්‍යයට විනකරලා බුද්ධිමතුන්ගේ ලෝකයෙන් සාප ලබන්න ඕන නෑ. සත්‍යයට වින කරන්න ඕන නෑ. මේ ලෝකයේ මේ සත්‍යය කරා ගිය දෙවිවරු සත්‍යයට කැමතියි. ඒ අය තවම ලෝකයේ ඉන්නවා. සත්‍යය කරා ගිහිල්ලා, චාතුම්මහාරාජික, යාම, තුසිත, තාවතිංස, නිම්මාරණරතී, පරනිම්මිත වසවත්තී, බ‍්‍රහ්මකායික දේවලෝකවල මාර්ගඵල ලාභීන් කෝටි ගණන් ඉන්නවා. ඒ සත්‍යානුභාවයෙන් සැප ලැබූ දෙවිවරු දහස් ගණන් ඉන්දැද්දී මෙහේ ‘මේ සත්‍යය කියා දෙයක් නැත. ගණ කියා දෙයක් තිබේය’ කියා කතාවෙනවා නම් ඒක ඉතින් අවාසනාවේ ලකුණක්…!

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය සත්‍යයමයි. යමෙක් ලෝකයේ සත්‍යය කියලා යමක් හොයනවා නම්, ඒ සත්‍යය තමයි මේ තියෙන්නේ. මේ ලෝකයේ කියන්න මීට වඩා සත්‍යයක් නෑ.

උපදින්නේ මේ ආකාරයටයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නම්, ලෝකයේ කාටත් උපදින්න තියෙන්නේ මේ ආකාරයට තමයි. උපතට හේතුව මේකයි කිව්වාම ලෝකයේ කාගෙත් උපතට හේතුව මේක තමයි. මේ හේතුව නැතිකිරීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කිව්වාම, කාගේ දුකෙනුත් නිදහස් වෙන්න පුළුවන් ඒ ආකාරයටයි. මේ සඳහා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කිව්වාම ලෝකයේ කාටත් දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.

මේ නිසා පින්වත්නි, මේ සත්‍යය නිකම් සත්‍යයක් නෙවෙයි, ආර්ය සත්‍යයක්. අවුරුදු දහස්ගාණක් මේ සත්‍යයට වැටකඩොළු බැඳලා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවන්න, කියවන්න අසත්‍යයේ කඩතුරාව ඉරී, බිඳී, වැනසී යනවා. සත්‍යය මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි සත්‍යය මතුවෙන්නේ.

මේ සත්‍යය තුළ තියෙන ආශ්වාදය නිරාමිස එකක්. සත්‍යය තුළ තියෙන ආනුභාවය ආශ්චර්යයි. සත්‍යයේ තියෙන ආලෝකය සදාතනිකයි. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පින නිසා සැප ලැබෙනවා කිව්වාද, ඒක සත්‍යයක්මයි. අවබෝධය තුළින් එතෙර වෙන්න කිව්වාද, ඒක සත්‍යයක්මයි. ඒ නිසා මේ සත්‍යය අපේ භාෂාවෙන් තේරුම්ගන්න ලැබුණාම, දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ බුද්ධිමත් සියලූ දෙනා, සත්‍යකාමී සියලූ දෙනා ඒක අනුමෝදන් වෙනවා. සත්‍යයට පිටුපාන සියලූ දෙනා ඒකට අකමැති වෙනවා.

මං පුංචි කාලේ කියවපු එක ශ්ලෝකයක් තියෙනවා ‘ගලක් ගලක් පාසා මැණික් නැත. ඇතෙක් ඇතෙක් පාසා ගජමුතු නැත. වනයක් වනයක් පාසා සඳුන්ද නැත. මේ වගේ හැම තැනම සත්පුරුෂයෝ නැත. හැම තැනම කල්‍යාණ මිත‍්‍රයෝ නැත’ කියලා.

මේ නිසා බොහෝම දුර්ලභව ලැබුණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපට ඇතුළත් වෙන්න ලැබුණා. අපි ලෝකයාට ආදරෙයි නම්, ගෞතම ශාසනයේ පිහිට ලබන්න තියෙන ඉඩකඩ රැකගන්න ඕන. කාටවත් ඒකට විනකරන්න දෙන්න හොඳ නෑ. ඒ ඉඩකඩ ලබාගෙන ඒක දියුණු කරගන්න ඕන.

ඒ නිසා මේ ජීවිතයේ ගෙවල් දොරවල්වල කටයුතු, රැකිරක්ෂාවල කටයුතු, ගොවිතැන්බත් කටයුතු හැම එකක්ම කරගන්නා අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට ලබාගන්න අපි කරුණු දෙකක් ලඟා කරගන්න ඕන. ඒ තමයි පිනයි, අවබෝධයයි.

අපි පුළුවන් තරම් පින් රැස්කරගන්න ඕන. ඒ අතරේ මේ පටිච්ච සමුප්පාදය හොඳට නුවණින් මෙනෙහි කරලා, නිරවුල් කරගෙන, තේරුම් අරගෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ටික පැහැදිලි කරගෙන ටික ටික නමුත් ධර්මාවබෝධයට මහන්සිවෙන්න ඕනේ. කළයේ හිල් නැත්නම්, සිදුරු නැත්නම්, බිඳිලා නැත්නම්, බිංදුව බිංදුව නමුත් දිය පොද වැටෙන්නේ කළයට නම්, අහක යන්නේ නෑ. (හැබැයි අඩු කළේ දිය සැලේ… පිරුණු කළේ දිය නොසැලේ…) මේ නිසා ඒ කළය පුරවගන්න. ජීවිතය නැමැති කළය පින් බිඳ බිඳ නමුත් පුරවගන්න. අවබෝධයත් පුරවගන්න.

මේක මනුෂ්‍යයෙකුට ලැබෙන අතිදුර්ලභ වාසනාවක්. අපේ මුතුන් මිත්තන්ට මේවා අහන්න ලැබුණේ නෑ. අපේ ආච්චිලාට සීයලාට මේවා අහන්න ලැබුණේ නෑ. සමහර අය හිතන්න බැරි දහම් කරුණු දන්නවා. සූත‍්‍ර දේශනා දන්නවා. යවකලාපී සූත‍්‍රය විස්තර වශයෙන් කියයි. සිංහනාද සූත‍්‍රය කියයි. මහා හත්ථිපදෝපම සූත‍්‍රය කියයි. ධම්මචක්කපවත්තන සූත‍්‍රය කටපාඩමින් කියයි. අනාත්ම ලක්ඛණ සූත‍්‍රය දන්නවා.

මේ වෙන කොට අපි සූත‍්‍ර දේශනා හය හත්දහසක් විතර පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ සූත‍්‍ර අනුසාරයෙන් බොහෝ දැනුමක් ලැබිලා තියෙනවා. දැන් මජ්ඣිම නිකාය මොකක්ද? කියලා දන්නවා. මං පැවිදි වෙලා දොළොස් අවුරුද්දක් පන්සලේ හිටියා. සුත්ත නිපාතය කියන්නේ මොකක්ද කියලා මං දැනගෙන හිටියේ නෑ. නමුත් අද මහමෙව්නාවේ දහම් සේවාව නිසා ‘අපේ බුදුසමිඳු තවම වැඩවෙසෙති’ කියන පොතෙන් සුත්ත නිපාතය සම්පූර්ණයෙන්ම කියවන්න පුළුවන්. අට්ඨක වර්ගය, පාරායන වර්ගය දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා ධර්මය දැනගන්න කොට, දැනගන්න කොට අඩු කළය තමයි සෙළවෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන ධර්මය තුළින් හැමදෙයක්ම ගලපගන්න.

මහා හත්ථිපදෝපම සූත‍්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සන දෙයක් දේශනා කරනවා, කවුරු හරි බැන්නොත් සිහියෙන් ඉඳලා හිතන්න කියනවා ‘ඔන්න දුක් සහගත ස්පර්ශයක්. මට දැන් කණට ශබ්දයක් ඇහුණා. දැන් ඒ ශබ්දය නිසා කණට ස්පර්ශයක් ඇතිවුණා. හැබැයි විඳීම දුකක්. ඒ දුක ඇතිවෙන්න යම් ශබ්දයක් උපකාර වුණාද, ඒ ශබ්දය අනිත්‍යයයි. එතකොට ඒ ශබ්දය ඇහුණේ යම් කණකටද, ඒ කණත් අනිත්‍යයයි. ඒ කණයි, ශබ්දයයි එකතුවෙද්දී යම් විඤ්ඤාණයක් පහළවුණාද, ඒකත් අනිත්‍යයයි. ඒ තුන එකතුවුණා, ස්පර්ශය. ඒකත් අනිත්‍යයයි. ඒකෙන් යම් දුක් විඳීමක් ඇතිවුණාද, ඒකත් අනිත්‍යයයි. ඒක නිසා මට යම් හඳුනාගැනීමක් ඇතිවුණාද, ඒකත් අනිත්‍යයයි. ඒ ගැන මට යම් චේතනාවක් ඇතිවුණාද, ඒකත් අනිත්‍යයයි.’ මෙහෙම හිතන්න කිව්වා. ඊට පස්සේ කියනවා ‘මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස හැදිලා තියෙන්නේ මේ වගේ දේවල්වලට මුහුණ දෙන විදිහටයි. ඒ නිසා මේකෙ මට හිතන්න දෙයක් නෑ කියලා හික්මෙන්න’ කියලා.

බලන්න අපට ඒ විදිහට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒක ජීවිතාවබෝධයක් කරා යන්න මොනතරම් උදව් කරනවාද? බැරිවෙලාවත් කවුරුහරි ගැහුවොත් ඒත් එහෙම හිතන්න කිව්වා. බැන්නොත් ඒත් එහෙම හිතන්න කිව්වා.

ඉතින් ඒ නිසා මේ අවබෝධය කරා යෑම අපට හරි වැදගත්. ඒ නිසා මේ ජීවිතයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන, හොඳට නුවණින් කල්පනා කරලා, පින් රැස්කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්නට අප සියලුදෙනාට වාසනාව ලැබේවා!

සාදූ! සාදූ! සාදූ!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්

සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ

‘පින සහ අවබෝධය…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

Back to Top

සදහටම දුකින් නිදහස් වන්නට…
පසුගිය ලිපිය හා සබැඳේ↓

2.4. මේ තමයි සසරේ හැටි…!

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2.5. සදහටම දුකින් නිදහස් වන්නට

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ස්පර්ශය නිසයි විඳීම ඇතිවෙන්නේ. ස්පර්ශය කියලා කිව්වේ ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතුවීමයි. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවීමයි. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවීමයි. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවීමයි. අපට මේ වෙලාවේ ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ඇති වෙවී තියෙන්නේ. එතකොට විඳීම ඇතිවෙනවා. එතකොට ආශාව ඇතිවෙනවා.

මෙතැනදී අපි ස්පර්ශය පාවිච්චි කරන්නේ අවබෝධයක් පිණිසයි. එතකොට මෙතැනදි අපි හරි වීරියක් ගන්න ඕන. සිහිය යොමු කරන්න ඕන. කල්පනාව යොමු කරන්න ඕන. හිතන්න ඕන. මේ හැකියා අපට උපතත් සමඟ ලැබුණු වාසි. අපි ඒ දේවල් ප‍්‍රයෝජනයට ගන්න ඕන.

ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්පර්ශයට හේතුව මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස නැමැති ආයතන හයයි කියලා. මනුස්සයෙකුගේ ඇස මැරෙන කොට, තුවාල වෙනකොට මිනිස්සු කියනවා ‘අනේ… මට මේ වගේ ඇසක් නම් එපා!’ කියලා. කණේ ප‍්‍රශ්නයක් එනකොට මිනිස්සු ‘අනේ… මේ වගේ කණක් නම් එපා!’ කියලා කියනවා. ඇඟේ ලෙඩ එනකොට ‘අනේ මට මේ වගේ ශරීර නම් එපා!’ කියලා කියනවා.

හැබැයි, එයා හැමතිස්සේම හිතෙන් මිදෙන්න බැරුව ඉන්නවා. එයා හැමතිස්සේම හිත ‘මම’ කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඇසටත් වසඟවෙලා ඉන්නවා. කණටත් වසඟවෙලා ඉන්නවා. නාසයටත් වසඟවෙලා ඉන්නවා. දිවටත් වසඟවෙලා ඉන්නවා. කයටත් වසඟවෙලා ඉන්නවා. මනසටත් වසඟවෙලා ඉන්නවා.

මේ විදිහට අප තුළ ස්පර්ශය ඇතිවෙනවා. වේදනාව ඇතිවෙනවා. තණ්හාව ඇතිවෙනවා. උපාදාන ඇතිවෙනවා. භවය ඇතිවෙනවා. ජාති, ජරා, මරණ ඇතිවෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ “මේක අවබෝධ කරන්න” කියලා වදාළේ.

මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස වයසට යන්නේ, මැරෙන්නේ අනිත්‍ය නිසානේ. අපට අවබෝධ නොවුණෙත් මේ අනිත්‍යයයි කියන එකමයි. මේවා ‘මගේ නොවේ, මට අයිති නෑ’ කියන එකයි අපට අවබෝධ නොවුණේ. ඒ නිසා අර වින්දනය ඇතිවෙලා තණ්හාව ඇතිවෙන කොට (වින්දනය හටගන්නේ ඇසේ ස්පර්ශයෙන්. වින්දනය නිසා තණ්හාව, ආශාව ඇතිවෙලා ඒක සතුටින් පිළිගන්න කොට) මේකෙ පැවැත්ම ඕන වුණා.

මේ නිසයි මනුස්සයාට, දෙවියන්ට මේ ‘නිවන’ කියන වචනය තේරුම් ගන්න අමාරු. ‘ඉපදීමෙන් නිදහස් වෙනවා’ කියන එක තේරුම් ගන්න අමාරු. කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘හරි වැඬේනේ. එතකොට නිවන් දැක්කොත් ඇහැක් කෝ? නිවන් දැක්කොත් කණක් කෝ? නාසයක්, දිවක්, කයක්, මනසක් කෝ?’ කියලා භයක් ඇතිවෙනවා. මොකද, මේක අනිත්‍යයයි කියලා දන්නේ නෑනේ. භයක් ඇතිවුණාම එයා කියන්නේ ‘නෑ… නෑ… නෑ… දැන්ම නිවන් දකින්න අපි කලබල වෙන්න ඕන නෑ’ කියලයි. ඒ අය හිතාගෙන ඉන්නේ ඊයෙ පෙරේදා ඉපදිලා කියලා. සංසාරේ පටන්ගෙන තියෙන්නේ මේ ආත්මයෙන් කියලයි හිතාගෙන ඉන්නේ. “දැන්ම නිවන් දකින්න කලබල වෙන්න ඕන නෑ. අපි හිමීට හිමීට යං” කියනවා. ඒ භය නැතුව යන්නේ මේ හේතුඵල දහම අවබෝධ වීමෙන් පමණයි.

