නමෝ බුද්ධාය...!

මහමෙව්නාවේ සෑ රජාණන් වහන්සේලා

පගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කුශිනාරා නුවර උපවර්තන සාලවනෝද්‍යානයේ යමා සල් රුක් අතර පිරිනිවන් පෑම පිණිස සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටිමින්, පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

‘‘චත්‌තාරොමෙ, ආනන්‌ද, ථූපාරහා. කතමෙ චත්‌තාරො? තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො, පච්‌චෙකසම්‌බුද්‌ධො ථූපාරහො, තථාගතස්‌ස සාවකො ථූපාරහො, රාජා චක්‌කවත්‌තී ථූපාරහොති”

“පින්වත් ආනන්ද, ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද..? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. තථාගත ශ්‍රාවකයන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. චක්‍රවර්තී රජු ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය.”

‘‘කිඤ්‌චානන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො? ‘අයං තස්‌ස භගවතො අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස ථූපො’ති, ආනන්‌ද, බහුජනා චිත්‌තං පසාදෙන්‌ති. තෙ තත්‌ථ චිත්‌තං පසාදෙත්‌වා කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජන්‌ති. ඉදං ඛො, ආනන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො.”

“පින්වත් ආනන්ද, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වන්නේ කවර අර්ථයක් නිසා ද..? මේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූපය යි කියා බොහෝ පිරිසක් සිත පහදවා ගනිති. එසේ තථාගත ස්ථූපයේ සිත පහදවා ගෙන කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයේ උපත ලබති. පින්වත් ආනන්ද මේ අර්ථය හේතු කොට ගෙන තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වෙයි.”

මහා පරිනිබ්බාන සූත්‍රය – දීඝ නිකාය

ථාගතයන් වහන්සේ ගේ මෙම සම්බුදු වදන අනුව යමින්, සැදැහැවතුන් බොහෝ පිරිසකට දැක බලා සිත පහදවා ගෙන අපමණ පින් ඵල නෙලා ගැනීම පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ ද, බුදු රජාණන් වහන්සේ ගේ ත් තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේලාගේත් ධාතුන් වහන්සේලා නිදන් කොට මහා ස්ථූප රාජයාණන් වහන්සේලා කිහිප නමක් ම තනවා තිබේ. ඉතා අසිරිමත් වූ මේ සෑ රජාණන් වහන්සේලා ගැන විස්තර ද සොඳුරු ඡායාරූප ද මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

සිරි ගෞතම ස්වර්ණමාලී මහා සෑය.

පිහිටා ඇති ස්ථානය:මහමෙව්නාව මහා විහාරය මාතර

මහමෙව්නාව භාවනා අසපුසංචිතයේ මුලින් ම ඉදිවූ සෑ රජුන් සිරි ගෞතම ස්වර්ණමාලී මහා සෑ රජුන් ය. අනුරපුර මහමෙව්නා උයනේ අසදිස ස්වර්ණමාලී මහා සෑ රජුන් ගේ අනුරුවක් ලෙස ඉදිවූ මෙම සෑ රජුන් තුළ තථාගත සම්බුදු රජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ද, තථාගත ශ්‍රාවක රහතන් වහන්සේලා ගේ ශාරීරීක ධාතූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ද තැන්පත් ව පවතී. එසේ ම ශ්‍රී මුඛ බුද්ධ දේශනා ඇතුළත් සටහන් කළ තඹ පත් ඉරුද තවත් නානා පූජා ද්‍රව්‍යයන් ද මේ උතුම් සෑ ගර්භයෙහි නිදන් කොට තිබේ. දිනපතා පින්වත් ස්වාමීන් වහන්සේලාගේත් සැදැහැවත් උපාසක උපාසිකාවන් ගේ ත් අපමණ ගෞරව බහුමානයට ලක්වෙමින්, මහමෙව්නාව මහා විහාර භූමිය ශෝභමාන කරවමින් මේ මහා සෑ රජුන් විරාජමානව වැඩ සිටී.

