෴ 2012-10-12
෴ 2012-10-05
෴ 2012-10-01
෴ 2012-09-28
෴ 2012-09-25
෴ 2012-09-24
෴ 2012-09-22
෴ 2012-09-21
෴ 2012-09-20
෴ 2012-09-18
෴ 2012-09-16
෴ 2012-09-14
෴ 2012-09-13
෴ 2012-09-12
෴ 2012-09-08
෴ 2012-09-06
- Audio නමෝ බුද්ධාය සදහම් කතිකාවත – 32
- Audio නමෝ බුද්ධාය සදහම් කතිකාවත – 31
- Audio නමෝ බුද්ධාය සදහම් කතිකාවත – 30
- Video නමෝ බුද්ධාය – සජීවී සදහම් කතිකාවත 2012-08-30
- Video නමෝ බුද්ධාය – සජීවී සදහම් කතිකාවත 2012-08-23
෴ 2012-09-05
- Video නමෝ බුද්ධාය – සජීවී සදහම් කතිකාවත 2012-08-16
- Video නමෝ බුද්ධාය – සජීවී සදහම් කතිකාවත 2012-08-09
- Audio සූත්ර දේශනා – 56. දුතිය ධාරණ සූත්රය

මේ සසර මාවතේ
ඇවිද ගොස් බෝ දුර
සොයන්නට වෙර දැරුවේ
සැපයමයි හැම විටම…..
ඇසින් දකිනා රුවට,,,
වසගවී බොහෝ ලෙස
රැස්කළේ පවු මිසක්
පිනක්නම් නොවේ මා….
කනින් අසනා දෙයට
වශීවී අන්ද වී
සොයන්නට සැදුවේ ඒ
පවින් පිරි සැපයමයි…..
හමා එන සිල් සුවද
බැහැර වී කෙල පිඩක් සේ
විදින්නට සැරසුනේ
පවින් පිරි මිහිරමයි….
දිවෙන් විදිනා රසය
කයෙන් ලැබෙනා පහස
වශීවී සිතැගි මගේ
කලේ පවු කම් නොවේද….?
අනේ ඒ බුදුවදන්
දෙසලා හැම විටම
මගේ සිත සැනසුවේ
ඔබ නොවේද යලි යලිත්…..?
සිතාගන්නට බැරිව ලතවුණු
සොදුකින් පිරි නිසරු දිවියට
අවිදු අදුරේ එලිය විහිදු
මිනි කිරණ වූ ඔබ නොවේද…..?
මැලැවේනා මගේ සිත
අම වැසි වස්සවා
සෝ දුකින් එගොඩකළ
මගේ ගුරු සමිදුනේ…..
දැවෙන මේ ගිහි ගෙදර
දැනෙන මහ සෝ තැවුල්
සදහටම නිවන්නට
වරම් නැත මගේ පවට…..
මගේ ගුරු සමිදුනේ ,,,
මගේ ගුරු සමිදුනේ ,,,
බට පතුරු වනසනා
මහා ඇත් රජෙකු සේ
වනසන්ට ගිහි සෝක
දෙසනු මැන මුනි වදන්….
යලිත් ඒ කිසි දිනක
නොලබන්ට ගිහි සැපය
පතමි මා මියෙන තුරු
දරන්නට කසාවත ………..