නමුත් ආත්ම දෘෂ්ටියෙන් බලද්දී කාට වුණත් භය හිතෙනවා. සක්කාය දිට්ඨියෙන් බලද්දී හිතෙන්නේම ‘මගේ පැවැත්ම’ කියලයි. නමුත් හේතුඵල වශයෙන් බලද්දී ‘මේ තුළ මමය, මාගේය කියලා ගන්න දෙයක් නෑ. මේකේ තියෙන්නේ හේතුඵල දහමක්’ කියලා අවබෝධයක් ඇතිවෙනවා. එතකොට එයා ඒකෙන් නිදහස් වෙන්න කැමැති වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන මේ හයම අපට ලැබුණේ නාමරූප වලින් කියලයි. ඒ කියන්නේ මව්කුසක විඤ්ඤාණයක් පහළ වෙන්න කරුණු තුනක් ඕන. ඒ තමයි, මව් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් ඉන්න ඕන. ඊළඟට තාත්තා කෙනෙකුයි, අම්මා කෙනෙකුයි එකතු වෙන්න ඕන. (මව්පියන් එකතුවෙන්න ඕන. එතකොට උපතක් සඳහා භෞතික පරිසරය තියෙනවා) ගන්ධබ්බයෙකුගේ පැමිණීමත් ඕන. එතකොට මව්කුසේ ඒ විඤ්ඤාණය පිහිටනවා.

මව්කුසේ ඒ විඤ්ඤාණය පිහිටන්නේ මව්කුසේ සකස් වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස ධාතු වලින් සැදි පරිසරය තුළයි. ඒ පරිසරය තුළ තමයි අර විඤ්ඤාණය පිහිටන්නේ. ඊට පස්සේ විඤ්ඤාණය මුල්කරගෙන රූපය වැඩෙනවා. ස්පර්ශයට වුවමනා කාරණය වැඩෙනවා. වින්දනයට වුවමනා කාරණය වැඩෙනවා. සඤ්ඤාවට වුවමනා කරන දේ වැඩෙනවා. චේතනාවන් සකස් වෙන්න වුවමනා දේ වැඩෙනවා. නාමරූප හැදෙනවා.

මව්කුසේදී ඒ නාමරූපවලින් තමයි ටික ටික ඇහැ හැදෙන්නේ. කණ් දෙකක් හැදෙනවා. නාසයක් හැදෙනවා. පොඩි ඇට සැකිල්ලක් හැදෙනවා. ඇඟක් හැදෙනවා. මනසක් හැදෙනවා. ඔන්න ඉතින් උපදිනවා. නාමරූපවලින් තමයි මේ ආයතන හය හැදෙන්නේ.

දැන් අපි පාවිච්චි කරන මේ ඇස් දෙක එහෙම හැදුණ ඇස් දෙකක් නෙවෙයිද? අපේ කණ් දෙකත් නාමරූපවලින් හටගත්ත කණ් දෙකක්. නාසයත් නාමරූප වලින් හටගත්ත නාසයක්. දිවත් නාමරූපවලින් හටගත්ත එකක්. ශරීරයත් නාමරූපවලින් හටගත්ත එකක්. මනසත් නාමරූපවලින් හටගත්ත එකක්. නාමරූප නිසා තමයි මේ ආයතන හය හැදුණේ කියලා අපි අවබෝධ කරගන්න ඕන. හැබැයි විඤ්ඤාණයක් නැත්නම් නාමරූප හැදෙන්නේ නෑ. විඤ්ඤාණය තිබුණ නිසා තමයි නාමරූප හැදුණේ. අපි මෙතැනින් මැරෙන කොට විඤ්ඤාණය චුතවෙනවා. එතකොට නාමරූප තිබුණොත් තමයි විඤ්ඤාණය වැඩෙන්නේ.

මතකද මං ඔබට කලින් විඤ්ඤාණයට උපමාවක් කිව්වා, විඤ්ඤාණය බීජයක් වගේ කියලා. ඒ බීජය මුල් අදින්නේ පෘථිවි සාරය ගන්නයි. පෘථිවි සාරය ගන්නේ කොළ අතු ලියලා ගන්නයි. මේ වගේ තමයි මේ විඤ්ඤාණය නිසා නාමරූප. නාමරූප නිසා විඤ්ඤාණය. මේවා හැදි හැදී තමයි ආයතන හයක් හැදෙන්නේ.

ඉතින් ඊට පස්සේ ඔන්න අපි උපන්නා. දැන් කය හා බැඳුණු සංස්කාර තියෙනවා. කාය සංස්කාර. ඒ වගේම වචන කතා කරන්න හිත ඇතුළේ වචී සංස්කාර හැදෙනවා. සිත පවතින්න ඕන දේ දැන් හදාගෙන තියෙනවා. ඒ තමයි, සඤ්ඤා වේදනා. මේ ඔක්කෝගේම පදනම දුකක පැවැත්මක් කියලා අපි දන්නේ නෑ. ඒ තමයි අවිද්‍යාව.

මේ දුක පවත්වන්න තණ්හා සහගත ක‍්‍රියාකාරීත්වයක් හේතුවෙලා තියෙනවා. ඒ ගැන අපි දන්නේ නෑ. ඒ අවිද්‍යාව. මේ තණ්හා සහගත ක‍්‍රියාකාරීත්වයෙන් නිදහස් වුණොත් දුකෙන් නිදහස්. ඒක දන්නෙත් නෑ. ඒත් අවිද්‍යාව. මේ සඳහා තිබෙන්නේ තමන්ගේම කුසලතා අවබෝධයෙන් මෙහෙයවා ගැනීම, සිහිය දියුණු කිරීම, ඉන්ද්‍රිය සංවරය, වීරිය, නුවණ, සමාධිය කියලා දන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ කරා යන්න අපට වුවමනා වෙන්නේ කියලා දන්නේ නෑ. ඒකට කියන්නෙත් අවිද්‍යාව.

ඒ නොදන්නාකම අනිත් නොදන්නාකම්වලට වඩා බරපතල එකක්. හේතුව තමයි, මනුස්සයෙකුට ඕන නම් දෙවියෙක් වෙන්න පුළුවන්. මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි අවිද්‍යාව ප‍්‍රහාණය කරන්න දන්නේ නෑ.

කොච්චර නොදන්නවාද කියන්නේ බුද්ධ කාලේ නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවලත් විමුක්තියක් හොයා ගන්න ඕන කිය කියා භාවනා කර කර ඉඳලා සමහරු ගිහිල්ලා බඹලොව උපදිනවා. හැබැයි බඹලොව උපන්නත් චතුරාර්ය සත්‍යය දන්නේ නෑ. දෙවියන් අතරත් උපදින්න පුළුවන්. ඒත් චතුරාර්ය සත්‍යය දන්නේ නෑ.

දැන් අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ලෝකයේ මිනිස්සු වෙලා ඉන්නේ අපි ටික විතරක් නෙවෙයිනේ, කෝටි ගාණක් ඉන්නවානේ. මේ කෝටි සංඛ්‍යාත මනුස්ස ප‍්‍රජාව ඉන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා නෙවෙයිනේ. මේ ඔක්කෝම ඉන්නේ අවිද්‍යාව තුළයි. අවිද්‍යාව තුළ ජීවත් වෙන සත්වයන් අවිද්‍යා සහගතව ‘මමය, මාගේය, මාගේ ආත්මයෙන් යුක්තයි’ කියන හැඟීමෙන් වෙලී ආශ්වාස, ප‍්‍රශ්වාස කරද්දී කාය සංස්කාර සකස් වෙනවා. කතා කරද්දී විතක්ක, විචාර (වචී සංස්කාර) සකස් වෙනවා. හඳුනාගනිද්දී, විඳිද්දී හිත හා බැඳුණ සංස්කාර (චිත්ත සංස්කාර) සකස් වෙනවා.

මේ ක‍්‍රියාකාරීත්වය තුළ විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. නාමරූපයන්ගේ ක‍්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. ආයතන හයේ ක‍්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. ස්පර්ශයේ කි‍්‍රයාකාරීත්වය නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. විඳීම හටගැනීම නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. විඳීම හටගන්න කොට ආශාව තිබීම නිරන්තරයෙන්ම හටගන්නවා. ආශා කරන දේට හිරවීම නිරන්තරයෙන්ම සිද්ධවෙනවා. ඊට පස්සේ චේතනාව නැමැති මැෂින් එක නිරන්තරයෙන්ම වැඩකරනවා. උපත කරා යන්න විඤ්ඤාණය හැදීම නිරන්තරයෙන්ම සිද්ධවෙනවා.

මේක පාලනය කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉස්සෙල්ලාම ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ආයතන හය පාලනය කරන්න කිව්වා. දැන් ටීවී එක බැලූවත් අවුස්සනවා. රේඩියෝ එක ඇහුවත් අවුස්සනවා. පත්තරයක් බැලූවත් අවුස්සනවා. කඩයකට ගියත් අවුස්සනවා. ඒ නිසා මේක පාලනය කරන්න කිව්වා. මේක පාලනය කරලා අකුසල් විපාක ලබලා දෙන දෙයින් වළකින්න කිව්වා.

ඊට පස්සේ සීලයෙන් කය වචනය සංවර කරන්න කිව්වා. වීරියෙන් යුතුව සිහිය දියුණු කරගන්න කිව්වා. වීරියෙන් යුක්තව සිහිය දියුණු කරන කොට අර අවුල් ගතියෙන් කාමයට අහුවුණ සිත ඒකෙන් මිදිලා සමාධිගත වෙනවා. වීරියෙන් යුක්තව සිහිය දියුණු කරන කොට කාමය අත්හරිනවා. කාමය සම්බන්ධ ඇස, කණ, නාසය, දිව, කය එක්කයි. දැන් මෙයා ඉන්ද්‍රිය සංවර කරනවා. ඉන්ද්‍රිය සංවර කරන කොට වැටකඩොළු බැඳෙන්නේ කාමයටයි.

ඊට පස්සේ මෙයා වීරිය කරනවා. අකුසල් හටගන්න කොට දුරුකරන්න, කුසල් උපදවා ගන්න මහන්සි ගන්නවා. අලූතෙන් අකුසල් උපද්දවන්නේ නැතුව ඉන්න මහන්සි ගන්නවා. මෙහෙම ඉඳලා සිහිය දියුණු කිරීම පිණිස එක්කෝ ආනාපානසති, එක්කෝ ධාතුමනසිකාර, එක්කෝ බුද්ධානුස්සති, එක්කෝ මෛත‍්‍රිය වඩනවා. ඒ වගේම එයා ඉන්ද්‍රිය සංවර කරගෙන අනිත්‍ය ආයතන භාවනා වගේ එකකට යොමුවෙනවා.

මේක වීරියෙන් කරනකොට, කරනකොට සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු වෙනකොට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී අංග දියුණු වෙනවා. අන්න කාමයන්ගෙන් පනින්න පුළුවන් ආකාරයට, දෘෂ්ටි ලිහන්න පුළුවන් ආකාරයට, සීලබ්බත පරාමාස ලිහෙන ආකාරයට, ආත්මවාදයෙන් නිදහස් වෙන්න පුළුවන් ආකාරයට මනස තැන්පත් වෙනවා. අන්න සම්මා සමාධිය.

මේ සමාධිය තුළ මෙයා විමස විමසා බලන්නේ මේ පටිච්ච සමුප්පාදය විස්තර කරන මේ රටාව ගැනයි. ආයතන හයෙන් අරමුණු ගන්නවා, විඳිනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ කරකර වැඩකරනවා. මේ එකක් එකක් ගානේ මේවා නිත්‍යද, අනිත්‍යද කියලා විමසනවා. දැන් කලබලයක් නැතුව විමසගන්න පුළුවන්. දැන් මෙයාගේ හිත කලබල නෑ. තැන්පත්. අන්න හිත දමනය කළා. හිත තැන්පත් කළා. ඔන්න සම්මා සමාධියත් ඇතිකරගත්තා.

ඊට පස්සේ මෙයා සම්මා සමාධිය තුළ පටිච්ච සමුප්පාදය හොඳට විමසා බලනවා. එතකොට මෙයාට පටිච්චසමුප්පාදයේ තියෙන ලක්ෂණය මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලක්ෂණය තමයි හේතූන් නිසා ඵල හටගන්නවා. හේතු නැතිවෙන කොට ඵලය නැතිවෙනවා. මේක ධර්මතාවයක්. මේක ‘මම’ කියලා කෙනෙකුගේ ක‍්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක ‘මගේ’ කියලා කෙනෙකුගේ ක‍්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක ‘මගේ ආත්මය’ කියලා කෙනෙකුගේ ක‍්‍රියාකාරීත්වයක් නෙවෙයි. මෙතැන තියෙන්නේ හේතූන් නිසා හටගන්නා යමක් ඇද්ද, හේතු නැතිවීමෙන් එය නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මතාවයයි. මේක අවබෝධ කරගත්තා නම්, ඊට පස්සේ එයා එතැන ඉඳලා උපත කරා යන්න හේතු වුණ දේ බලනවා.

එතකොට කවුරුහරි කියනවා නම් ‘මරණින් මත්තේ උපතක් නැත’ කියලා ඒක බොරු බව මෙයාට පේනවා. ඒකට හේතුව තමයි, මේ රටාව තමන් තුළින්ම දැකීම. එතකොට ‘මරණින් මත්තේ සදාකාලික වෙනවා, දෙවියන් දඬුවම් දීලා සදාකාලික නිරයට ඇදලා දානවා, දෙවියෝ තෑග්ගක් දීලා සදාකාලික ස්වර්ගයට යවනවා’ කියන මේ සියලූ මත ඇත්ත නෙවෙයි කියලා එයා දැනගන්නවා.

මේ පටිච්ච සමුප්පාදය තේරුම්ගත්තු ගමන් එයා දෘෂ්ටි උපාදානයෙන් නිදහස්. එතකොට මෙතැන හේතුඵල දහමක ක‍්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා තේරුම් ගත්ත ගමන් සීලබ්බත උපාදානයන්ගෙන් නිදහස් වෙනවා. මෙතැන තියෙන්නේ හේතුඵල දහමක පැවැත්මක් කියලා තේරුම් ගත් ගමන් සක්කාය දිට්ඨියෙන් නිදහස්.

මෙන්න මේ කාරණාවට යන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. එතකොට පින්වත්නි, අපට මේ විදිහට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපි සියල්ලෙන්ම නිදහස් වෙනවා. ඒ පටිච්ච සමුප්පාදය තුළ ඉගැන්වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවා. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා. නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා. ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. විඳීම නිසා ආශාව ඇතිවෙනවා. ආශාව නිසා ඒකට කොටුවෙනවා, හිරවෙනවා. ඒකට අහුවෙන නිසා චේතනා පහළ කරකර කර්ම රැස්වෙනවා. ඒ නිසා උපදිනවා. උපදින නිසා ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් සියල්ල හටගන්නවා.

පසුගිය දවස්වල අර බැංකු මංකොල්ලයේදී මිනිස්සුන්ගේ සල්ලි අරගෙන පැනලා ගියානේ. දැන් බලන්න, ඒ මිනිස්සු දැන් ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ සිහිනය බලාගෙන ඉඳිද්දී බිඳ වැටුණා. පවුල් හාරදාහක්, පන්දාහක් මේකට අහුවෙලා. එතකොට බලන්න, මනුස්සයෝ මොනතරම් දුක් විඳින්න ඕනද? හොරුන්ට අහුවෙලා දුක්විඳින්න ඕන. ගංවතුරට අහුවෙලා දුක්විඳින්න ඕන.

ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ සමහර තැන්වල වතුර ගලාගෙන යනවා. ඒත් බොන්න බෑ. බොන්න වතුර නෑ. නමුත් වතුර ගලාගෙන යනවා. වතුර උඩ ඉන්නේ. බොන්න වතුර නෑ. නාන්න නෑ. දවස් දහයේ, දොළහේ ඉන්නවා. හෙලිකොප්ටරයකින් ඇවිල්ලා කෑම දාන්නවත් විදිහක් නෑ. කෑම වතුරට වැටෙනවනේ. දවස් දහයේ, දොළහේ බඩගින්නේ. දැන් විඳවනවනේ. වතුරෙන් විඳවනවා. හොරුන්ගෙන් විඳවනවා. යුද්ධවලට මැදිවෙලා විඳවනවා. ත‍්‍රස්තවාදී කෝලාහලවලට මැදිවෙලා විඳවනවා. නියඟයෙන් විඳවනවා. දුර්භික්ෂවලින් විඳවනවා. ලෙඩ දුක් පැතිර යාමෙන් විඳවනවා. හිතාගන්න බෑ. ඉපදීම නිසා මනුස්සයාට තිබෙන දේවල්.

ඒ නිසා පින්වත්නි, මේවා අපට උපදින්න සිද්ධ වෙනකම්ම, මුහුණ දෙන්න තියෙන දේවල්. ‘අනේ… මට නම් උපදින්න එපා!’ කිය කියා මැරුණත් උපදිනවා. මොකද, තමාගේ කැමැත්තට අනුව නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. හේතුඵල දහමකට අනුවයි.

ඒ නිසා අපි හැමතිස්සේම අවබෝධ කරන්න මහන්සිගන්න ඕන මේ හේතුඵල දහමමයි. ඉතින් මේ අවබෝධ කිරීමට අපි මහන්සි ගත්තොත් මං නම් හිතන්නේ අපේ ජීවිතයට ඊට වඩා දෙයක් වුවමනා නෑ….

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

මේ තමයි සසරේ හැටි…!
පසුගිය ලිපිය හා සබැඳේ↓

2.3. බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්…

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2.4. මේ තමයි සසරේ හැටි…!

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

බුදුරජාණන් වහන්සේ තණ්හාවේ ලක්ෂණ හැටියට වදාළේ “(යායං තණ්හා පෝනෝභවිකා) මේ පුනර්භවය ඇතිකරවන යම් තණ්හාවක් ඇද්ද, එය (නන්දිරාග සහගතා) ආශ්වාදයෙන් ඇලෙනවා. (තත‍්‍ර තත‍්‍රාභිනන්දිනී) ගිය ගිය තැන ඇලෙනවා.

ගිය ගිය තැන සතුටින් ඇලෙනවා කියන එක අපි මෙහෙම තේරුම්ගනිමු. ඔන්න අපි බදුල්ලේ ඉඩමක් අරගෙන තට්ටු දෙකේ ගෙයක් හැදුවා. තාප්පයකුත් බැන්දා. ඊට පස්සේ හොඳට බෝඩරය තියෙන ගේට්ටුවකුත් ගෙනල්ලා හයිකළා. ඔන්න දරුවෝ කොළඹ ගියා. දරුවෝ කියනවා “අම්මෙ, මෙහෙ වැඩක් නෑ. කොළඹ යන්.” දැන් ඔන්න ගේ වික්කා. ආශාව ඉවරයි. ඊට පස්සේ අලූත් ගෙදර ගියා. ඊට පස්සේ කියනවා “අම්මේ, මෙන්න මේ පොල්වත්ත තියෙනවා. අම්මා බලන්න” කියලා. දැන් ආශාව කොහෙටද බැස්සේ? පොල් වත්තට බැස්සා. ඊට පස්සේ ඒ ඒ තැන සතුටින් පිළිගත්තා.

මෙතැන අත්හරිනකොට වෙන තැනක් සතුටින් පිළිගන්නවා. එතැන අත්හරිනකොට තව තැනක් සතුටින් පිළිගන්නවා. මිනිස් ලෝකය අත්හරින කොට ගියේ පේ‍්‍රත ලෝකයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. පේ‍්‍රත ලෝකය අත්හරින කොට ගියේ තිරිසන් ලෝකයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. තිරිසන් ලෝකය අත්හරිනකොට ගියේ නිරයටද, එතකොට එතැන සතුටින් පිළිගන්නවා. මේක තියෙනකම් උපාදානයට කොටුවෙනවා. උපාදානයට කොටුවෙනකම් ඇන්ජිම වැඩකරනවා. ඇන්ජිම වැඩකරනකම් උපදිනවා.

පින්වත්නි, අපි තුළ සිද්ධවෙන්නේ මෙහෙම දෙයක් කියලා මේ රටාව පෙන්වා දුන්නාට අපි බුදුරජාණන් වහන්සේට සදාකාලික ණයගැතියි. මොකද, අපේ ජීවිතවලට සමහර දවස්වලට ඇතිවෙන ප‍්‍රශ්නවලදී අපට ‘මැරුණා නම් අපි මේකෙන් නිදහස් නේද’ කියලා හිතෙනවා. නමුත් නිදහස් වෙන්නේ නෑ. නැවතත් අහුවෙනවා. මොකද, මෙතැනින් චුතවෙන කොට චුතවෙන්නේ කර්මානුරූපව හැදුණු විඤ්ඤාණයක්. එතකොට ගිහිල්ලා මව්කුසක උපදිනවා. එක්කෝ ඕපපාතිකව උපදිනවා. එක්කෝ අණ්ඩජ උපතක උපදිනවා. එක්කෝ ජලාබුජ උපතක හිරවෙනවා. එක්කෝ සංසේදජ උපතක උපදිනවා. අවබෝධ කරලා මිසක් මේකෙන් බේරෙන්න විදිහක් නෑ.

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකට හේතුව වින්දනය කියලා. අපට වින්දනය නැතිකරන්න බෑ. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතුවුණාද, වින්දනය ඇතිවෙනවා. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතුවුණාද වින්දනය ඇතිවෙනවා.

වින්දනය ඇතිවෙන එක ස්වභාවයක්. අපට වෙලා තියෙන්නේ අපි එතැනින් නැවතුනේ නෑනේ. ඊට පස්සේ අපිට ආශාව ඇතිවුණා. ආශා කරපු දේට කොටු වුණා. ඊට පස්සේ ඊට අනුව හිතන්න, කරන්න, කියන්න පටන්ගත්තා. කර්මය හැදුණා. ඒ විදිහට විඤ්ඤාණය තමයි හැදි හැදී යන්නේ. මොකද ඒ වින්දනය උපදින්න හේතුව වෙන්නේ ස්පර්ශයයි. (ඵස්ස පච්චයා වේදනා)

ස්පර්ශය කියන්නේ ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතුවීම. ඒ කියන්නේ ඔන්න දැන් අපට ඇස් දෙක තියෙනවා. අපි ඇස් ඇරගෙන ඉන්නවා. ඇස් ඇරගෙන ඉන්න වෙලාවේ අපේ හිත වැඩකරමින් නේද තියෙන්නේ? මේ වෙලාවේ ඇස් ඉස්සරහට රූපයක් එනවා. දැන් මෙතැන ගනිමු. මෙතැන එක පාරට කළුවර වුණොත්…? ඇස් ඉස්සරහට තියෙන්නේ කළුවරක් විතරයි. කළුවර ඇහැට වැටෙනවා. එතකොට අපි කළුවර විතරයි දකින්නේ. එතකොට ලයිට් එකක් පත්තු වෙනවා. නැත්නම් ඉර පායනවා. ඔන්න එළිය වැටෙනවා. ඔන්න රූප පේනවා. රූප ඇස් හමුවට එනවා.

එතකොට විඤ්ඤාණයෙන් තමයි මේක දැනගන්නේ. ඇහැයි, රූපයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. කණයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. නාසයයි, ගඳසුවඳයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. හිතින් යමක් හිතන කොට මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වෙනවා. හැම තිස්සෙම මේක එකතු වෙවී තමයි තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේ වදාළා “මේ විඤ්ඤාණය වැඩකරන්නේ බීජයක් වගේ” කියලා. බලන්න, බෝංචි ඇටයක් මේසයක් උඩ තියෙනකොට මේක වැඩකරන එකක් කියලා අපට හිතෙන්නේ නෑනේ. හැබැයි මේක පොළොවට දාලා, වතුර දාලා තෙත් කළොත් වැඩකරනවා. ඒක පැළවෙනවා. පහළට මුල් ඇදලා පොළොවේ රස උර උරා දෙනවා. මොකද, මේ ගහක පැළයක් පැළවෙන කොට දෙපැත්තකට යනවා. ඒ තමයි, කොළ ටික උඩට යනවා. මුල් ටික යටට යනවා. මුල් ටිකෙන් පැළය වැඩෙන්න පෘථිවි සාරය ඇද ඇද දෙනවා.

විඤ්ඤාණය කියන්නෙත් බීජයක් වගේ දෙයක්. එතකොට විඤ්ඤාණය ක‍්‍රියාත්මක වෙන්න වින්දනය, හඳුනාගැනීම, කර්මය, සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය උදව් කරනවා. එතකොට විඤ්ඤාණය ඊළඟ උපතකට හැදෙනවා.

අපි දැන් ජීවත් වෙන්නේ ඊළඟ ජීවිතයට හැදුණු විඤ්ඤාණය සමඟ නොවෙයිද? ඊළඟ උපතට සකස් වූ විඤ්ඤාණයක් සහිතවයි අපි ජීවත් වෙන්නේ. අපි ගනිමු පොඩි දරුවෙක්. මව්කුසේම දරුවා මැරෙන අවස්ථාවක් නැද්ද? මව්කුසේම දරුවා මැරෙන කොට දරුවා පිරිනිවන් පාන්නේ නෑනේ. ඊළඟ උපතක් කරා යන්නයි මැරෙන්නේ. ඒ දරුවා ඉපදුණු ගමන් මැරෙනවා. ඒත් ඒ මැරෙන්නේ ඊළඟ උපත කරා යන්නයි. ඒක හොයන්න බෑ හරිම පුදුමයි.

බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද කියලා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාට මූලසිරි කියලා පුතෙක් සිටියා. මේ ආනන්ද සිටුවරයා හැමදාම උදේට සේවකයොයි, පුතාවයි වාඩිකරවා ගන්නවා. වාඩිකරගෙන මේ විදිහට අවවාද කරනවා.

“අහපල්ලා මං කියන එක. මගේ ජීවිතය තුළ මං කෝටි හතළිහක් හෙව්වා. මං මේ කෝටි හතළිහ හෙව්වේ හරියට මහන්සි වෙලා. ඒ නිසා උඹලා මේ කෝටි හතළිහ විශාල ගාණක් කියලා සලකන්න එපා! පුතේ, මතක තියා ගනින්. රුපියලක් වියදම් කළත් ඒක ආදායමක් නෙවෙයි, ඒක වියදමක්. ඒ නිසා මෙන්න මේ කවිය මතක තියා ගන්න” කියලා කවියක් ඉගැන්නුවා. ඒ කවියේ තියෙන්නේ ‘හම්බකරපන් වේයන් වගේ. වේයා තුඹස බඳින්නේ යම් ආකාරයෙන්ද, අන්න ඒ වගේ හම්බ කරපන්. මී මැස්සා වගේ හම්බකරපන්. නමුත් හිඟන්නෙක් වගේ වියදම් කරපන්.’ මේ විදිහට ඉගැන්නුවා. අවවාද කළා. සිටුවරයා මළා.

මැරිලා වැසිකිලි හෝදන, පාරවල් හෝදන, හිඟන පවුලක උපන්නා. මේ ගමේ පවුල් දාහක් තිබුණා. උපන්නට පස්සේ මහා කලබගෑනියක් වුණා. ඒ තමයි, මේ ගමේ අයට කන්න නැතුව ගියා. පැල්පත් ගිනිගත්තා. හරි කරදරයකට පත්වුණා. ඒ පවුල් දාහට නායකයෙක් හිටියා. ඒ රැලේ නායකයා “මේක හරියන්නේ නෑ. මේක හොයන්න ඕන” කියලා පවුල් දාහ පන්සීය පන්සීය බෙදුවා. එතකොට අර දරුවා ඉපදුණ පන්සීයේ ගොඩට ඊට පස්සෙත් ප‍්‍රශ්න. මෙහෙම කොටස් අඩු කර කර බෙදුවා. බෙද බෙද බලද්දි ගාණට මේ පවුල හොයාගත්තා.

ඊට පස්සේ බලනකොට ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නවා, මාස තුනයි. අපි අනන්ත දුක් වින්දේ නුඹ නිසයි කියලා රැහෙන් පැන්නුවා. දැන් මේ අම්මා හිඟා කකා ජීවත්වෙනවා. ඊට පස්සේ ඔන්න ළමයා ඉපදුණා. ඇස් දෙක තියෙන්නේ මුහුණේ නෙවෙයි. නහය ඇදවෙලා, කණ් ඇදවෙලා, දත් ඇදවෙලා, කුදුවෙලා, වපර වෙලා. ඔන්න ළමයෙක් ඉපදිලා.

මේ අම්මා පුළුවන් තරම් දුක්විඳලා දරුවාව හදලා යාන්තම් ඇවිදගන්න පුළුවන් වෙනකොට පොල්කට්ටක් දුන්නා. අතට දීලා “පුතේ, මට කරන්න දෙයක් නෑ. උඹේ පාඩුවේ උඹ ජීවත් වෙයන්. අම්මා කෙනෙක් හැටියට උඹව ජීවත් කරන්න මම මෙච්චර කල් උත්සාහ කළා. මීට වඩා කරන්න බෑ” කියලා අම්මා මේ පුතා දාලා ගියා. එදා ඉඳලා මේ දරුවා වීදි දරුවෙක්.

දැන් මෙයා ජීවත් වෙන්නේ පදික වේදිකාවේ. මෙහෙ වගේ නෙවෙයි එහෙ සීත කාලෙට සීතලයි. රස්නෙ කාලෙට මේ වගේ නෙවෙයි ගින්දර වගේ. වැස්ස කාලෙටත් ඒ වගේ. සීතලට, වැස්සට, පින්නට මුහුණ දිදී දැන් මේ ළමයා හිඟා කකා යනවා. දැන් මේ ළමයට කන්න නෑ, අඳින්න නෑ. වීදියේ ඉන්නේ. බලන්න කලින් ජීවිතයේ මෙයා ආනන්ද කියලා සිටුවරයෙක්.