පින්තූර එකතුව


සිරි ගෞතම සම්බුදු මහා සෑය

පිහිටා ඇති ස්ථානය:මහමෙව්නාව භාවනා අසපුව, කුණ්ඩසාලේ.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ දෙවනුව ඉදිවූ සෑ රජුන් සිරි ගෞතම සම්බුදු මහා සෑය යි. සැදැහැවත් පින්වතුන් ගේ ධන පරිත්‍යාගයත් ශ්‍රමදායකත්වයත් හේතු කොටගෙන වසරක් වැනි ඉතා කෙටිකාලයක් තුළ නිමවා කොත් පැළඳවීම සිදු කිරීමට හැකි වීම අසිරිමත් කරුණකි. මෙම සෑරජුන් ගේ විශේෂත්වය නම් එහි ගර්භය තුළට පිවිසිය හැකි වන ආකාරයෙන් නිර්මාණය කර තිබීම ය. සෑ ගර්භයෙහි ඉතා මනරම් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇති සුවිසල් ධා කරඬුවක් ද තැන්පත් කොට තිබේ. දිනපතා අපමණ දෙව් මිනිසුන් ගේ වන්දනා මානයන්ට ලක් වෙමින් විරාජමානව වැඩ සිටින සිරි ගෞතම සම්බුදු මහා සෑය මුලු මහත් සෙංකඩගල පුරවරයට ම ආශිර්වාදයකි.

සිරි ගෞතම සම්බුදු මහා සෑය පින්තූර එකතුව


සිරි ගෞතම දම්සක් මහා සෑය

පිහිටා ඇති ස්ථානය:මහමෙව්නාව භාවනා අසපුව, පොල්ගහවෙල.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තෙවනුව ඉදිවූ සෑ රජුන් සිරි ගෞතම දම්සක් මහා සෑය යි. ශ්‍රීමත් සුගත තථාගත අප සම්මා සම්බුදුරජුන් මින් වසර දෙදහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දා ශ‍්‍රී සම්බුද්ධත්වයට පත් ව ඇසළ පුන් පොහෝදා දස දහසක් ලෝක ධාතූන් කම්පා කරවමින් ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කිරීමෙන් ආර්ය සංඝයා බිහි කොට ගෞතම බුදු සසුන දෙව් මිනිස් ලොවෙහි මැනැවින් ඉස්මතු කළ හෙයින් එයට උපහාර දක්වනු පිණිස මෙම සෑ රජුන් ඉදිකෙරිණි. මෙම සෑරජුන් ද ඉදිකොට ඇත්තේ එහි ගර්භය තුළට පිවිසිය හැකි වන ආකාරයෙන් ය. සෑ ගර්භයෙහි ඉතා මනරම් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටින අතර හතරැස් කොටුවේ සර්වඥ ධාතූන් වහන්සේලා ද රහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා ද තැන්පත් කොට තිබේ. මේ සෑරජුන් ගේ කොත් නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවතියේ 2011 ඇසළ පුන් පොහෝ දින යේ දී ය. (2011/07/14)

පින්තූර එකතුව
12 Comments
  1. සාදු…සාදු…සදු…නමෝ බුද්ධාය..!!!
    මේ ලිපිය කියවූ මොහොතේත් වැලිමඩ- ගොඩවෙල භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ස්තුප වහන්සේගේ පිළිසකර කටයුතු වලට දායක වෙන්න ලැබුන..ඒ සියලු පින් ඔබ අප හැම දෙනාටම නිවන් පිනිසමත් ඒ දක්වා දුක් දුරු වී යහපතම පිණිසත් හේතු වේවා..වාසනාම වේවා…තෙරුවන් සරණයි..!

  2. mage bagyawath samma sambudu rajanan wahansege uthum u nirmala u sri saddharmaya apata karunawen kiyadun apage pinwath loku swamin wahansata me gauthama budu sasunema uthum chathurarya sathyaya awabodha wewa.
    e wagema mahamevnawe siyalu pinwath swaminwahanselatath me gauthama budu sasunema uthum chathurarya sathyaya awabodha wewa!!!
    namo budhdhaya.

Page 2 of 2«12
Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.