නමෝ බුද්ධාය...!

මහා කරුණා පදනම

2011 ජනවාරි මස සොබාදහමේ රුදුරු සරදමට ලක් වූ අපේ මව්පියන්ට, සොයුරු-සොයුරියන්ට, දූ-දරුවන්ට සුවය සළසනු පිණිස මහමෙව්නාව භාවනා අසපුවෙන් සිදුකළ සමාජ සත්කාරයක, වාර්තා සටහන.

නමෝ බුද්ධාය !

බොහෝම පින්…! බොහෝමත්ම පින්…!

සැදැහැවත් පින්වත්නි,

මහමෙව්නාව භාවනා අසපුව කෙරෙහි විශ්වාසය තැබූ ඔබ ඉතාමත් කරුණාවෙන් අපගේම මිනිස් වර්ගයා අසරණ වූ මොහොතක කිසිදු වාද භේදයක් නොසලකා හුදෙක් මානව දයාවෙන් උපකාර කිරීමට අප අසපුව හා එක් වූ ඔබට බොහෝම පින්. බොහෝමත්ම පින්.

ඔබේ ආධාරය නිසාවෙන් ඔවුන් හට කිසියම් ශක්තියක් ලබාදෙන්නට අපට හැකිවිය. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ මහමෙව්නා අසපුවාසී අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, වෙහෙස මහන්සි වූ යොවුන් දූ දරුවන්ටත්, වැඩිහිටි පින්වතුන්ටත්, මිල මුදලින් මෙන්ම ද්‍රව්‍ය වලින් ද ආධාර කළ පින්වතුන්ටත්, මෙයට නන් අයුරින් උපකාර කළ සැමටත් බොහොම පින්. බොහෝමත්ම පින්. අප සියලූ දෙනාටම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ මග වඩන්නට මේ පිනත් උපකාර වේවා!

ඉදිරියේදී මහා කරුණා පදනමේ දැනට බැංකුවෙහි ඉතිරි වී ඇති අරමුදලින් කරනු ලබන ඉතිරි පිංකම් ද මේ අයුරින් දැනුම් දෙනු ලැබේ.

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.
2011.03.12

2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සැදැහැවතුන් අතරේ ත‍්‍රිපිටක පොත් වහන්සේලා සහ සදහම් ග‍්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙල – 1 වෙනි අදියර

2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන 2010 ජනවාරි මස 01 වෙනි දින සිට 2010 දෙසැම්බර් 31 දින දක්වා අතර කාලය තුළදී ක‍්‍රියාත්මක කරන ලද ත‍්‍රිපිටක පොත් වහන්සේලා සහ සදහම් ග‍්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් කරන්නට අපට හැකිවිය.

එහිදී දේශීය හා විදේශීය වශයෙන් පින්වතුන්ගෙන් රුපියල් දහතුන් ලක්ෂයකට අධික මුදලක් පොත් ලබාදීම සඳහා ලැබුණි. මෙසේ ලැබුණු දායකත්ව මුදල් මගින් ත‍්‍රිපිටක පොත් වහන්සේලා නවසියයකට ආසන්න ප‍්‍රමාණයක්ද, සදහම් පොත් හයදහස් පන්සියයක් පමණ ද පුස්තකාල සියයකට අධික ප‍්‍රමාණයක් අතරේ බෙදාදෙන්නට හැකි විය.

මෙසේ පොත් ලබාදෙන ලද පුස්තකාල අතර යුධ හමුදා හා පොලිස් ස්ථාන 47ක් ද, ප‍්‍රාදේශීය සභා යටතේ පාලනය වන මහජන පුස්තකාල 10 ක් ද, පාසල් හා විශ්වවිද්‍යාල 17 ක් ද, වෙනත් රාජ්‍ය ආයතනවල පුස්තකාල 07 ක් ද, විහාරස්ථාන 08 ක් ද, වෙනස් සදහම් පුස්තකාල 10 ක් විය.

මහමෙව්නාව භාවනා අසපුව මගින් 2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සදහම් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ පළමු අදියර 2010 වසරේ දී මේ අයුරින් අපමණ පින් ඵල නෙළා දෙමින් අවසන් වූ බව ඉතා සතුටින් යුතුව දැනුම් දෙමු. මෙයින් රැස් වූ සියලූ පින් සියලූ දෙනාම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

තෙරුවන් සරණයි!

2 Comments
  1. SAADU.. SADU… SAADUU.. NAMO BUDDHAYA!!!

  2. sadu!sadu!sadu!
    ma visin majjima nikayata ayath tripitaka poth wahansela 3 namak parithyaga kirimen res karagath pin mahatath mage gthin hatath ekanthayenma me gauthama buddasasanayedima uthum u chathurarya sathya awaboda weema pinisa dana paramithawakma wewa!!!

Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.