ආනන්ද සිටුවරයා මැරුණට පස්සේ අවමංගල්‍යෝත්සවය බොහෝම ජයට ගත්තා. එදා ඉතින් ‘මෙයා රටට කළා, ගමට කළා, ප‍්‍රදේශයට කළා’ කියලා බැනර් ගැහුවා. මේ උත්සවය ගෞරව සම්මාන ඇතුව හරි සරුවට ගත්තා. මේ සිදුවීමෙන් පස්සේ ආනන්ද සිටුවරයාගේ පුතාට සිටු තනතුර ලැබුණා. පුතා අර මාළිගාව තවත් විශාල කළා.

අර හිඟන ළමයා දවසක් හිඟා කකා ගිහිල්ලා නොදැනීම අර මාළිගාව තිබුණු පාරට වැටුණා. දැන් මෙයා යනවා. එයාගේ වෙලාව කියන්නේ එදා මාළිගාවේ ගේට්ටුව ඇරලා. එතැන ඉන්න සේවකයෝ මේ ළමයාව දැක්කේ නෑ. මේ ළමයා මාළිගාව දිහා බලනවා. දැන් මේ ළමයට පුදුමයි. මොකක්දෝ වෙනවා. දැන් මේ ළමයට යමක් මතක් වෙලා වගේ, වසඟ වෙලා හෙමින් හෙමින් ගේට්ටුවෙන් ඇතුළටත් ගියා. ගේ දිහා බලාගෙන, කට ඇරගෙන, ඇස් ලොකු කරගෙන, කල්පනා කර කර, මාළිගාව ඇතුළටම ගියා. දොර ඇරලා තිබුණා. ඒ නිසා සාලෙටම ගියා.

ඒ වෙලාවේ මූලසිරි සිටුතුමාගේ බබාලා සෙල්ලම් කරනවා. දැන් මෙයා ගිහිල්ලා අරගොල්ලෝ මැද්දේ පොල් කට්ටක් තියාගෙන හිනාවෙන්න ගත්තා. ළමයි ටික කෑ ගැහුවා “මෙන්න අප්පච්චි… මෙන්න අම්මේ… පෙරේතයෙක් ඇවිල්ලා…” කියලා. සේවකයෝ ඔක්කොම ආවා. දැක්කා භූතයෙක් වගේ සතෙක්. පයින් ගැහුවා. විසිවෙලා ගිහිල්ලා වැටුණා. පයින් ගගහම ගේට්ටුවෙන් ඇදලා දැම්මා. දැන් ඇඟපත හැමතැනම සීරිලා, ලේ පෙරාගෙන. ගේට්ටුවෙන් එළියට දාලා, දැන් මේ ළමයට නැගිටගන්න බෑ. වැටිලා ඉන්නවා.

එදා මේ ගේ ඉස්සරහින් බුදුරජාණන් වහන්සේ වැඩියා. මේ ළමයා ගාව නැවතුණා. නැවතිලා “මේ ආනන්ද සිටුතුමානේ… මූලසිරි සිටුතුමාට එන්න කියන්න” කියලා සේවකයෝ යැව්වා. ඉතින් සිටුතුමා ආවා. ඇවිත්,

“ඇයි, භාග්‍යවතුන් වහන්ස…?”

“දන්නවද මේ කවුද කියලා…?”

“අනේ… දන්නේ නෑ.”

“මේ ඤාතියෙක්නේ…”

“අනේ නෑ. මේ ඤාතියෙක් නෙවෙයි. මේ කොහේද ඉඳලා ආපු සතෙක්.”

“නෑ… නෑ… මේ ළඟම නෑදෑයා.”

සිටුවරයාට කේන්ති ගියා.

“නෑ… බුදුරජාණන් වහන්ස, එහෙම කියන්න එපා! අපි හරි වැදගත්. බොහොම වංශවත් පරම්පරාවක්. අපේ ළඟ අහල පහලවත් මේ වගේ සතෙක් නෑදෑයෙක් වෙලා නෑ.”

“නෑ… නෑ… මේ ඔබේ තාත්තා!”

සිටුතුමා උඩ ගිහින් බිම වැටුණා.

“අනේ මට නම් පිළිගන්න බෑ. ස්වාමීනී, මං වැඳලා කියන්නම්, මේකට තාත්තගේ නම නම් ගාවගන්න එපා! මගේ තාත්තට නම් ඔය කතාව කියන්න එපා! භාග්‍යවතුන් වහන්ස, මං කැමති නෑ අපේ තාත්තට අපහාස කරනවට.”

“කලබල වෙන්න එපා සිටුතුමනි, මේ තාත්තා තමයි.”

එතකොට දැන් සිටුතුමාට කේන්ති ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ වදාළා.

“කේන්ති ගන්න එපා. මං මේ ළමයගෙන්ම මේක අහන්නම්.”

බුදුරජාණන් වහන්සේ ළමයා මෝහනය කළා. ළමයගෙන් ඇහුවා,

“සිටුතුමනි, ඔබතුමා හංගපු වස්තුව තියෙනවාද?”

“තියෙනවා…”

“මේ ළමයි දන්නවද?”

“ළමයි දන්නවා ඇති.”

පුතාගෙන් ඇහුවා, “සිටුතුමනි, මොනවද තාත්තා හංගපු වස්තුව…?”

“ස්වාමීනී, තාත්තා බත් කාපු රත්තරන් පිඟානට වුණ දෙයක් නෑ. තාත්තා දාපු රත්තරන් සෙරප්පු දෙකටත් වුණ දෙයක් නෑ. රත්තරන් හැරමිටියක් තිබ්බා. ඒකට වුණ දෙයක් නෑ.”

අර ළමයා හිනාවෙවී කිව්වා,

“මම අරන් තියලා තියෙනවා.”

හරි පුදුමයි මේ ජීවිතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

“සිටුතුමනි, එන්න බලන්න….”

දැන් අර ළමයා වත්තෙ කොණට ගිහිල්ලා, “මෙන්න මෙතැන” කිව්වා. හෑරුවා. මෙන්න එනවා පොඩි පෙට්ටියක්.. ඇතුළේ රත්තරන් හැරමිටියක්. රත්තරන් පිඟානක්. සෙරෙප්පු දෙකක් මෙන්න එළියට එනවා.

බලන්න ආශාව නිසා පුද්ගලයාව අරන් යන දිහා. ආශාව විසින් මනුස්සයාව කරකවන කරකැවිල්ල අසාධාරණ එකක්. හැබැයි ඒ අසාධාරණකම තමන් විසින්ම තමන්ටම කරගන්න එකක්. ඒකයි මේකෙ තියෙන ප‍්‍රශ්නය. මට නම් මේ සසර සාධාරණ එකක් කියලා පේන්නෙ නෑ. හරිම අසාධාරණ එකක්. හැබැයි මේ අසාධාරණකම තමන් විසින් තමන්ටමයි කරගන්නේ. තමුන් ඒක දන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගන්න කියලා වදාළා…

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්…
පසුගිය ලිපිය හා සබැඳේ↓

2.2. මරණය ඉදිරියේ අසරණ නොවීම සොයා…

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2.3. බුද්ධිමත් කෙනා ඔබ වෙන්න පුළුවන්…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

අපි උපතක් කරා යන්න හේතුව භවයයි. එහෙනම් අපි චේතනා පහළ කරලා අපි කරන වැරැද්දෙන් පරෙස්සම් වෙන්න ඕන. මොකද, අපි කරන වැරැද්ද විසින් උපද්දවලා දෙන විපාකය හේතුවෙන්නේ වැරදි තැනකට යන්නයි. අපි කරන හරි දෙයින් උපද්දවලා දෙන්නේ හරි තැනකට යන්නයි.

කොහොමද මේ විපාක පිණිස කර්ම හැදෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘උපාදාන පච්චයා භවෝ’ කියලයි. මෙතැන උපාදාන කියන්නේ යම්කිසි දේකට කොටුවීම, හසුවීම, ග‍්‍රහණය වීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපි හතර ආකාරයකට කොටු වෙනවා කියලා. එකක් තමයි අපි කාමයට කොටුවෙනවා.

කාමය කියන්නේ පංචකාම ගුණයන්ට ඇති ආශාවනේ. සිත්කළු, ලස්සන රූප දැක්කාම අපි ඒ රූපයට අහුවුණා. මිහිරි ශබ්දය ඇහුණට පස්සේ ඒ සද්දයට අහුවුණා. ගඳ සුවඳ දැනුණාම ඒ සුවඳට අහුවුණා. ප‍්‍රණීත රසයක් දිවට දැනුණාම ඒ රසයට අහුවුණා. කයට පහස දැනුණාම ඒ පහසට අහුවෙනවා. මේ තමයි පංච කාමය. පංච කාමයට අපි අහුවෙනවද? එහෙම නැත්නම් අහුනොවී ඉන්නවාද? අහුවෙනවා. මේකට කොටු වෙනවා. කොටුවුණාට පස්සේ ඒකෙන් අපට ගැලවෙන්න බෑ. ඒකට කියනවා ‘කාම උපාදාන’ කියලා. එතකොට මේ කාම උපාදානයේ ඉඳලා අර මැෂින් එක වැඩකළාම ඊට අනුරූපව කර්ම විපාක හැදෙනවා.

අපි කොටුවෙන්නේ කාමයට විතරක් නොවෙයි, අපි දෘෂ්ටිවලටත් කොටුවෙනවා. දෘෂ්ටි කියන්නේ එක එක අදහස්, උදහස්, එක එක මතිමතාන්තරවලට. සමහරු කියනවා ‘ඔය කොහෙද දිව්‍ය ලෝක, පේ‍්‍රත ලෝක? ඔය විකාර කතා. ජීවත් වෙන කාලේ කාල බීලා, සුපර් ස්ටාර්ස්වලට පලයන්. සුපර් ඩාන්සර් වෙයන්. සුපර් කොමික්කාරයා වෙයන්’ කියලා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේ යන විදිහට අන්තිමේට සුපර් අසභ්‍ය දේවලූත් හොයයි!

මිනිස්සුන්ට ග‍්‍රහණය කරන්න එක එක දේවල් ලැබෙනවා. එක චැනල් එකකින් එකක් පටන් ගත්තාම තව එකකින් තව එකක් පටන් ගන්නවා. ඔන්න දැන් පටන් ගත්තේ විහිලූ. දැන් පටන්ගනියි සුපර් බොරුව. ඊට පස්සේ ළමයි ෆෝන් කරකර හිතුමනාපෙට බොරු කියයි. ඊට පස්සේ සුපර් අසභ්‍ය වචනය තෝරන්න ගනියි. එතකොට කුණුහරුප කියන්න පටන්ගනියි. වෙන්න බැරිද? මෙහෙම ගියොත් මනුස්සයා මේකට ගොදුරු වෙන්නේ නැද්ද?

හැබැයි, මේකේ බනින්න දෙයක් නෑනේ. මේකට අපට බනින්න බෑ. ඇයි බනින්න බැරි? ඕක තමයි පෘථග්ජන ලෝකයාගේ රැල්ල. පෘථග්ජන ලෝකයාගේ රැල්ලෙන් බැහැර දෙයක් අපි පෘථග්ජන ලෝකයෙන් බලාපොරොත්තු වුණොත් ඒක අපේ මෝඩකම. ඒක තමයි පෘථග්ජන ලෝකයේ තියෙන රැල්ල. පෘථග්ජනයාගේ තේරීම. ඒක ආර්ය පුද්ගලයෙකුගේ ශ්‍රේෂ්ඨ තේරීමක් නෙවෙයි.

ඉතින් මේ ලෝකයේ තියෙන මේ ස්වභාවය අපට වළක්වන්න බෑ. හැබැයි අපට එකක් කරන්න පුළුවන්. බුද්ධිමත් මනුෂ්‍යයාට ඇහෙන්න මේක කියන්න පුළුවන්. බුද්ධිමත් මනුෂ්‍යයාට මේ දේවල් ඇහුණොත් ඒ මනුෂ්‍යයා මේක හිතන්න ගන්නවා. එච්චරයි මේකෙ තියෙන්නේ. හැබැයි ඒ බුද්ධිමත් මනුෂ්‍යයා ඉන්නේ කොතැනද කියලා අපට හොයන්න බෑ. සමහර විට ඒ මනුෂ්‍යයා වේදිකාවක නට නටා ඉන්න පුළුවන්. බුද්ධිමත් මනුෂ්‍යයා ඉන්න තැන හොයන්න බෑ.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ දවසක් සර්කස්කාරයෙක් කරණම් ගහනවා. කොහොමද කරණම ගහන්නේ? රියන් හැටක් උසයි ඉණිමග. ඉණිමග හිටවලා ඒකට නැගලා ඒ ඉණිමග උඩ ඉඳලා උඩපැනලා කරණම ගහලා, නැවතත් ඉණිමගේ හිටගන්නවා. සෙනඟ රැස්වෙලා ඉන්නවා මෙයාගේ කරණම බලන්න. බුදුරජාණන් වහන්සේ මේ කරණම් ගහන තැනට වැඩියා. එතකොට බොහෝ අය හිතුවේ, උන්වහන්සේත් මේ වැඩියේ සර්කස් බලන්න කියලයි.

උන්වහන්සේ සර්කස්කාරයාට “දැන් පෙන්වන්න ඔයාගේ හැකියාව…” කියලා කිව්වා. මෙයා හරි සතුටින් උද්දාමයට පත්වෙලා ඉණිමගට නැග්ගා. නැගලා දැන් මෙයා හිත එකඟ කරනවා. මේ විදිහට ඒ කෙනා කරණමට හිත එකඟ කරනකොට බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. දැන් මෙයා උඩ පැනලා කරණම ගහනකොට ගාථාව ඇහුණා. ධර්මය අවබෝධ කරගත් කෙනෙක් හැටියට උණගහ උඩ හිටගත්තා. හරි පුදුමයි නේද? බලන්න එයා ඉණිමග උඩට නැග්ගේ පෘථග්ජනයෙක් හැටියටයි. නමුත් කරණම ගහලා හිටගත්තේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට. පුදුමයි මනුස්සයෙකුගේ අවබෝධ කිරීමේ හැකියාව.

එහෙම වුණේ බුදුකෙනෙක් තුළ වූ ඉලක්කයට කතා කිරීමේ දක්ෂතාවය නිසයි. ඒක මේ ලෝකයේ කිසි කෙනෙකුට හොයන්න බෑ. සමහරවිට ධර්මය අවබෝධ කරන බුද්ධිමත් කෙනා වේදිකාවක නට නටා ඉන්න පුළුවන්. ගීතයක් ගය ගයා ඉන්න පුළුවන්. ඒ බුද්ධිමත් කෙනා ඉන්නේ කොහෙද කියලා අපි දන්නේ නෑ. ඒ බුද්ධිමත් මනුෂ්‍යයා මේ ධර්මය අල්ලන විදිහ හරිම පුදුම සහගතයි.

යම් මනුෂ්‍යයෙක් මේ දෘෂ්ටිවලට බැඳුණාම, දෘෂ්ටිවලට කොටුවුණාම, එඒදෘෂ්ටියට හිරවෙලා එයා හිතන්න ගන්නවා. දෘෂ්ටියට හිරවෙලා කතා කරන්න ගන්නවා. දැන් අපි ගත්තොත් නැකැත් කේන්දර සරණ ගියපු කෙනෙක් ඒකෙ හිරවෙලා ඒ ගැන කතා කරන්න ගන්නවා. තවත් මොනවාහරි දෙයක් සරණ ගියපු කෙනෙක් ඒකෙ හිරවෙලා ඒගැන එයා කතා කරනවා. ඒ ලෝකයේ එයා හිරවෙනවා. එතකොට දෘෂ්ටි උපාදාන ගැන තමයි එයාට හිතන්න වෙන්නේ, කියන්න වෙන්නේ, කරන්න වෙන්නේ. ඒක ‘දිට්ඨි උපාදානය.’

ඊළඟට ‘සීලබ්බත උපාදාන.’ යමෙක් සීලව‍්‍රත උපාදාන කරගත්තාම ඊට පස්සේ ඒ විදිහට තමයි එයාට ජීවත් වෙන්න වෙන්නේ. ඊළඟට ‘අත්තවාද උපාදාන.’ අත්තවාද උපාදාන කියන්නේ ‘මම, මගේ, මගේ ආත්මය’ කියන හැඟීමකට කොටුවීමයි.

කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන මේ උපාදාන හතරෙන් දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන කියන දෙක සෝතාපන්න වෙනකොට නැතිවෙලා යනවා. එයා ඒ කොටුවෙන් එළියට පනිනවා. හැබැයි, ඒකොටුවෙන් එළියට පැන්නට තව දෙකක කොටුවෙලා ඉන්නවා. ඒ තමයි කාම උපාදාන, අත්තවාද උපාදාන. අනාගාමී වුණොත් එයා කාම උපාදාන කියන කොටුවෙනුත් නිදහස් වුණා. රහත් වුණාම එයා අත්තවාද උපාදාන වලිනුත් නිදහස් වෙනවා.

උපාදාන නැත්නම් භවයක් නෑ. භවයක් නැත්නම් මැෂිමක් නෑනේ. උපද්දවන්න මැෂින් එක නෑ, කැඩිලා. උපදින්නේ නෑ. උපදින්නේ නැත්නම් විඤ්ඤාණය නොපෙනී යනවා. සාමාන්‍යයෙන් කෙනෙක් මැරෙන කොට විඤ්ඤාණයට මොකද වෙන්නේ? නොපෙනී යනවාද? චුතවෙනවාද? චුතවෙනවා. චුතවෙන තැන උපතක් තියෙනවා. මොකද, චුතවෙන්නේ පවතින්නයි. නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පාන්නයි. එතකොට විඤ්ඤාණයක් නිරුද්ධ වෙන්නේ පිරිනිවන් පාන්නයි. විඤ්ඤාණයක් චුත වෙන්නේ පවතින්නයි. සාමාන්‍ය කෙනාගේ විඤ්ඤාණය එක්කෝ නිරයට යනවා. එක්කෝ තිරිසන් ලෝකයේ, එක්කෝ පේ‍්‍රත ලෝකයේ, එක්කෝ මනුස්ස ලෝකයේ, එක්කෝ දිව්‍ය ලෝකයේ උපතක් පිණිස සකස්වෙනවා. මේ රටාව තුළ (උපාදාන පච්චයා භවෝ) උපාදාන වුණොත් උපාදාන වෙන්නේ එක්කෝ කාමයට. එහෙම නැත්නම් දෘෂ්ටිවලට, සීලව‍්‍රතවලට. එහෙමත් නැත්නම් ‘මමය, මාගේය’ කියන හැඟීමට.

බුදුරජාණන් වහන්සේ වදාළා “(තණ්හා පච්චයා උපාදානං) උපාදාන ඇතිවෙන්නේ තණ්හාව නිසයි” කියලා. කාම තණ්හාව විතරක් තිබුණා නම් අඩුගාණේ අපට ඒක තේරෙනවා. නමුත් අපට භව තණ්හා, විභව තණ්හා තේරෙන්නේ නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ තියෙන මේ විස්මය. මේ විදිහට අප තුළ ත‍්‍රිවිධාකාර තණ්හාවක් තියෙනවා කියලා උන්වහන්සේ අපට පෙන්නුවානේ. කාම තණ්හාව නැතිවුණොත් තමයි භව තණ්හාව, විභව තණ්හාව තේරෙන්නේ. භව තණ්හාව, විභව තණ්හාව ප‍්‍රහාණය කරන්නේ අනාගාමී වුණාට පස්සෙයි. අනාගාමී වීමෙන් කාම තණ්හාව ප‍්‍රහාණය වෙනවා කියලනේ ධර්මයේ විස්තර වෙන්නේ.

එතකොට අප තුළ මේ වගේ තණ්හා තුනක් ක‍්‍රියාත්මක වෙනවා. තණ්හාව කියන එක අපි මේ විදිහට තේරුම් ගනිමු. තණ්හාව කියලා කියන්නේ ආශාව. ආශාව කියලා කියන්නේ අපේ හිත ඇදිලා යන, හිත වසඟ වෙන ස්වභාවය. අපේ හිත රූපයට ඇදිලා ගියොත්, රූපයට වසඟ වුණොත් ඒක රූප තණ්හාව. අපේ හිත ශබ්දයට වසඟ වුණොත් ඒක ශබ්ද තණ්හාව. ගඳ සුවඳට ඇදිලා ගියොත් ඒක ගන්ධ තණ්හාව. රසයට වසඟ වුණොත් රස තණ්හාව. පහසට ඇදිලා ගියොත්, පහසට වසඟ වුණොත් ස්පර්ශ තණ්හාව. මනසට සිතුවිලි එනකොට ඒකට ඇදිලා ගියොත්, ඒකට වසඟ වුණොත් ඒක අරමුණු තණ්හාව.

දැන් බලන්න, අපේ හිත යම්කිසි දේකට ඇදිලා ගියොත්, වසඟ වුණොත් නැවත නැවතත් හිත ඒකට ඇදිලා යන්නේ නැද්ද? නැවත නැවතත් ඒකම හිතෙන්නේ නැද්ද? ඒකට හේතුව තමයි, ආයෙ ආයෙමත් හිත ඇදිලා යනකොට, හිත වසඟ වුණාම අපි ඒකට කොටුවුණා. කොටුවුණාට පස්සේ අපි චේතනා පහළ කරනවා. කි‍්‍රයා කරනවා. ඔන්න උපතක් කරා යන්න හැදෙනවා. එතකොට ඇයි මේ අපේ හිත වසඟ වෙන්නේ? ඇයි මේ අපේ හිත ඇදිල යන්නේ? ඒ වින්දනය නිසයි.

යම්කිසි දෙයක වින්දනය නැත්නම් ඒකට හිත ඇදිලා යන්නේ නෑ. අපි හිතමු කවුරුහරි සිංදුවක් කියනවා. ‘අපිත් අහන්න යමු’ කියලා යනවා. නමුත් ඒ සිංදුව ලස්සන නැත්නම්, අපට එපා වෙන්නේ නැද්ද? එ්කෙ තාලේ ලස්සන නැත්නම්, ඒ ගායකයාගේ හඬ ලස්සන නැත්නම්, වාදන සෙට් එකක් නැත්නම් ‘අනේ… වැඩක් නෑ’ කියලා අපි යනවනේ. එහෙනම් අපේ හිත ඇදිලා යන්නේ වසඟ වෙන්නේ වින්දනය ලබාදෙන දෙයටයි.

රූපයකින් වින්දනය ලබාදුන්නා නම්, ඒ රූපයට අපේ හිත ඇදිලා යනවා. අපේ ඇස් දෙක ඇදිලා යනවා. අපට ආයෙ ආයේ ඒ රූපය බලන්න හිතෙනවා. ආයෙ ආයෙ බලන්න ඒක ළඟ තියාගන්නවා. අපට මොකක්ද මේ වුණේ? රූපයට, රූපය නිසා ඇතිවෙන වින්දනයට අපේ හිත ඇදිලා ගියා.

ශබ්දයට අපේ හිත ඇදිලා ගියොත්, ඒ ශබ්දය ආයෙ ආයෙමත් ඕන. ඒ ශබ්දයෙන් ඇතිවෙන වින්දනය නිසයි මේ හිත ඇදිලා යන්නේ (වේදනා පච්චයා තණ්හා). සුවඳට අපේ හිත ඇදිලා ගියොත්, ඒ සුවඳම සිහි කර කර ඉන්නවා. රසයකට අපේ හිත ඇදිලා ගියොත්, ඒ රසයම සිහි කර කර ඉන්නවා. පහසට සිත ඇදිලා ගියොත් අපි ඒ පහසම හිත හිතා ඉන්නවා. අපට ඒකම ඕන වෙනවා. මේවා ගැන සිතුවිලි ඇතිවුණාට පස්සේ හිත ඇදිලා ගියොත්, ඒ හිතෙන හිතෙන දේවල්වලට අපේ හිත ඇදිලා යනවා.

අපි තේරුම් ගන්නට තවත් උදාහරණයක් ගනිමු. ඔන්න කෙනෙකුට මඟුල් ගෙදරක යන්න ඇඳුමක් ඕන වුණා. ඒ වෙනුවෙන් එයා කඩේට ගියා. ලස්සන සිල්ක් රෙද්දක් ගත්තා. ලස්සන කරන්න සීක්වීන්ස් ගත්තා. වාටියට අල්ලන්න රේන්දයකුත් ගත්තා. ඒ පාටම සෙරෙප්පු දෙකකුත් ගත්තා. දැන් ඔබේ සිහිනය මේක ලස්සනට ඇඳලා, මල් ගහලා, ලස්සනට සැරසිලා මඟුල් ගෙදර යාමනේ.

දැන් ඔන්න මඟුල් ගේ තියෙන දවස එනවා. දැන් ඔබ ලස්සනට ඇඳලා උජාරුවට යනවා. යාළුවෝ “ආ…. ඔයා ලස්සන සාරියක් ඇඳලා ඉන්නවා” කියලා අතගානවා. දැන් ඔබ ඒකෙන් සතුටක් විඳින්නේ නැද්ද? විඳිනවානේ. ඔන්න ඔබ දැන් කෑම කන්න යනවා. කෑම කනකොට අච්චාරු දීසිය ඇඟේ හැලෙනවා. දැන් අර සාරියේ ලස්සන ඉවරයි. ඔබට එකපාරට දුකක් ඇතිවෙන්නේ නැද්ද? ඇයි, මහන්සි වෙලා ලස්සනට, හරිගස්සපු ඇඳුමට අච්චාරු හට්ටිය හැලූණා. දැන් ඔබට ලොකු ෂොක් එකක් එක්ක ඒ කෙරෙහි තියෙන ආශාව ටික ටික අඩුවෙනවනේ.

ඊට පස්සේ හිත නරක් වෙලා ගෙදර එනවා. ඇවිල්ලා ඒක හෝදලා බලනවා. අච්චරු පැල්ලම යන්නේ නෑ. දැන් අර පරණ විදිහටම ලස්සනට කපුරු බෝල දාලා කබඞ් එකේ දානවාද? නෑ. පැත්තකින් තියනවා. ඔන්න කෙනෙක් ඇවිල්ලා “අනේ… නෝනා ඇඳුමක් නැද්ද?” කියලා අහනවා “ආ… ගන්න ළමයෝ” කියලා ඒ සාරිය දෙනවා. ඒ මොකද, ඒ ඇඳුමෙන් යම්කිසි වින්දනයක් බලාපොරොත්තු වුණාද, ඒ වින්දනය ඒකෙන් නැතුව ගියේ යම් දවසකද, ඒ නැතිවූ දවසේ ඉඳලා ඒකට තිබුණ ආශාව ඉවර වෙලා ගියා.

එහෙනම් අපේ මේ ආශාව පවතින්නේ වින්දනය ලැබෙනකම් විතරයි. ඒ වින්දනය නැතුව ගියාම ආශාව නැතුව යනවා. පුංචි කාලයේ ඉඳලා අපේ ආශාව නැතුව ගියේ ඒ විදිහටයි. අපි පුංචි කාලේ යෝගට් හැඳි, සෙල්ලම් බඩු එකතු කළේ නැද්ද? කෝ ඒවා දැන්? ඒ කෙරෙහි අපේ යම් වින්දනයක් තිබුණද, ඒ වින්දනය නැතිවුණ ගමන් අපි ඒවා අත්හැරියා. පුංචි කාලේ පොඩි සපත්තු, ඇඳුම් ඉල්ල ඉල්ලා අඬනවා. “මට මේ සපත්තු අරන් දෙන්න… මේක අරන් දෙන්න… මේ මාලෙ අරන් දෙන්න… මේ වළලූ අරන් දෙන්න…” කියලා. හැබැයි අපි ඒවා ළඟ තියාගෙන ඉන්නේ ඒකේ ආශාව තියෙනකම් විතරයි. ඒකෙ වින්දනය නැතිවුණාට පස්සේ අපි දන්නෙම නෑ, අපට මතකත් නෑ අපි ඒක අත්හරිනවා නේද?

මේ විදිහම තමයි අපේ ස්වභාවය. වින්දනයක් ලැබෙනකොට ආශාවක් හටගන්නවා. ඒ වින්දනය නැතුව යනකොට ඒආශාව නැතුව යනවා. වෙන වින්දනයක් ඇතිවෙනකොට තව ආශාවක් හටගන්නවා. ඒ වින්දනය නැතිවෙන කොට ඒ ආශාව නැතිවෙනවා. මේ විදිහට ආශාව එකින් එකට මාරු වෙවී ආවේ නැද්ද? පුංචි කාලේ සෙල්ලම් කාර්වලට තිබුණු ආශාව, බෝනික්කන්ට තිබුණු ආශාව, කෝම්පිට්ටු උයන්න තිබුණු ආශාව වෙන එකකට මාරුවෙලා ගියේ නැද්ද? තරුණ වයස එනකොට ඒ ආශාව ඇඳුම්වලට, පෙම්වතුන්ට, පෙම්වතියන්ට මාරු වෙනවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඒ ආශාව දරුවන්ට මාරුවෙනවා. තව කාලයක් යන කොට මුනුබුරන්ට, මිනිබිරියන්ට ඒ ආශාව මාරුවෙනවා. ඔක්කොම අහිමි වෙනකොට ඒ ආශාව වත්තේ හතර මායිමට මාරුවෙනවා.

පටන්ගත්තේ සෙල්ලම්බඩු වලින්. ඉවර වෙන්නේ වත්තේ හතර මායිමෙන්. ඊට පස්සේ ‘මම නම් මේ ඉඩම දාලා යන්නේ නෑ’ කියලා කියනවා. බලන්න පුංචි කාලේ එයා ඒ ඉඩමට ආශා කළාද? දන්නෙත් නෑ. නමුත් දැන්.. ‘මං මළත් නයෙක් වෙලා හරි වටේ ඇවිදිනවා…’ කියනවා. මෙහෙම කියන අය ඕනතරම් ඉන්නවා. මට මතකයි දවසක් කෙනෙක් එක්තරා තැනකට ආශා කරලා ‘අනේ… මට මෙතැන ගෙම්බෙක් වුණත් සැපයි’ කියලා කිව්වා.

මේ විදිහට ආශාව එකින් එකට මාරුවෙලා යනවා. මේක කොහොමද වෙන්නේ කියලා, එයාට අවබෝධයක් නෑ. බලන්න ජීවිතයක අවබෝධයක් තිබීම කොච්චර වටිනවද? අපි කාලෙකට ආශා කරන දේට නෙවෙයි තව කාලෙකට ආශා කරන්නේ. ඊළඟ කාලෙට ආශා කරන දේට නෙවෙයි තව කාලෙකට ආශා කරන්නේ. එතකොට මේ ආශාව අනිත්‍ය වෙලා යනවා. අපට ඒක තේරෙන්නේ නෑ. වින්දනය වෙනස් වෙනකොට ආශාව වෙනස් වෙනවා. වින්දනය නැතිවෙනකොට ආශාව නැතිවෙනවා. නමුත් ‘මේ ආශාවේ තියෙන්නේ අනිත්‍ය වූ රටාවක් නේද?’ කියලා අපට අවබෝධයක් නෑ. අන්න ඒක අවබෝධවීම අපට හරි වැදගත්.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

මරණය ඉදිරියේ අසරණ නොවීම සොයා…
පසුගිය ලිපිය හා සබැඳේ↓

2.1. අවබෝධයක් නැති ජීවිතයක අනතුර…

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2.2. මරණය ඉදිරියේ අසරණ නොවීම සොයා…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ඔබ දන්නවා ඇති අධිමුත්ත කියලා එක පොඩි රහතන් වහන්සේ නමක් වනාන්තරයෙන් යද්දී හොරු කට්ටියක් මේ පොඩිනම අල්ලගෙන බිල්ලට දෙන්න ගියා. අරගෙන ගියාට පස්සේ මේ පොඩිනමට කිසිම බියක්, තැති ගැනීමක්, කලබලයක් මොකුත් නෑ. සිනහමුසු මුහුණින් ඉන්නවා. දැන් මේ හොරුන්ට මේක හරි ප‍්‍රශ්නයක්. මේ හොරු අහනවා,

“හරි පුදුමයි අපට… අපි මෙතෙන්ට බිලි පූජා දෙන්න ඇමැතිවරු අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. නිලධාරීන් අල්ලන් ඇවිල්ලා තියෙනවා. කෝටිපති සිටුවරු අල්ලන් ඇවිල්ලා තියෙනවා. මේ සෑම කෙනෙක්ම අපි ඉස්සරහා දණ ගහගෙන හඬ හඬා අත්දෙක උස්සලා ජීවිතය ඉල්ලලා යාතිකා කරනවා. ජීවත් කරන්න කියලා ඉල්ලනවා. නුඹ පුදුම කෙනෙක්. නුඹ පොඩි දරුවෙක්. නුඹට ගානක්වත් නෑ. මොකද මේ…?” කියලා අහනවා.

ඒ අධිමුත්ත පොඩිනම රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා,

“මට හරි සතුටුයි. මරණය කියලා කියන්නේ මට සනීප වුණ ලෙඩක්. දන්ගෙඩියෙන් නිදහස් වුණා වගෙයි මං මරණයෙන් නිදහස් වෙලා ඉන්නේ. මං මරණයට තිබූ භය වමාරලා දැම්මා. වමනෙ ගියා. මං ඒකෙන් නිදහස් වුණා…”

මේ හොරු පුදුමයට පත්වුණා. මේ හොරු ඇහුවා,

“හරි පුදුමයි තමුන්නාන්සේගේ කතාව. තමුන්නාන්සේට කොහොමද මේ අවබෝධය ලැබුණේ…?”

“සැවැත් නුවර ඉන්නවා ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍යපුත‍්‍ර ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කියන නමින් ප‍්‍රසිද්ධ මහා උත්තමයෙක්. ඒ තමයි මගේ ශාස්තෘන් වහන්සේ. මං උන්වහන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ.”

මේ පොඩිනමගේ කතාව අහලා අර හොරු කණ්ඩායම කිව්වා,

“අනේ… මේ බිලි පූජාවලින් වැඩක් නෑ. ඔබ යම් අවබෝධයක් ලබලා ඇද්ද, ඒ අවබෝධය කරා අපවත් එක්කන් යන්න” කිව්වා.

“මට නම් තේරෙන්නේ නෑ ඒ අවබෝධය කරා එක්කරගෙන යන්න. මං බුදුරජාණන් වහන්සේ ළඟට එක්කං යන්නම්” කියලා මේ හොරු ටික එක්කරගෙන ගියා. ඒ පිරිසේ සමහරු මහණ වුණා. ඒ අයත් මරණයෙන් නිදහස් වුණා. ජීවත්ව සිටිද්දී මරණයෙන් නිදහස් වෙනවාට තමයි රහත් වෙනවා කියලා කියන්නේ.

මොකක්ද මේ මරණයත් එක්ක තියෙන දුක? මරණයත් එක්ක තියෙන දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්කයි. රෝග පීඩා වැළඳීමත් සමඟ දුකක් තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නේ ඉපදීමත් එක්කයි. නාකිවීමත් එක්ක දුකක් තියෙනවා. ඒ දුක බැඳිලා තියෙන්නෙත් ඉපදීමත් එක්කයි. අපි කැමතියි ඉපදෙන්නේ නැතුව ඉන්න. අපි කැමතියි වයසට යන්නේ නැතුව ඉන්න. අපි කැමතියි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. අප කැමතියි මැරෙන්නේ නැතුව ඉන්න. නමුත් ඒ කැමති දෙය ලැබෙන්නේ නෑ. කැමැති දෙය නොලැබීමත් දුකයි. ඒකත් ඉපදීමත් එක්කයි බැඳිලා තියෙන්නේ.

මේ නිසා මේ ඉපදීමත් එක්ක බැඳුණු මේ ජීවිතය දුකයි කියලා අපට තේරුණොත් ඒ තේරුණාට පස්සේ එයාට ඒක ඉක්මවා යන දෙයක් ඕන වෙනවා. ඒක ලබන්න නම් මේ ඉපදුණ ජීවිතයේ අපි ආවේ කොහොමද? ආයෙ උපතක් කරා යන්නේ කොහොමද? කියන එක අපි දැනගන්න ඕන.

පින්වතුනි, අපි ඉපදුණේ සසරේ විපාක විඳින්න අපි අතින් කර්ම කෙරිලා තිබුණ නිසයි. මේක වළක්වන්න බෑ. අපි කියමු උපත කියන්නේ යම්කිසි නිෂ්පාදනයක් කියලා. ඒ නිෂ්පාදනයක් කරන්න ඇන්ජිමක් ඕන. මොකක් හරි මැෂින් එකක් ඕන. මැෂින් එකෙන් තමයි යමක් උපද්දවන්නේ. අපි ගත්තොත් මොනවාහරි දෙයක් (බටර් හදනවා. නැත්නම් චීස් හදනවා. නැත්නම් රෙදි නිෂ්පාදනය කරනවා. නැත්නම් පොත් නිෂ්පාදනය කරනවා…) මැෂින් එකට අමුද්‍රව්‍ය දාලා මැෂින් එකෙන් හැදිලා, ඇඹරිලා යනවා. මේ වගේ උපත නැමැති දේ උපද්දවලා දෙන්නේ භවය නැමැති මැෂිමයි. (භව පච්චයා ජාති) භවය නැමැති මැෂිම තමයි ඉපදීම උපද්දවලා දෙන්නේ. මොකක්ද මේ මැෂින් එක? ඒ තමයි කර්මය.

අපි චේතනා පහළ කරලා යමක් සිතන කොට මේ මැෂින් එක වැඩකරනවා. අපි චේතනා පහළ කරලා යමක් කියන කොට මේ මැෂින් එක වැඩකරනවා. චේතනා පහළ කරලා යමක් හිතලා ඉවර වෙන කොට මැෂින් එක වැඩකරලා. චේතනා පහළ කරලා යමක් කියලා ඉවරයි. මැෂින් එක වැඩකළා. නිෂ්පාදනය වුණා. මොකක්ද උපද්දවන දේ…? ඒකට කියන්නේ විපාක. විපාකයක් නිෂ්පාදනය වුණා.

ඊට පස්සේ පින්වත්නි, ඒ විපාකය කරා යන්නේ විඤ්ඤාණයයි. අපි ඇහෙන් රූප බලන්න නම් මේ විඤ්ඤාණය ඇහේ ඇතිවෙන්න ඕන. කණෙන් ශබ්දයක් අහන්න නම් විඤ්ඤාණයක් කණේ හටගන්න ඕන. නාසයෙන් ආඝ‍්‍රාණය කරන්න නම් විඤ්ඤාණය නාසයේ හටගන්න ඕන. දිවෙන් රස දැනගන්න නම් දිවේ විඤ්ඤාණය හටගන්න ඕන. ශරීරයෙන් පහස දැනගන්න නම් කයේ විඤ්ඤාණය හටගන්න ඕන. මනසින් අරමුණු දැනගන්න නම් මනසේ විඤ්ඤාණය හටගන්න ඕන.

මේක ඉබේ හටගන්නේ නෑ. ඇහැක් තියෙන්න ඕන. ඇහැට රූපය හමුවෙන්න ඕන. මේ විඤ්ඤාණය ක‍්‍රියාත්මක වෙන්න ඕන. එතකොට තමයි පේන්නේ. මේ විඤ්ඤාණය වැඩකරන්නේ හැම තිස්සේම අර ඇන්ජිම වැඩකරන විදිහටයි. ඒ ඇන්ජිම තමයි කර්මය, චේතනාව. අපි චේතනා පහළ කරලා වැඩකරන විදිහට තමයි විඤ්ඤාණය හැදි හැදී යන්නේ. ඒක හොඳට මතක තියා ගන්න. අපට හොයන්න බෑ මේක.

බුද්ධ කාලයේ ‘ථූන’ කියලා එක බ‍්‍රාහ්මණ ගමක් තිබුණා. ඒ  ‘ථූන’ කියන බ‍්‍රාහ්මණ ගමේ හිටපු බ‍්‍රාහ්මණයින් ඒ කාලේ හරියට බුදුරජාණන් වහන්සේට විරුද්ධකම් කළා. මොකද, උන්වහන්සේ ඇත්ත කියලා මිනිස්සු ඒ මාර්ගයේ යන නිසා. ඉතින් බ‍්‍රාහ්මණයෝ ඒගොල්ලන්ගේ තරුණ ළමයි ඔක්කෝම ගෙවල් දොරවල් දාලා ගිහින් පැවිදි වෙයි කියලා බය වුණා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ගමට වඩින කොට ඒ ගමේ බමුණෝ රැස්වීමක් තිබ්බා. ඊට කලින් දවසේ ආරංචි වුණා මෙන්න ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ගමට එනවා කියලා. “මේගොල්ලන්ට උඹලා කවුරුවත් කෑම පොඞ්ඩක්වත් දෙන්න එපා! වතුර බිංදුවක්වත් දෙන්න එපා! එතකොට මේගොල්ලො මේ ගමේ ඉන්නේ නෑ. යනවා යන්න!” කිව්වා.

බුදුරජාණන් වහන්සේයි, සඟ පිරිසයි මේ වගේ පායන කාලෙක ඔය ගමට වැඩියා. වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාළා

“ආනන්දය, මට පිපාසයි. මට වළඳන්න පැන් ටිකක් අරගෙන එන්න” කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්තරෙත් අරගෙන ළිඳක් ගාවට ගියා. ඒ ළිඳ පිදුරු දාලා වහලා. ආයෙ වෙන ළිඳක් හොයාගෙන ගියා. ඒකත් පිදුරු දාලා වහලා. ආයෙ වෙන ළිඳක් හොයාගෙන ගියා. බැරිම තැන ආනන්ද ස්වාමීන් වහන්සේ හිස් අතින් පාත්තරය අරන් ආවා. ඇවිල්ලා “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එක ළිඳක්වත් නෑ පැන් පොඞ්ඩක් ගන්න. මේ හැම ළිඳක්ම වහලා” කියලා කිව්වා.

“එහෙනම් ඔබ ඉස්සෙල්ලාම ගිය ළිඳට ආපහු යන්න” කිව්වා. ඒ පාර ඒ ළිඳට යනකොට ඒ ළිඳේ වතුර උඩට ඇවිල්ලා වතුර උතුරලා යනවා. පිදුරු ටික ගහගෙන ගිහිල්ලා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකෙන් පැන් එකක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පූජාකළා. “ස්වාමීනී, හරිම පුදුමයි. මිනිස්සුන්ට භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා හඳුනගන්න බැරිවුණා. ඒත් සොබාදහම හඳුනාගත්තා” කියලා කිව්වා.

එතැන හිටිය එක රහතන් වහන්සේ නමකට හරි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. උන්වහන්සේ දවල් කාලේ වැඩියා. වතුර දෙන්න කවුරුත් නෑ. වතුර පිළිගන්වන්නෙත් නෑ. ළිඳකුත් නෑ. ඔක්කෝම ළිං පිදුරු දාලා වහලා. පිපාසයට මැදිවෙලා එක රහතන් වහන්සේ නමක් යනවා. අව්ව සැර වැඩියි. පිපාසය වැඩියි. ගෙයක් ඉස්සරහා කලන්තෙ දාලා වැටුණා. මේ ගෙදර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණ තරුණ දුවක් සිටියා. මේ දුව වටපිට බැලූවා. කවුරුත් පේන්න නෑ. ඉක්මනට දිව්වා අර ස්වාමීන් වහන්සේ ළඟට. උන්වහන්සේ කෙඳිරි ගානවා.

“ඇයි… ස්වාමීනී…?”

“වතුර…” කිව්වා. දැන් ඉල්ලන්නේ මොකක්ද? වතුර. දෙන්න තහනම් මොනවද? වතුර. දැන් මේ දුව බලන් ඉන්න බැරුව ‘මේක මම බල බලා ඉඳලා හරියන්නේ නෑ. මේ බමුණන්ට ඕන දෙයක් කරපුවාවේ’ කියලා කල්පනා කරලා ඉක්මනට ගිහිල්ලා පැන් ටිකක් පෙරාගෙන ගිහින් “ස්වාමීනී, වළඳන්න” කියලා දුන්නා. දීලා මෙයා හරි සතුටෙන් හිටියා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ ඒක වළඳලා අමාරුවෙන් වැඩියා.

හැබැයි මේක කාගේ හරි ඇස් දෙකෙන් දැක්කා. කවුරුහරි මේක දැක්කා. දැකලා අර බමුණන්ට කියාගෙන ගියා, “ආන්… බලාපන්! අරකි කරපු වැඬේ…! අපේ කීම ඇහුවෙ නෑ…” කියලා.

බුදුරජාණන් වහන්සේ සඟ පිරිසත් එක්ක ඉක්මනින් ඒ ගමෙන් පිටත් වෙලා ගියා. බමුණො රකින්නේ සත්‍යය නෙවෙයිනේ, සම්ප‍්‍රදායනේ. සත්‍යය රකින්නේ බුද්ධිමත් කෙනයි. ඉතින් බුදුරජාණන් වහන්සේයි, සඟ පිරිසයි පිටත්වුණාම බමුණෝ ඔක්කොම රැස්වුණා. දැන් ඔන්න දඬුවම් දෙන්න සූදානම. දැන් අර දරුවට අඬගැහුවා.

“කියාපිය… ඇයි මේ මුඩු මහණුන්ට වතුර දුන්නේ…?”

“මට ඉවසගන්න බැරුව ගියා… පිපාසය හැදිලා කලන්තේ දාලා වැටිලා ඉන්නවා මට බලන් ඉන්න බෑ. මගේ පපුව පත්තු වෙලා ගියා. මං පැන් පූජා කළා.”

“කියාපිය… තී වරදක් නේද කළේ…?”

“නෑ… මං වරදක් නෙවෙයි කළේ. මං මනුස්සයෙකුට වතුර දුන්නා විතරයි.”

දැන් අර දුව තමන් යහපතක් කළා කියලා දැඩි මතයක ඉන්නවා. අර ගොල්ලෝ කිව්වා,

“මේකි තියලා හරියන්නේ නෑ.”

බලන්න මේ පුංචි සිද්ධිය. අර බමුණන් බමුණු සභාවේ, බමුණු අධිකරණයේ, බමුණු තීරණයක් නියෝග කළා.

“තී ශ‍්‍රමණ ගෞතමයන්ගේ ශ‍්‍රාවකයන්ට උදව් කළා… තී ගල් ගහලා මරන්න ඕනෑ.”

බලන්න, මේ දුව කොච්චර බුද්ධිමත්ද…?

“කමක් නෑ. මට කරන්න දෙයක් දෙයක් නෑ. මම සත්‍යය වූ දෙයක් කළා” කියලා සතුටින් හිටියා. මෙයාට ගල් ගහලා මැරුවා. බමුණෝ හිතන්න ඇති, බමුණෝ ජයගත්තා කියලා.

මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍යලෝක චාරිකාවේ වඩිනවා. දිව්‍යලෝක චාරිකාවේ වඩිනකොට නිල් පාට වතුර තියෙන ලස්සන පොකුණක් මැද්දේ රත්තරන් පාට හංසයෙකුගේ හැඩය තියෙන ලස්සන මාළිගාවක් දැක්කා. මුගලන් හාමුදුරුවෝ බැලූවා “ෂා… ලස්සන..” ජනෙල් කවුළුවකින් අප්සරාවියක් ඇවිල්ලා බැලූවා. ඈ අනිත් දිව්‍ය අප්සරාවියන් පිරිවරාගෙන අර නිල්පාට ජලයෙන් පාවෙලා ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේට වැන්දා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා.

“ලස්සන මාලිගාව. ඔබ කොහෙද හිටියේ කලින්…?”

“ස්වාමීනී, මං මිනිස් ලෝකයේ හිටියේ.”

“කොහෙද හිටියේ…?”

“දඹදිව”

“දඹදිව කොහෙද හිටියේ…?”

“ථූන කියන ගමේ.”

“ගොඩාක් පින් කරගන්න ඇති නේද…?”

“නෑ. ස්වාමිනී, මට ගොඩක් පින් කරන්න වාසනාව නැතුව ගියා. හැබැයි මං එක දෙයක් කළා. මං සිත පහදවා ගෙන රහතන් වහන්සේ නමකට පැන් ටිකක් පූජාකළා.”

බලන්න මේ සිදුවීම. එයාට මොනතරම් අකරතැබ්බ වලට මුහුණදෙන්න සිදුවුණාද? හැබැයි එයා පැරදුණේ නෑ. එතකොට එයා චේතනාවක් පහළ කරලා මේ පැන් ටික අරගෙන අර රහතන් වහන්සේ නමක් ළඟට දුවගෙන යනකොට මෙයාගේ මැෂින් එක වැඩකළා. වැඩකරලා විඤ්ඤාණය හැදුණා. හැදුණේ මෙතැන මැරෙන කොට දෙවියන් අතරට ගෙනියන්නයි. (භව පච්චයා ජාති) විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ හේතුවෙන් උපතක් කරා යනවා.

එතකොට අපට ජීවිතය දැනුවත් වෙන්න වුවමනා දේ නොලැබුණොත් අපි මේ චේතනා පහළ කරලා කරන කර්මයෙන් බේරෙන්න බෑ. පස්සෙන් එනවා. පස්සෙන් ඇවිල්ලා අපි කොහේ කොහේ ගෙනියයිද දන්නේ නෑ.

මේ ගැන අපි හරි අවබෝධයක් ඇති කරගන්න ඕන. දෙවියන් අතර වේවා, මිනිසුන් අතර වේවා, තිරිසනුන් අතර වේවා, අපායේ වේවා යමෙක් උපදිනවා නම් ඒකට හේතුව භවයයි. විපාක පිණිස කර්ම සකස් වීමයි. එතකොට මේ විපාක පිණිස කර්ම සකස්වීම නිසයි උපදින්නේ. විපාක පිණිස කර්ම සකස්වීම නැතුව ගියොත්..?

ඒකට ලස්සන උපමාවක් මට මතක්වුණා. මේක අලූත් උපමාවක්. ඇඳුම් මහන මැෂින් එක තියෙනවනේ. මැෂින් එක ඇතුළේ තියෙනවනේ ෂටලය කියලා එකක්. ෂටලය ඇතුළෙනේ නූල් ටික ඔතන්නේ. නූල් ටික ඔතලා ඒක මැෂින් එකේ යටින් දාලා, උඩින් පටලවලා අරගෙන ඊට පස්සෙනේ ඉඳිකටුවට දාන්නේ. එතකොට උඩින් එක නූලක් යනවා. ඇතුළින් තව නූලක් යනවා. ඇතුළේ නූලයි, උඩ නූලයි එකතුවෙලා තමයි රෙදි ටික මූට්ටු කරන්නේ. එතකොට උඩත් නූල නැත්නම්, යටත් නූල නැත්නම් මැෂින් එක පෑගුවා කියලා මැහෙන්නේ නෑනේ. හරි ලස්සනයි ඒ උපමාව. රහතන් වහන්සේත් ඒ වගෙයි. මැෂින් එක පෑගුවාට මැහෙන්න දෙයක් නෑ වගේ රහතන් වහන්සේ නමක් ජීවත් වුණාට කර්ම රැස්වෙන්නේ නෑ. අපේ මැෂින් එකේ හැම තිස්සේම උඩත් නූල්, යටත් නූල්. මේ නිසා මේක අවබෝධ කරගන්න ඕන.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

අවබෝධයක් නැති ජීවිතයක අනතුර…
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

2.1. අවබෝධයක් නැති ජීවිතයක අනතුර…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

අපේ ජීවිතයේ තීරණාත්මක දෙය වෙන්න ඕන අපේ අවබෝධයයි. ඔබට මතකද පින්වතුනි, මීට කලින් ලිපියෙදී කරුණු දෙකක් විස්තර කරන්න මා උත්සාහ ගත්තා. ඒ තමයි පිනත්, අවබෝධයත්. මා හිතනවා මේ කාරණයේදී පින ගැන මං යම්කිසි ප‍්‍රමාණයකට විස්තර කළා. හැබැයි අවබෝධය ගැන මට හරියට කියන්න ලැබුණේ නෑ.

අවබෝධ කිරීම ගැන අපි දැන සිටීම හරි ප‍්‍රයෝජනයි. මොකද හේතුව, අපට මේ ජීවිතයේ වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ අවබෝධය ඇතිකරන දේ නෙවෙයි. වසඟ කරන දේයි. අපි ටීවී එක බැලූවත්, අපව ඒකට වසඟ වෙනවා. අපි ගීතයක් ඇහුවත් ඒකට වසඟ වෙනවා. අපි කෙනෙකුව දැක්කත් එයාට වසඟ වෙනවා. අපි ක‍්‍රීඩාවක් බැලූවත් වසඟ වෙනවා. ඇඳුමක් ලස්සනට දැක්කත් වසඟ වෙනවා. එහෙනම් අපට වසඟ වෙන්න තියෙන අරමුණු හරියට තියෙනවා. අවබෝධ කරන්න දෙයක් තමයි නැත්තේ.

බුද්ධිමත් මනුස්සයන් හැටියට අපට අවබෝධ කරන්න දෙයක්, අවබෝධය වීම පිණිස උපකාර වන දෙයක් යම්කිසි ප‍්‍රමාණයකට හරි දැන කියාගන්න ලැබුණොත් ඒක අපට ඉතාමත්ම ප‍්‍රයෝජනයි. මොකද හේතුව, අපට කවදාවත් අවබෝධ කරගන්නේ නැතුව මේකෙන් එතෙර වෙන්න බෑ, සතර අපායෙන් මිදෙන්න බෑ. ඔබ මුළු ජීවිත කාලයම සුදු ඇඳගෙන ඉන්නවා කියන්න. මං මුළු ජීවිත කාලයම මහණ වෙලා ඉන්නවා කියමු. අපි දෙගොල්ලන්ටම අවබෝධ කරන්නේ නැතුව සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වේවිද? බෑ.

හොඳම උදාහරණය තමයි අර කපිල මාළුවාගේ කතාව. අචිරවතී ගෙඟ් රත්තරන් පාට මාළුවෙක් ඇල්ලූවා. ඒ ළමයි කතාවුණා, “මේ මාළුවා අපි රජ්ජුරුවන්ට ගිහිල්ලා පෙන්නමු. විශාල රත්තරන් පාට මාළුවෙක්… රජ්ජුරුවෝ මේ මාළුවා දිහා බලලා අපට තෑගි දෙයි” කියලා. ඉතින් මේ ළමයි ටැංකියක් හදාගෙන, මාළුවාවත් දාගෙන කොසොල් රජ්ජුරුවෝ ගාවට උස්සගෙන ගියා. ඒ වෙනකොට රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් හිටියා. රජ්ජුරුවෝ කිව්වා “බොහොම හොඳයි…. බොහොම අපූරු මාළුවෙක්… අපි මේ මාළුවා ජේතවනාරාමයට අරගෙන යමු. ගිහින් බුදුරජාණන් වහන්සේට පෙන්නමු.”

බුදුරජාණන් වහන්සේ ළඟට මාළුවා අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේට කිව්වා,

“ස්වාමීනී, මේ බලන්න. හරි ලස්සන රන්වන් පාට විශාල මාළුවෙක්. මේ බලන්න මේ මාළුවා දිලිසෙන ලස්සන. අපූරු මාළුවෙක්…. මේ ඔබවහන්සේට පෙන්නන්න ගෙනවා.”

බුදුරජාණන් වහන්සේ මේ මාළුවා අඳුනගත්තා. මේ මාළුවා කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මහණ වෙලා හිටිය භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා මේ කවුද කියලා.

“ආ… මේ කපිලනේ…”

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ළමයින්ටයි, රජ්ජුරුවන්ටයි කිව්වා,

“අපි මේ මාළුවාගෙන් අහමු.”

උන්වහන්සේගේ ඉර්ධිබලයෙන් මාළුවාට කතා කරන්න සැලැස්සුවා. සලස්වලා බුදුරජාණන් වහන්සේ මාළුවාගෙන් ඇහුවා,

“මාළුවෝ… නුඹ කලින් ජීවිතයේ කොහෙද හිටියේ…?”

“මං කලින් මනුස්සයෙක්.”

“ඒ කාලේ නුඹේ නම මොකක්ද?”

“ඒ කාලේ මගේ නම ‘කපිල’

“නුඹේ පවුලේ කී දෙනෙක් හිටියද?”

“අම්මා හිටියා… නංගි හිටියා… අයියා හිටියා…”

“අයියා මොකද කළේ…?”

“අයියා මහණ වුණා.”

“නුඹ…?”

“මාත් මහණ වුණා.”

“අම්මා…?”

“අම්මා භික්ෂුණියක් වුණා.”

“නංගි…?”

“නංගිත් භික්ෂුණියක් වුණා.”

එහෙනම් මේ පවුලම මහණ වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාළුවාගෙන් අහනවා,

“මාළුවෝ…. අයියට මොකද වුණේ…?”

“අයියා බොහෝම හොඳයි.”

“මොකද වුණේ…?”

“අයියා පිරිනිවන් පෑවා…”

“එහෙනම් අයියට රහත් වෙන්න වාසනාව ලැබුණා. අම්මටයි, නංගිටයි මොකද වුණේ…?”

මාළුවා දැන් කතා නෑ. ආයෙත් ඇහුවා…

“මාළුවෝ… අම්මටයි, නංගිටයි මොකද වුණේ…?”

කතා නෑ. මාළුවාට කිව්වා,

“කියන්න…”

“අම්මයි, නංගියි දැන් ඉන්නේ නිරයේ.”

“මාළුවෝ…. මේ ජීවිතයෙන් පස්සේ නුඹට මොකද වෙන්නේ…?”

“මමත් නිරයේ…!”

ඊට පස්සේ මාළුවාට කම්පනයක් ඇතිවෙලා ටැංකියේ බඳේ ඔළුව ගහගෙන මැරුණා. නිරයේ උපන්නා.

බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට කිව්වා ”මේ බලන්න, අවබෝධ නොකිරීම. මොකක් අවබෝධ නොකිරීමද? චතුරාර්ය සත්‍යය.”

පින්වත්නි, අපි ‘ආර්ය ශ‍්‍රාවකයෝ’ කියනවා… ‘ආර්ය සත්‍යය’ කියනවා… මොකක්ද මේ ආර්ය සත්‍යය කියන්නේ? ලෝකයේ විමුක්තිය සාක්ෂාත් කළ ශ්‍රේෂ්ඨ වූ බුදු, පසේබුදු, මහරහතුන් අවබෝධ කරන්නා වූ සත්‍යය නිසයි එයට ආර්ය සත්‍යය කියලා කියන්නේ. අපිත් ඒ ආර්ය සත්‍යය අවබෝධ කළොත් අපිත් ආර්ය ශ‍්‍රාවකයෝ බවට පත්වෙනවා. ඒ ආර්ය සත්‍යය දේශනා කළ බුදුරජාණන් වහන්සේව සරණ ගියාම අපිත් ආර්ය ශ‍්‍රාවකයෝ වෙනවා. අන්න ඒ ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම තමයි අපේ ජීවිතයට විශේෂයෙන්ම උපකාරී වෙන්නේ. ඒ ආර්ය සත්‍යය අපේ ජීවිතයට හරි වටිනවා. දෙවියන්ට වටිනවා. මිනිසුන්ට වටිනවා. දෙවියොත් මේ ධර්මය අවබෝධ කරගන්න කැමතියි. මිනිස්සුත් මේ ධර්මය අවබෝධ කරගන්න කැමතියි. මේ ධර්මය අවබෝධ කරගන්න අපටත් අවස්ථාවක් ලැබුණොත්, ආර්ය සත්‍ය අපිත් අවබෝධ කළොත්, අපට තියෙන ලොකුම වාසිය තමයි, මොන විදිහේ අනතුරකින් මළත් අපට කිසිම විදිහේ ප‍්‍රශ්නයක් නෑ.

ආර්ය සත්‍යය අවබෝධ කළොත් අපි නිරයේ යන්නේ නෑ. පේ‍්‍රත ලෝකයේ යන්නේ නෑ. තිරිසන් අපායේ යන්නේ නෑ. එහෙම නම් අපට තිබෙන සැබෑම ආරක්ෂාව තමයි ආර්ය සත්‍යය අවබෝධ කිරීම.

පින්වතුනි, මේ ආර්ය සත්‍යය තියෙන්නේ මේ ආකාසයේ නොවෙයි. ගස්කොළන්වල නොවෙයි. මේ කැලෑ, හෙල්, සාගරවල නෙවෙයි. මේ ආර්ය සත්‍යය තියෙන්නේ අප තුළමයි. අපි බුද්ධිමත් වුණොත් මේ ආර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්.

අපි මොහොතක් කල්පනා කරමු. දැන් ඔන්න අපි පිට්ටනියක වාඩිවෙලා ඉන්නවා කියමු. අහසෙන් හෙවනක් දුන්නොත් මිසක් අපට හෙවනක් නෑ. එතකොට මේ ගස්කොළන් දැක්කාම මිනිස්සු හරි ආසයි. ගස්කොළන් හරි ලස්සනයි. ගලාගෙන යන දිය ඇලි තියෙනවා. දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ, මේ පොළොවේ ලස්සන තැන් තියෙනවාද?”

බුදුරජාණන් වහන්සේ වදාළා,

“ලස්සන තැන් තියෙනවා තමයි. ලස්සන වනාන්තර, ලස්සන ඇලදොළ, ලස්සන ගංගා… හැබැයි මීට වඩා ලස්සනයි, ජීවිතාවබෝධය කරපු අය ඉන්න තැන. ඒක නගරයේ වුණත් කමක් නෑ. ගමේ වුණත් කමක් නෑ. ගස් නැති තැන වුණත් කමක් නෑ” කියලා.

දැන් මෙතැන ගස් නැතිවුණාට අපි ඔක්කෝම අද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලස්සන දෙයක් අහන්නේ. ජීවිතාවබෝධය ලබන්න පුළුවන් දෙයක් අසන්නේ. ඒ ආර්ය සත්‍යය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒ වෙනස් නොවෙන ආර්ය සත්‍යය දැන් අපි ඉගෙන ගනිමු.

බුදුරජාණන් වහන්සේ වදාළා ඉපදුණ තැන ඉඳලා මේක ඉගෙන ගන්න පටන් ගන්න කියලා. ඉපදුණ තැන ඉඳලයි පටන් ගන්න කිව්වේ. දැන් අපි බලමු ඉපදුණ තැන. ඉපදෙන්න තැන් ගොඩක් තියෙනවනේ. නිරය තියෙනවා, තිරිසන් ලෝකය තියෙනවා, පේ‍්‍රත ලෝකය තියෙනවා, අසුර ලෝකය තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, මනුස්ස ලෝකය තියෙනවා.

දැන් මේ ලෝක අතරින් මේ ජීවිතයේ අපි වැටුණේ කොයි ලෝකයටද? මනුස්ස ලෝකයට. කොහොමද අපි මනුෂ්‍ය ලෝකයට වැටුණේ කියන කාරණාව අපි දෙවනුව කතා කරලා, අපි වැටුණු මනුස්ස ලෝකයේ අපට උරුම වූ දේවල් ගැන බලමු.

දැන් මනුස්ස ලෝකයේ මිනිස් දරුවෙක් හැටියට අපි ඉපදෙන කොටම අපට ඇස් දෙකක් ලැබුණා. දැන් අපි ඒ ඇස් දෙක පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපි උපදින කොට අපට කණ් දෙකක් ලැබුණා. අපි දැන් ඒ කණ් දෙක පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට ඉපදෙන කොට නාසයක් ලැබුණා. අපි ඒ නාසයෙන් ගඳ සුවඳ ආඝ‍්‍රාණය කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපි උපදින කොට අපට දිවක් ලැබුණා. අපි ඒ දිව ආහාර අනුභව කිරීමට, කතා බස් කිරීමට පාවිච්චි කරනවා. රස විඳීමට පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපි උපදින කොට ශරීරයක් ලැබුණා. මේ ශරීරය අපි ක‍්‍රියාවන් කරන්න පාවිච්චි කරනවා. මිනිස් දරුවෙක් හැටියට අපට මනසක් ලැබුණා. අපි දැන් මනසත් පාවිච්චි කරනවා.

මිනිස් ලෝකයට ඇවිල්ලා අපි පාවිච්චි කරන්නේ ඔය හයනේ. ඒ කියන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස. අපි මේ හය පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ හය දුකට අයිතියි කියලා. අපට මේක තේරුම් ගන්න බෑනේ. දුකට අයිතියි කියන කාරණය අපට තේරෙන්නේ නෑ. අපට තේරෙන්නේ මේ හය දුකට අයිතියි කියලා නෙවෙයි, ‘මට අයිතියි’ කියලයි. එහෙම නෙවෙයිද වෙන්නේ?

මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස දුකට අයිති දෙයක් හැටියටද අපි හඳුනගෙන ඉන්නේ? මට අයිති දෙයක් හැටියටද? තමාට අයිති දෙයක් හැටියටනේ. මේකයි අපේ ප‍්‍රශ්නය. මේක තමාට අයිති දෙයක් හැටියට පිළිගත්තේ ඇයි? අපි තාම මේක අපට අයිති දෙයක් විදිහට තෝරගෙන ඉන්නේ ඇයි? ඒ අපට මේක දුකට අයිති දෙයක් කියලා අවබෝධ වුණේ නැති නිසයි.

මේ නිසා අපි බලමු මේකෙ තියෙන්නේ දුකට අයිති දෙයක තියෙන ලක්ෂණද, මට අයිති දෙයක තියෙන ලක්ෂණද කියලා. මට අයිති දෙයක් නම් මොකක්ද තියෙන්නෙ ඕන ලක්ෂණය? මට ඕන හැටියට පවත්වන්න පුළුවන් වෙන්න ඕන.

දැන් බලන්න ‘ඇහෙන් මට ප‍්‍රිය මනාප රූප විතරක් පෙනේවා! අප‍්‍රිය අමනාප රූප බලන්න නොලැබේවා!’ කියලා ලබන්න පුළුවන්ද? බෑ. ‘කණෙන් මිහිරි දේවල් පමණක් ඇසේවා! අමිහිරි දේවල් නොඇසේවා!’ කියලා ලබන්න පුළුවන්ද? බෑ. ‘නාසයෙන් මට සුවඳ විතරක් දැනේවා! අපි‍්‍රය අමනාප දුගඳ මගේ නාසයට නොලැබේවා!’ කියලා ලබන්න පුළුවන්ද? බෑ. ‘දිවෙන් මට රස විතරක් ලැබේවා! නීරස දේවල් නොදැනේවා!’ කියලා ලබන්න බෑ. ‘ශරීරයට මං කැමති පහස විතරක් ලැබේවා! අකමැති පහස නොලැබේවා!’ කියලා ලබන්න පුළුවන්ද? බෑ. ‘මනසට මට සතුට හිතෙන දේ පමණක් සිතේවා! දුක සිතෙන දේ නොසිතේවා! කියලා ලබන්න පුළුවන්ද?’ බෑනේ.

එහෙනම් මේකේ ‘මම’ කියලා හිතුවට තියෙන්නේ මට ඕන දේ ලැබෙන්නේ නැති එකක්. එතකොට මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන මේ හයෙන් යුක්ත අපේ ජීවිතයේ අපි අකමැති දේවල් ලැබෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස ඉපදීම දුකයි කියලා.

දැන් ඔන්න අපට ඒ දුක ලැබුණා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා, මේකෙ අපට තියෙන ඊළඟ ප‍්‍රශ්නය. ඒ තමයි අපි නාකි වෙනවා. (ජරා’පි දුක්ඛා) නාකිවෙන එක වළක්වන්න පුළුවන් කෙනෙක් නෑනේ. අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ. දන්නෙම නෑ ක‍්‍රමක‍්‍රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්ඬේ ඉඳිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස් පෙනීම අඩුවෙලා යනවා. කණ් ඇසීම අඩුවෙලා යනවා. කාපු දේවල් දිරවගන්න බැරුව යනවා. ඊළඟට ශරීරය දුර්වල වෙනවා. මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා. එහෙම යුගයක් එනවනේ. මේක අපට වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා ජරාවට පත්වීමේ දුක, ඉපදීමේ දුකත් සමඟ තියෙනවා කියලා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ‘ලෙඩවීම දුකයි’ කියලා. එතකොට ලෙඩ වෙන්නේ බාහිර දෙයක්ද? මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන මේවද? ඇසත් ලෙඩ වෙනවා. කණත් ලෙඩ වෙනවා. නාසයත් ලෙඩ වෙනවා. දිවත් ලෙඩ වෙනවා. ශරීරයත් ලෙඩ වෙනවා. මනසත් ලෙඩ වෙනවා.

මට හොඳට මතකයි, දවසක් මං ගියා එක ලෙඩෙක් බලන්න. බැංකුවක වැඩකරන නෝනා කෙනෙක්. මේ නෝනට ඇහේ පිළිකාවක් හැදිලා. ඇහේ පිළිකාව හැදිලා උඩුදුවලා උගුරටම ගිහින්. දැන් එයාට උගුරේ සිදුරක් හදලා ඒ සිදුරෙන් පුනීලයකින් බටයක් දාලා යුෂ වර්ග වත්කරනවා. කන්න බෑ, කතා කරන්නත් බෑ. හැබැයි කණ් ඇහෙනවා.

හරි දුක හිතෙන දෙයක් වුණා. අවුරුදු තිස්පහක විතර කෙනෙක්. පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ ගොල්ලෝ මාව එක්කරගෙන ගියා. මං ඉතින් ගිහිල්ලා ධර්ම කරුණු කිව්වා. අපි පිරිත් කියලා ඉවර වුණාම අර ලෙඬේ හැදුණු නෝනා ‘පොඞ්ඩක් ඉන්න’ කියලා එයාගේ යාළු නෝනා කෙනෙකුට පොඩි තුණ්ඩු කෑල්ලක් ඉක්මනට ලියලා දුන්නා. දෙන්නම ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ එකට. ඒක දැකලා එයාට හරි වේදනාවක් ආවා. ඒ තුණ්ඩු කෑල්ලේ තිබුණේ ‘අනේ… මට පොළොස් ඇඹුලක් ගෙනත් දෙන්න’ කියලයි. මට දුක හිතුණේ එතැන.

දැන් මෙයාට පුළුවන්ද මේක කන්න. දැන් ජීවත්වෙලා ඉඳිද්දිම දිව මැරිලා… ජීවත්වෙලා ඉඳිද්දිම ඇහැක් මැරිලා… එතකොට බලන්න මම කල්පනා කළා අවබෝධයක් නැති ජීවිතයක් අපි පවත්වන කොට අපේ අන්ත අසරණකම අපටවත් හොයාගන්න බෑ. අපටවත් තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ ඉපදීම වගේම ලෙඩවීමත් දුකයි කියලා.

ලෙඩ වුණොත් ලෙඩවෙන්නේ ඇහැ. එක්කෝ ලෙඩ වෙන්නේ කණ. එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ නාසය. එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ දිව. එහෙමත් නැත්නම් ලෙඩ වෙන්නේ ශරීරය. සමහර අයගේ මේ පහම ලෙඩ නොවී මනස ලෙඩ වෙනවා. මනස ලෙඩ වුණාම මේ පහෙන් කිසිම වැඩක් නෑනේ.

ඉතින් මේ නිසා ඉපදුණ දේකට උරුම වූ දේ අපට ඕනම වෙලාවක ලැබෙන්න පුළුවන්. ඉපදුණු දේට උරුම දේ දේ තමයි වයසට යෑම. අපට ඒක දැන් ලැබෙමින් තියෙනවා. ඉපදුණු දේකට උරුම වූ දේ ලෙඩවීම. ඉතින් ඒකටත් අනිවාර්යයෙන්ම අපි මුහුණ දෙන්න ඕන. ඉපදුණු දේකට උරුම වූ ඊළඟ එක (මරණම්පි දුක්ඛං) මරණයයි. ඒකටත් අපි මුහුණ දෙන්න ඕන.

ලෝකයේ කිසිම දවසක කාටවත් කියලා, කාටවත් අල්ලසක් දීලා, පින්සෙණ්ඩු වෙලා, යාඥා කරලා අපට කවදාවත් මේවායින් මගහරින්න බෑ. මුහුණ දෙන්න වෙනවා. අපි කොච්චර අකමැති වුණත් අපට මරණයට මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණයත් දුකයි කියලා. බලන්න මේ මිනිස්සු මැරෙන විදිහ. එක එක විදිහට මැරෙනවා.

දැන් අපේ දායක පවුලක මේ ළඟදී මරණයක් වුණා. පොඩි පුතාට වයස අවුරුදු දෙකයි. ඊළඟ පුතාට වයස අවුරුදු නවයයි. දුවලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙකුට වයස අවුරුදු දහනවයයි. අනෙක් කෙනාට විසිඑකයි. කවුරුත් බැඳලත් නෑ. තාත්තා ඉන්නවා. අම්මා මේ පොඩි පුතාට බනිස් ගෙඩියක් ගේන්න කඬේට ගියා. පාර අයිනේ ඉන්නේ. අල්ලපු වැටේ බේකරිය. බේකරියට ගියා. ගිහිල්ලා බනිස් ගෙඩියක් අරගෙන එනකොට වාහනකාරයෙක් හප්පගෙන ගියා. වෙලාව කියන්නේ හැප්පෙනකොට මෙයා මුනින් අතට වැටුණා. එතැන මඩවලක් තිබුණා. මූණ මඬේ ඇනුනා. වාහනකාරයා නැවැත්තුවා නම්, උස්සලා අරගෙන බේරන්න තිබුණා. වාහනකාරයා භයටත් එක්ක ගියා. පැයක් එතැන. කවුරුත් දන්නේ නෑ.

මං එතකොට කොළඹ හිටියේ. අවසන් කටයුතු ඔක්කොම ඉවරයි. මං බලන්න ගියා. දූලා දෙන්නා, පොඩි පුතා, අවුරුදු දෙකේ ළමයා මේ ඔක්කෝම ඉඳිද්දී අම්මා මැරුණා. මේ ළමයි බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මං තේරුම් කරලා දුන්නා ‘මේ අපේ ජීවිතයේ පොදු දෙයක්. මේකට කඩා වැටෙන්න එපා! අපි මේක අවබෝධ කරගෙන, මේකට මුහුණ දෙමු. වෙන කරන්න දෙයක් නෑ’ කියලා.

මරණය කියන එක අවබෝධයක් නැති ජීවිතයට එන්නේ දුකත් සමඟයි. මේ ඇස අනිත්‍යය වූ දෙයක්, මේ කණ අනිත්‍ය වූ දෙයක්, මේ නාසය අනිත්‍ය වූ දෙයක්. මේ දිව අනිත්‍ය වූ දෙයක්, මේ කය අනිත්‍ය වූ දෙයක්. මේ මනස අනිත්‍ය වූ දෙයක් කියලා අවබෝධයක් තිබ්බා නම් මීට වෙනස් දෙයක් වෙනවා.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Back to Top

127. නමෝ බුද්ධාය – 2013.03.14